දකුණේ භාෂාව කියවලා දැනගන්න..!

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    ඇහැකි - පුළුවන්
    මායම- තැවරී ඇති ස්වල්පය
    තැරවෙනවා- ගෑවෙනවා
    ඩිංගිත්ත- ස්වල්පය
    හින්නික්කිතර - චුට්ටක්
    හිච්චිකිතර - මදක්
    හීන් - පොඩි / පුංචි
    හිච්චි - මද, මධ්‍යම
    මහවට - ලොකුවට
    ඩිංගක් - ටිකක්
    පොඩිත්ත - ⁣පොඩ්ඩක්
    ඇහිරෙනවා - රැස්වෙනවා
    අනේ කවුද්දං - අනේ මන්ද
    ඔහේ/ ඔයැයි - ඔයා
    මෙයැයි - මෙයා
    ඇතෙයි - ඇතිද
    දෑවා - දැම්මා
    පුංචෑයො - පොඩි ළමයි
    මහගෙ - හාමිනේ
    හින්නා - කුඩා කූඹියා
    කඩියා - විශාල කූඹියා
    අපදං කොරනවා -අපතේ හරිනවා
    සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ
    මක්කයි - මොනවද
    මක්කටෙයි - මොනවටද
    මොටෝ? - මොකටද
    මක්ක? - මොකක් ?
    මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක්
    මහන්තත්තෙ - ආඩම්බර කම
    පොළොත්ත - පොල් කටුව
    යතුරු කටුව - හැට්ට කටුව
    අඹවනවා - එළවනවා
    වෑංජන - එළවළු කරි
    වතු මොයිය- කෙසෙල් මුව
    මාළු - පිහිනා යන මාළු , fish 😂
    කරිජ්ජ - කරදිය
    මිරිජ්ජ - මිරිදිය
    තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
    හිරේ - කසාදෙ
    පිත්තම - රහසඟ #@%$&
    බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය
    ගාය- වේදනාව/ අමාරුව
    ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න
    මූට්ටු කරනවා - පූට්ටු කරනවා
    අහිනවා - රහිනවා
    ලොවනවා - ලෙවකනවා
    ආත්තා - ආච්චි
    ජූල් - දිවුල්
    පත්තක්කා - කොමඩු
    ගොබලු - කුරුම්බැට්ටි
    වෑවර - කුරුම්බා
    තිත්ත ගෙබලි - ඉතා ළපටි
    නෙට්ටිය - වලිගය
    පාඩ - වයිරම්
    රෑණ - කඹය
    කරෝල - කරවල
    ⁣කොයිබෙයි - කොතනද
    සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ
    ලතෝනි දෙනවා - විලාප දෙනවා
    හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ..
    කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්‍රත්‍ය ප්‍රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ..
    නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්‍රත්‍ය "නොවැ" යන ප්‍රත්‍ය වෙනුවට යෙදේ..

    තව තියේ...පස්සෙ දාන්නම්...

    දකුණේ භාෂාව ප්‍රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්‍රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..
    මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය..

    වැරදි තියෙනවා නම් හදන්න...
    අඩුපාඩු ඇත්නම් පෙන්වන්න...
    ඔයාල දන්න ඒවත් කියන්න..
    (ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..)

    උපුටා ගැනීමක් (thilanka)
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හත්වලාමේ! ඔහේ දැක්කේ නැතෙයි මේක කලින් දාලා තියනවා?

    කාරි නෑ කාරි නෑ. TFS Bro :)
     
    • Like
    Reactions: NRTG and Cenon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    මේක කියවල කවුරුහරි එකෙක් ගොන් ආතල් ගන්නවා නම් උට කියන්න තියන්නේ පොඩ්ඩක් ලෝකේ දිහා ඇස් ඇරලා බලපල්ලා ළිං ගෙම්බෝ වගේ ඉන්නේ නැතුව. ලෝකේ ඕනෑම භාෂාවක රටේ ප්‍රදේශ අනුව ව්‍යවහාරයේ/ වරනගිමේ/වචන වල/ භාවිතාවේ වෙනස්කම් තිබීම සාමාන්‍ය දෙයක්. උදාහරණ ලෙස ජපන් භාෂාව තුල පළාත් අනුව විශාල විවිදත්වයක් තියනව. ජර්මන් භාෂාවේත් එහෙමයි. තව රුසියන්, චීන භාෂාවලත් මෙම විවිධත්වය පැහැදිලිව තියනව. නමුත් ඔවුන් සියලු දෙනා තම භාෂාවේ පවතින මෙම සජීවී බව (මැරුණ භාෂාවක් නොවීම) අරුමයක් ලෙස දකින්නේ නෑ. මේක මැජික් එකක් විදියට පේන්නේ එක භාෂාවක් වත් හරියට නොදන්නා එකාටයි.
     
    • Like
    Reactions: NRTG and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    මේක කියවල කවුරුහරි එකෙක් ගොන් ආතල් ගන්නවා නම් උට කියන්න තියන්නේ පොඩ්ඩක් ලෝකේ දිහා ඇස් ඇරලා බලපල්ලා ළිං ගෙම්බෝ වගේ ඉන්නේ නැතුව. ලෝකේ ඕනෑම භාෂාවක රටේ ප්‍රදේශ අනුව ව්‍යවහාරයේ/ වරනගිමේ/වචන වල/ භාවිතාවේ වෙනස්කම් තිබීම සාමාන්‍ය දෙයක්. උදාහරණ ලෙස ජපන් භාෂාව තුල පළාත් අනුව විශාල විවිදත්වයක් තියනව. ජර්මන් භාෂාවේත් එහෙමයි. තව රුසියන්, චීන භාෂාවලත් මෙම විවිධත්වය පැහැදිලිව තියනව. නමුත් ඔවුන් සියලු දෙනා තම භාෂාවේ පවතින මෙම සජීවී බව (මැරුණ භාෂාවක් නොවීම) අරුමයක් ලෙස දකින්නේ නෑ. මේක මැජික් එකක් විදියට පේන්නේ එක භාෂාවක් වත් හරියට නොදන්නා එකාටයි.
    well said
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    ඇයි ඔය අනුරාධපුරේන උඩ පැත්තට වෙන්න අයත් පොඩ්ඩක් ඇදලා වගේ අමුතු විදිහට කතා කරන්නේ
    ow nuwara e tat wenas, karanDa KanDa bonDa kiyanne kandy un
     
    • Love
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,008
    113
    @ගෙදර
    ah-shit-here-we-go-again-ah-shit.gif
     
    • Haha
    Reactions: Cypress and Cenon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මාතර වරුණාව
    මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා
    වල්ල සුදුයි පොල්ල කොටයි ගෝමර කැටියා
    ගඟ හැමතැනම රීගෙන දඟළන කැරියා
    අම් ..වුණත් හු....මාතර ඉන්නා http