දඩයං පංති ගිය හැටි.....

දඩයං පංති ගිය හැටි.....

" මටනං මේ මැමත් හම ආයෙ පොරවන්න බෑ..... ඒකෙ ලොම් ටිකත් හැලිලා ගිහින්. තාත්තෙ... මට අලුත් මැමත් හමක් ඕනෙ ......"
උදේ පාන්දර අපේ බාලම වානර මල්ලිගෙ සුමධුර හඬින් ඇහෙන කච කචේ පටන් ගත්තා..... ලෙනට ඉර එළිය වැටිලවත් නෑ... පොඩිම එකා වුණාට උගෙන් තියෙන්නෙ අනිත් උන් අට දෙනාගෙන්ම නැති විදියෙ අස්ප කරදරයක්. වෙලාවකට හිතෙනවා ඌව ටීරෙක්ස් කෙනෙක්ගෙ දවල් කෑමක් වෙනුවන් පරිත්‍යාග කරලා දාන්න. කන්න මදිනං අතුරුපසට හරි ගන්නෙ නැතැයි. ඒත් අපරාදෙනෙ නිකන් දෙන්නෙ....
ඇඬියාව ඉවසන්න බැරුව මම මගේ පූජනීය අති උතුම් නින්ද පැත්තකින් තියලා අම්මා මොකද කරන්නෙ බලන්න කුස්සිලෙන පැත්තට ගියා. හම්මේ සුවඳ..... එයා අයිනිසෝර බිත්තරයක් ඔම්ලට් දානවා. මගෙ ආසම කෑමක්... ලේසියකට කන්න හම්බෙන්න නෑ. පෙරේදා තාත්තා 'පැන්ජියා සුපර්' එකට ගිය වෙලාවෙ අලුතින්ම හදපු තිරිවානා ගල් හෙල්ල දෙකකට හුවමාරුවක් කරලා තමයි ඔය බිත්තරේ අරන් ආවෙ. බිත්තරේ දකිද්දිම අම්මා බෙරිහන්දෙන්න පටන් ගත්තා ගල් හෙල්ල දෙකට ඒක බොහොම පාඩුයි කියලා. හැබයි කතාව ඇත්ත. තාත්තා තරම් හොඳට තිරිවානා ගල් හෙල්ල හදන්න පුළුවන් මානවයෙක් මේ හෝමෝ හැබිලිස් සංහතියටම හිටියෙ නෑ... ඉතිං එහෙව් එකේ කොහෙවත් තිබ්බ ලදරං බිත්තරේකට හෙල්ල දෙකක්ම දුන්න එක පාඩුයි.
තාත්තට හොඳට හෙල්ල හදන්න පුළුවං වගේම දඩයමටත් ඉතිං රුසියා. ඒත් කොහෙන්දෝ ආපු කරුමක්කාරකමකට එකොළහක් හිටපු අපේ කුටුම්බෙ වැඩිමාල්ම වානර ගැටයා විදියට බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරපු මටනං ඔය දඩයම කියන්නෙ සෙට් වෙන්නෙම නැති සබ්ජෙක්ට් එකක්. ඉපදිලා හිම වැටෙන කාල අටක් විතර පහු වෙනකන් ඉතිං අහිංසක මං දරුවා බොහොම සතුටුදායක ජීවිතයක් තමා ගත කළේ. ඒ කාලෙ ඉතිං මැමත් මස් කෑල්ලක් කාලා , ලෙන් බිත්තියෙ මොනවා හරි බලි රූපයක් ඇඳලා , පරණ ඇටකටු කෑලි දෙකකින් මොකේට හරි තල තල සිංදුවක් කියනවා ඇරෙන්න වෙන සංකීර්ණ පස්න තිබ්බෙම නෑ ජීවිතේ.
හදිස්සියෙම එක දවසක් තාත්තා ඇවිත් කිව්වා, " රැයවල් හතෙන් දඩයම උගන්වන පංතියක් තියේ පාසානදාස මානවයගෙ ලෙනේ. ආං ඒකට යන්න ලෑස්ති වෙයං.." කියලා.
