දකුණේ පහළවු දේවදත්ත

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
දකුණේ පහළවු දේවදත්ත


දකුණේ පහළවු දේවදත්ත

ඔහුගේ දේශනා කරන දහමට අනුව පන්සිල් ප්‍රතික්ෂේප කරනු ලබයි. පන්සිල් ගත යුත්තේ ජිවිතයේ එක් වරකි. ත්‍රිපිටකය කියා කියන්නේ කොළ තුනකටය. බෝධි වන්දනවා ඔහු ප්‍රතික්ෂේප කරන බව කියූ ඔහු වත්තේ තිබු බෝ ගසද කපා ඉවත් කල බව කියා..............................






දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් යයි හදුන්වා ගත පුද්ගලයා ගැන මුලින්ම හෙළිදරව් කරන ලද්දේ ගොසිප්9 විසිනි. ඉන් අනතුරුව අන්තර්ජාලයේ ඔහුගේ අකටයුතු වලට මහත් විරෝධයක් ගොඩ නැගුන අතර ඔහුගේ ෆේස්බුක් පිටුව ඉවත්කිරීමට තරම් එක්රැස් වූ ජන බලය ශක්තිමත් විය.

නමුත් කේ. ලාල් සිරිවර්ධන නම් තැනැත්තා ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුගේ අමුතු ධරමය දේශනා කිරීමේ ක්‍රියාවලිය නැවතුනේනම් නැත. කලකට ඉහතදී සිරිවර්ධන වැවිලි සමාගමක ලිපිකරුවෙකි. බිරිඳද ඔහු අතහැර ගොස් ඇති අතර අසාර්ථක පවුල් ජිවිතයක් ගත කල අයෙකි.


ටික කලකින් ඔහු ධර්ම දේශනා කටයුතු පටන් ගත අතර ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ බන දෙසුම් වලට පැමිණි ඔහු ස්වාධින රුපවාහිනියේ හා ටි.එන්.එල් රුපවාහිනියේ ධර්ම දේශකයෙකු ලෙස වැඩසටහන් වලට සහභාගී විය.


ධර්ම දේශනා කල ටික කලකින් පසු තමා මෛත්‍රිබුද්ධත්වයට පත්වී ඇති බව දේශනා වලින් කියන්න පටන් ගෙන ඇත.ඒ අනුව ඔහු වටා දෙස් විදෙස් ශ්‍රාවකයන් විශාල පිරිසක් එක්රැස් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ අනත්රජාල ප්‍රචාරණයද ආරම්භ වුනි.


අන්තර්ජාලයෙන් සිරිවර්ධන අතුගා දැමුවත් වදුරඹ ඔහුගේ මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියා පටිපාටිය විමසීම සඳහා ගොසිප්9 අප මෙයට මාස කිහිපයකට උඩදී වඳුරඹ සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්ථානය වෙත පියනැගුවෙමු.


මාධ්‍යය මගින් සිදු කල හෙලිදරව්වන් හේතුවෙන් ආගමික මධ්‍යස්ථානයේ ආරක්ෂාව තරකොට තිබුණි. කිසිදු බාහිර පුද්ගලයෙක් කැමරාවන් ජංගම දුරකථන සහිතව සිරිවර්ධන හමුවීමට නොහැකි බව අපට දැනගන්නට ලැබුණි.


ඒ අනුව වඳුරඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු අප සම්බන්ධ කරගත් අතර ඔහුගේ මාර්ගයෙන් අපට සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්ථානයට යාමට හැකි විය. ඔහුගේ ආගමික මධ්‍යස්ථානය පුරා තිබුනේ විශාල ගොඩනැගිලිය.එක් පසකින් තට්ටු පහක පමණ විශාල පුස්තකාලයක් ඉදිවෙමින් පවතී. තවත් පසකින් විශාල දාන ශාලාවකි.


siriwardhana-2.jpg

අප යනවිට කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශ වලින් බස් රථ පැමිණ තිබු අතර එම පිරිසට තුන්වේලට ආහාර සැපයීම එම දාන ශාලාව මගින් සිදු කරනු ලබයි. සිරිවර්ධන එම ප්‍රදේශයේ හදුන්වනු ලබන්නේ මහත්තයා යනුවෙනි. මහත්තයා සිටිනුයේ එම භුමියේ මුලින්ම ඉදිකළ බවට සැලකිය හැකි දිගු හැඩයේ ගෙයකය. අප එහි ගොඩ වන විට මහත්තයා නිදිය.


