දකුණු පළාතෙ කට්ටියක් කොළඹ නෑදෑ කෙනෙකුගෙ ගෙදරකට කෑමකට ආවලු.
ඔය අතරෙ හිටපු පුංචි ළමයෙක්ට, දවල්ට බාගෙට කාල සෙල්ලමට වැටිල හිටපු නිසා හවස් වෙනකොට තව පාරක් කෑම කන්න පුලුවන් තරමෙ බඩගින්නක් ඇවිල්ල,
ළමයින්ගෙ අම්ම හවස් වෙලා නිසා කෑම මේසෙ වහලද කියල දැනගන්න, ගෙදර කෙනෙකුගෙන් මෙහෙම අහනව.
ළමයගෙ අම්ම- "කෑම වහලෙයි"
නිවැසියා- "හපෝ පිස්සුද, අපි සතෙකුටවත් කෑම වහලෙට දාල කන්න දෙන්නෙ නෑ"
ළමයගෙ අම්ම- "නෑ... මං මේ ඇහුවෙ, කෑම වහ දාලෙයි"
නිවැසියා- මොනවද මේ අහන කතා.... කෑම වලට වහ දාල දෙන්න තරම් හතුරො මේ ගෙදර ඉන්නව කියල හිතුවද?
ලංකාවෙම ජනප්‍රිය වෙච්ච ෆිල්ම් එකක්ලු විජේ කුමාරණතුංග රගපාපු "මේ දෑස කුමටද" කියන ෆිලුම. ඕක ලංකාවෙම හෝල්වල පෙන්නනකොට සෙනග පෝලිමේලු. හව්ස් ෆුල් වෙනවලු. හැබැයි දකුණු පලාතේ පෙන්වනකොට සෙනග නෑලු. ටිකක් හොයලා බැලින්නම් මේකේ නම දකුණු පලාතේ අයට තේරුම් ගන්න බෑලු. අන්තිමට ඒ පැත්තේ පෙන්වනකොට නම "මේ දෑස මක්කටද" කියලා වෙනස් කරලා පෙන්නුවලු.
ethanath deshapalane
bit annoying when you are stalking me like this.