පාසානදාසයගෙ නෙවේ උන්ගෙ ලොකු අප්පගෙ පංතියට ගියත් මටනං දඩයං කරන හැටි උගන්වන්න වෙන්නෙ නෑ කියලා තාත්තා හොඳාකාරවම දැනගෙනත් එකපාරටම එහෙම කුප්ප විදියෙ අදහසක් ආවෙ ඇයි කියලා මගෙ මේ ඔලුකට්ට අස්සෙ නානාප්පර පස්න මතුවෙන්න පටන් ගත්තා.
" ඕවට ගෙවන්නෙ කොහොමද...? " තාත්තා කරන්න ලෑස්තිවෙන ඔලමොට්ටල වැඩේ තේරුමක් නැති වග දන්න නිසා වෙන්න ඇති අම්මා එහෙම හරස් පස්නයක් ඇහුවෙ.
" පාසානදාසයා කාලෙකට කලින් මගෙන් අත් පොරවකුයි හොද වර්ගෙන් මුගුරකුයි හදවගත්තා. ඒකෙ ණය හිලව් කර ගන්න ඕනෙ. "කාරණේ මට හොඳට වැටහුණා. තාත්තට තියෙන්නෙ මට දඩයම පුරුදු කරන්න තරම් උණක් නෙවෙයි. පාසානදාසයගෙ ණය කොහොමින් හරි හිලව් කරගන්නයි ඕනෙ.
" පංතියෙ අවසානෙටම උඩින් යන ප්ටෙරෝසෝර් සතෙක් පදින හැටිත් පුරුදු කරනවලු. " තාත්තා එක එක විදියෙ සූත්තර දැම්මා මාව කැමති කරවා ගන්න. ඒත් මටනං ගානක්වත් තිබ්බෙ නෑ......
කොහොම හරි අන්තිමට බෑ කියන්න බැරි කමට මං පංතියට යන්න කැමති වුණා. එදා ඉඳලා රෑ හතක් යනකන් ගත වුණේ මගෙ ජීවිතේ අඳුරුම පරිච්ඡේදය කිව්වොත් කවුරුවත් මං වැරදී කියන එකක් නෑ.... මං හිතුවෙවත් නැති විදියෙ පාඩම් තිබ්බෙ. මුලින්ම තිබ්බ ඒවා එච්චර අමාරු නෑ... මම ලොකුවට වැඩේ වන කර ගත්තෙත් නෑ... මුලින්ම අපිට සත්තු දඩයං කරන හැටි ඉගැන්නුවෙ නෑ.. බිත්තර හොරකං කරන හැටි තමා කියලා දුන්නෙ. පාඩමෙන් පස්සෙ ප්‍රායෝගික පරීක්ෂනේකට අපිව දෙන්නා දෙන්නා කණ්ඩායම් බෙදුවා. මාත් එක්ක වැටුනෙ ඊප් කියලා නස්ප දඩබ්බර කෙල්ලෙක්. ඒකි බිත්තරේ හොරකං කරගෙන එනකං මං ගල්කුලකට හැංගිලා බලං හිටියා. ඊට පස්සෙ බොහොම මහන්සි පාටට දෙන්නම එකතු වෙලා ඒක උස්සං පාසානදාසයා ගාවට ගිහින් ලකුණු දා ගත්තා. අපිට දුන්නෙ දහයෙන් අටයි. මුලින් දහයෙන් දහයම දාලා එක පාරටම අතුරු පස්නයක් ඇහුවා.
" මේ බිත්තරේ මොන සතෙක්ගෙන්ද හොරකං කළේ.... ? "
අපි දෙන්නා තරම්වත් උස නැති , පිහාටු තියෙන පුංචි ඩයිනෝසරයෙක්ගෙන් කිව්වොත් ලකුණු අඩු වෙයි. අනික අපේ තත්වෙටත් හොඳ නෑ.
" මැමත් කෙනෙක්ගෙන් තමයි මේක හොරකං කළේ...." මං අහු නොවෙන විදියට බොහොම උජාරුවට කිව්වා. ඊප් ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බලං හිටියා. පොඩි සතාගෙ බිත්තරේ මැමත් කෙනෙක්ගෙ එකක් කියලා අහු නොවෙන විදියට කියපු එකට ඊප් පුදුම වෙලා වෙන්නැති එහෙම බැලුවෙ. ඒ වුණාට පාසානදාසයා දීලා තිබ්බ ලකුණු දහයෙන් දෙකක් කපලා ආයෙ අට දැම්මා.... මං ඊට සෑහෙන කාලෙකට පස්සෙ තමයි දැන ගත්තෙ මැමත්ලා බිත්තර දාන්නෙ නෑ කියලා.