එම ගෘහය පුරා මැදිවියේ කාන්තාවන් විවිධ කාර්යන් හි නිරතවී සිටිනු දක්නට ලැබුණි.අප ගොස් ටික වෙලාවකින් මහත්තයා අප වෙත පැමිණි අතර ඔහු උස අසුනක ඉද ගත්තේය. අපට ඔහුට වඩා පහත් අසුනක සිටීමට සිදුවූ අතර ඔහු සාමන්‍යය බැනියමකුත් සරමකුත්
හැඳ සිටියේය.

siriwardhana-1.jpg
ඔහුගේ කතාව පටන් ගන්නවාත් සමග මැදිවියේ කාන්තාවන් ඔහු වටා රොක් විය. ඔහුගේ මුවින් ගිලිහෙන සෑම වදනක්ම ග්‍රහණය කිරීමට ඔවුන් අත ටේප් රෙකෝඩර් විය. එහිදී අප ඔහුගේ ධර්මය ගැන අසා මෙහි පැමිණි බවත් ඒ පිලිබඳ විස්තර කරන ලෙසත් අප ඉල්ලා සිටියෙමු. ඒ අනුව ඔහුගේ සුවිශේෂී ධර්මය ගැන පැයක් පමණ බන දේශනාවක් සිදු කරන ලදී.

ඔහුගේ දේශනා කරන දහමට අනුව පන්සිල් ප්‍රතික්ෂේප කරනු ලබයි. පන්සිල් ගත යුත්තේ ජිවිතයේ එක් වරකි. ත්‍රිපිටකය කියා කියන්නේ කොළ තුනකටය. බෝධි වන්දනවා ඔහු ප්‍රතික්ෂේප කරන බව කියූ ඔහු වත්තේ තිබු බෝ ගසද කපා ඉවත් කල බව කියා.


පුනුරුපත්තිය බුදු දහමට හින්දු අභාෂය ලැබීමෙන් පැමිණියක් බව කියන ඔහු නිර්මල බුදු දහමේ එය අඩංගු නොවන බව පවසයි.


ඔහුගේ දහමට අනුව අප ප්‍රධාන ලෝක තුනක ජිවත් වෙයි.එනම් අපගේ සැබෑ ස්වරුපය, අඩ නින්ද , ගැඹුරු නින්දයි, ඔහුගේ මුළු ධර්මයම පදනම් වන්නේ මේ මතයි.


ගැඹුරු නින්දේදී අපගේ කය තිබුනත් මනස ඉන් නිදහස් වන බව කියයි. එය නිවන බව සඳහන් කරන ඔහු ඕනෑම පුද්ගලයෙකුට තම ජිවිත කාලය තුල නිවන් දැකිය හැකි බව පවසයි. එම සාකච්චාව තුලදී අප ඔහුගෙන් මෛත්‍රි බුදුන් ඔබ
ද යන්න විමසුවත් ඔහු කියා සිටියේ තමා මෛත්‍රි බුදුන් නොවන බවයි.ඒ වෙනුවට තමාගේ ගෝලබාලයන් (තිස්ස සේනානායක සහ වෙනත් අය) ලියු පොත්පත් අප වෙත ගෙනත් පෙන්විය.