තුන්වෙනි දවසෙ මට මතකයි අපිට දුන්නා තව අභියෝගයක්. මහ විකාර සත්තු ජාතියක් හිටියා. පාසානදාසයා උන්ට කිව්වෙ ගස් මීයො කියලා. මං දන් නෑ මොන ලෝකෙන් ආවද කියලා උංවනම් අල්ලනවා තියා හිතන්නවත් බෑ....අවාසනාවකටද කොහෙද එදා ඉර බහින්න කලින් උන්ගෙන් එකෙක් අල්ලන් එන්න ඕනෙ කියලා තමයි අපිට නියම වෙලා තිබ්බෙ. මං ඉතිං එහෙට මෙහෙට දුව දුව රට පෙරලන් ගස් මීයො අල්ලන්න හැදුවා. වැඩේ හරි ගියෙ නෑ..... ලකුණු විස්සක්...එහෙම ලේසියෙන් අතෑරලා දාන්න බෑනෙ. මං ඉතිං මේ කට්ට කෛරාටික මොළේ පොඩ්ඩක් ඇහැරවලා උපායක් කල්පනා කළා. හොඳ හයිය කොටයක් හොයාගෙන කපොල්ලක් උඩට වෙලා බලාගෙන හිටියා එතනින් ගස්මීයෙක් යනකන්. උගෙ ඇඟට කොටේ පෙරලලා මරා ගන්න පුළුවන්නෙ.
ඉර බහින්න බොහොම ළඟයි. ඒත් එක ගස්මීයෙක් ගියෙ නෑ කපොල්ල හරහා.... මං මානසිකව බොහොම පහළට වැටිලා හිටියෙ. එක් පාරටම ඈතින් කවුදෝ මංදා වානරයෙක් ගස් මීයො දෙන්නෙක්ම කරේ තියාගෙන කපොල්ල පැත්තට එනවා පෙනුනා. ගිරිකුලසෝමෙගෙ දොළොස්වෙනි වානර ගැටයා. දැන් ඉතින් එකම එක දෙයයි තියෙන්නෙ කරන්න. ඌ එනකන් ඉඳලා මං කොටේ පෙරළුවා යට වෙලාම යන්න. ඔලු කට්ට පොඩිවෙලා මලේ ඌ. වැඩිය වේදනාවක් දැනෙන්න නැතුව ඇති කියලා මං මගෙ අහිංසක හිත හදා ගත්තා. අනික ගිරිකුලසෝමෙට තව ඕනෙ තරං ගැටව් හිටියා. එකෙක් නැති වුණා කියලා ඕක මතක හිටින්නෙ නැති වෙයිනෙ. උගෙ ගස් මීයො දෙන්නත් අරගෙන මං පාසානදාසයා ළඟට ගියා. වානරයා සෑහෙන්න පුදුම වුණා ඒක දැකලා. මං දැක්කා එකෙක් ලොකු ගෑණු මැමත් කෙනෙක් පණපිටින් උස්සන් ඇවිත් තිබ්බා. ඇහුවමනං කිව්වෙ ඒ ගස් මීයෙක් කියලා හිතං ඉන්න මැමත් සතෙක්ලු. උංට පිස්සුද එක්කො මට පිස්සුද දන් නෑ......