එම පොතේ විශේෂ ස්තුතිය පුදකොට තිබුනේ මෛත්‍රි බුදුන් වෙතය. ඒ මහත්තයා නොහොත් සිරිවර්ධනටය.


siriwardhana-welgama.jpg

ඔහුගේ ධර්මය ශ්‍රවනය කල අපට හැඟී ගිය කරුණක් වුයේ ඔහු බුදු දහමට විකෘති කොට ඔහුගේ අදහස් ඇතිව දහමක් නිර්මාණය කොට ඇති බවයි. මෙම දහමේ එන සැම කරුණක්ම එකිනිකට සම්බන්ධ වන අයුරින් නිර්මාණය කිරීමට තරම් මහත්තයා දක්ෂ වී ඇත. ඒ හේතුවෙන් දෙස් විදෙස් ශ්‍රාවකයන් තමා වෙත වශී කරගෙන සිටීමට මහත්තයා සමත් වී සිටියි.

වඳුරඹ මහත්තයාට එරෙහිව පළමු වෙඩි මුරය පසුගිය 24 වනදා වන්දුරමබ්දී බොදු ජය සේනා සංවිධානය විසින් එල්ල කරනු ලැබිය. ඔහුට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයට විශාල පිරිසක් පැමිණි සිටි අතර ඒ අතර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පුජ්‍යය කිරම විමලජෝති හිමියන්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ ඇත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මෙයට සහභාගී වී සිටියහ.


කලින්ම තමාට එරෙහිව විරෝධත්වයක් පවත්වන බව දැනගත් මහත්තයා තම අනුගාමිකයන් විශාල පිරිසක් ඔහුගේ මධ්‍යස්ථානයට ගෙන්වාගෙන බලෙන් රඳවාගෙන ඇත, තවද ඔතුත්තුකරුවන් කිහිපදෙනෙකු ජංගම දුරකථන සහිතව ඔහු යෙදවූයේ එහි සිදුවන දෑ පිලිබඳ දැන් ගැනීමටය.


නමුත් එහි සිටි පිරිසට ඔත්තුකරුවන් හසුවීමත් සමග ගැටුම ආරම්භ වූ අතර වඳුරඹ පුංචි යුධ පිටියක් බවට පත්විය.අවසානයේ ගැටුම සමතයකට පත් කෙරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද සිදුවිය.


රාත්‍රී හතට පටන් ගත ගැටුම රාත්‍රී 10 පමණ වන විට අවසන් වූ අතර මහත්තයා කෙටිකලකට මධ්‍යස්ථානයෙන් අතුරුදන්වී ඇත.

පහතින් අප ඔබට පෙන්වන්යේ මහත්තයා දඹුල්ලේදී පෑ ප්‍රාතිහාර්යයකි. අහිංසක මිනිසුන් මෙවන් ප්‍රාතිහාර්ය හිස් මුදුනින් පිළිගන්න අතර හිරුගේ වටා ඇති රැස්වළල්ල සිරිවර්ධන මැවූ එකක බව විශ්වාස කරති.


මෙම රැස්වළල්ල "Solar Halo " යන ස්වභාවික තත්වය බව ඔවුන් දන්නේ නැත.

phoca_thumb_l_8.jpg

phoca_thumb_l_3.jpg

phoca_thumb_l_5.jpg


phoca_thumb_l_6.jpg


phoca_thumb_l_10.jpg



Video(s)


-gossip 9
 

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම දන්නෙ නෑ මේ වගේ දේවල් වලට විරුද්දව නීතිමය ක්‍රියා මාර්ග ගන්න බුද්ධ ශාසන පනතෙ මුකුත් නැද්ද කියල.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ වගේ හරක්ද බන් දකුණේ ඉන්නේ. ඇයි දකුණේ ඉන්න මෝඩ යක්කු මූව ගහලා එළවන්නේ නැත්තේ?
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Pala modayo ka gahanne nathiwa dakune koheda modayo inne oya kalakanni balla lagata hama thaninma modayo enawa.nikan ka ganna epa uba monawada dakune un gana danne ,kohoma hari meka share karapu eka hodai.oya wage modayo koheth innawa .api nam oya waduraba kiyana pattha gana danneth na kohomahari e village eke minissu hena gemak dila thinawa muwa ela wanna dan thamai media wala yanne.
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මේවගේ මානසික විකුර්තිතා ඇති මිනිස්සු කොයි ප්‍රදේශයකින් කොයි කාලෙක වුනත් බිහිවෙන්න පුළුවන්....
    බෞද්ධයන් හැටියට අවදියෙන් සිටිම තමයි වැදගත්...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේවගේ මානසික විකුර්තිතා ඇති මිනිස්සු කොයි ප්‍රදේශයකින් කොයි කාලෙක වුනත් බිහිවෙන්න පුළුවන්....
    බෞද්ධයන් හැටියට අවදියෙන් සිටිම තමයි වැදගත්...
    මේවා මානසික විකෘති නෙමෙයි.
    පැහදිලිවම නමට පමණක් බෞද්ධ මෝඩ මිනිස්සුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන පිරිසිදු බුදු දහම විනාශ කිරීමට ගන්නා උත්සාහයක්.
    මූට තට්ටු 5 බිල්ඩින්ග් ගහන්න තරම් සල්ලියක් තියෙන්න විදිහක් නෑ.
    දෙස් විදෙශ් කුමන්ත්‍රණ කාරීන්ගේ උදවුත් මේකේ පිටිපස්සේ තියෙනවා:yes::yes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව්. :yes:
    දමිත් කාරියවසම් කියන්නෙත් මේ කුමන්ත්‍රණ ව්ල එක ඉත්තෙකුටයි. මේ ගැන මම thread දාලා ඇති ඒවා බලන්න. මේ ඉත්තෝ හසුරුවන්නේ කවුද කියලා ඒවායින් දැනගන්න පුලුවන්.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ මොන හාල්පාරුවෙක්ද බන්...මුන්ට ගල් ගහල මරන්න ඕන...
    ඇයි බන් මේ අපේ මිනිස්සු මෙච්චර මෝඩ...මිනිස්සු සිහිබුද්දියෙන් වැඩ කරනවා නම් මේ වගේ පිස්සු කාලකන්නි නිකන්ම නැති වෙලා යනවනේ ...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කව්ද මුට sponser කරලා තියෙන්නේ බරගානක් වියදම් කරගෙන මෙ වගේ බොරුවක් කරන්නේ කොහොමද
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිනිස්සු දුෂ්කර දේවල් වලට, කරන්න අමාරු ඒකාකාරි ලොකු වෙහෙසක් ගන්න ඕන, දුකක් අපහසුවක් දැනෙන දේවල් වලට කැමති නෑ. තමන්ගේ ජීවිතේ ආතල් එකක් කරගන්න, කරන්න පුලුවන් හැම වල් වැඩක්ම කරන්න උපදෙස් දෙන ධර්මයන් හා ආගම් වලට වැඩි වැඩියෙන් ම්නිස්සු ඇදිලා එනවා. බුද්ධියෙන් හිතන්න බැරි අයට ඔය වගේ ආගම් මැජික් වගේ තමයි. සත්‍යයක් තියෙන නමුත් පිළිපදින්න අමාරු වගේම ලොකු විනයක් තියෙන්න ඕන බුදුදහම වගේ දර්ශනයන්ගෙන් ඈත් වෙලා මෙහෙම දෙකයි පනහේ එකෙක් කියන ඕනම බොරුවක් ඇත්තක් වගේ පිළිගන්නත් මිනිස්සු සූදානම්
     

    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    Machanla , matanam mewa dakiddi mara dukaka eti wenawaban. api jatiyak hetiyata pirihenawada kiyala. Budda dharmaya yanu. Buddimath ayage darshanayak, olamottala yan eke watina kama danne ne..

    Issara raja kale nam Buddudahamata Rajjya anugrahaya tibuna, rajawaru diwihimihen eka rekagena rate janathawata adarshamath widiyata rata kara....

    MATA HITENAWA DHARMA SANGAYANAWAK TIYANNA ONA KALE EWILLA TIENNE DEN..




    sorry machanla mata sinhala type karanna beri unata...
     
    • Like
    Reactions: conqureshadow