අන්තිම දවස් ටිකේ අපිට තිබ්බෙ ප්ටෙරෝසෝර් පිටේ යන එක පුරුදු වෙන්න. හොදට තියෙන අතපය ටික කඩාගන්න වැඩක්. අනික ඔය සතාගෙ එක නියපොතු පාරකින් වානරයෙක්ගෙ ඇඟ දෙකඩ වෙලා යනවා කියන එක මහ ලොකු දෙයක් නෙවේ. හැබයි ඉතිං ගේමක් ගහලා වැඩේ පුරුදු වුනොත්නං ගොඩ. හවසට කඩේ යද්දි වුණත් උගෙ පිටේ ගිහින් එන්න පුළුවන්නෙ. මහ ලොකු වියදමක් යන්නෙත් නෑ නඩත්තුවට. ඌම උගෙ කෑම හොයා ගන්නවනෙ. මාත් ඉතිං පොඩි පරිශ්‍රමයක් දරලා බලන්න හිතුවා. ප්ටෙරෝසෝර් සත්තු කඳු මුදුන්වල බිත්තර දාන්නෙ...හප්පේ එච්චර උසකට මොකට යනවද මංදා.... උන්ගෙ බිත්තර ඒ තරම් වටිනවද කියලා හිතෙනවා වෙලාවකට. පිටේ යන්න සතෙක් තෝරා ගන්නකොට සෑහෙන්න දේවල් හිතලා බලන්න ඕනෙ. අපේ බරට ඔරොත්තු දෙනවද, සතාගෙ වයස කොහොමද, ගැහැණුද පිරිමිද..... එකී මෙකී නොකී දාහක් තරම් දේවල් බලල තමයි සතා තෝරගන්න ඕනෙ. සාමාන්‍යයෙන් පැටියෙක් බිත්තරෙන් එලියට ඇවිත් සති දෙකෙන් වගේ ලොකු සත්තු උන්ව තනිකරලා යනවා. අන්න ඒ කාලෙට තමයි අපි පැටියෙක්ව අල්ලා ගන්න ඕනෙ කියලා පාසානදාසයා කියලා දුන්නෙ.
අනේ ඉතිං අපිව පිටත් කරලා යැව්වා ප්ටෙරෝසෝර් පැටියෙක් අල්ලන් එන්න කියලා. හැංගිලා ඉඳලා ඇඟ උඩට පැනලා තමයි පැටියව අල්ලා ගන්න ඕනෙ. උඩක ඉඳන් පැන්නම අපේ බරට ඌට මෙල්ල කර ගන්න බැරි වෙනවා. පැයක් වගේ පිට උඩ හිටියම ඌට ඒක හුරු වෙනවලු. ඔහොමයි පාසානදාසයා කිව්වෙ. වානරයො ටික ඉතිං හොරෙන් හැංගිලා ඉඳලා එක එකා ප්ටෙරෝසෝර් පැටවුන්ගෙ කොන්ද උඩට පැනලා මෙල්ල කරන්න ලෝකෙ නැති යුද්ධයක් කළා. මං අනිත් උන් කරනකන් හොරෙන් බලන් හිටියා. එකෙක් හරි සතෙක්ගෙ පිටෙන් බිමට වැටෙනකන් හිටියෙ. ඒත් එහෙම වුණේ නෑ.. තත්වය ශෝචනීයයි. මං බලාපොරොත්තු වුණ විදියෙ දෙයක් වුණේ නෑ..... කරන්නම දෙයක් නැතිකොට මං ඉතිං තව සතෙක් හොයාගෙන පිට උඩට පනින්න තීරණේ කළා.
ගහකට වහං වෙලා හිටි සතෙක්ව තෝරගෙන මං ඉතිං හීං සීරුවෙ ගිහින් උට ළං වුණා. ඇඟ උඩට පනින්න හදනකොටම කොහෙන්දෝ ආපු පාපතර සිතුවිල්ලක් හින්දා ඒකා එතනින් ඉගිලිලා ගියා. මං ඉතින් එතකොට උඩ ඉඳලා පැනලා ඉවරයි. රෑ තුනක් යනකං කකුල් දෙක කෙලින් කරන් නැගිටින්න බැරි වුණා... උඩ ඉඳන් කෙලින්ම මාව පතබෑවුණේ කළුගලක් උඩට. ඒ හින්දා සිද්ධවුණ අලාභානිය වැඩී. අන්තිමට කොහොමින් කොහොම හරි පාසානදාසයගෙ ණය හිලව් කරන්න ගිහින් තාත්තට තව තිරිවානා හෙල්ල දෙකක විතර වියදමක් දරන්න වුණා. එදා ඉඳං ඉතිං ඔය දඩයං කෙලියට මට කතා නොකර ඉන්නවායි කියලා අපේ තාත්තා හිතිං හිතාගෙන තිබ්බා.
කකුල් දෙක කැඩිලා ලෙනටම වෙලා එකතැන ඉන්න අතරෙදි අපේ මුළු වානර සංහතියෙම කතාව කණපිට ගහන විදියෙ සොයගැනීමක් කරලා තිබ්බ එක වානරයෙක්. ඒ කතාව ඉතිං ආයෙ වෙලාවක කියන්නං... දැං කම්මැලී.....
------ ශැගී ------
උපුටා ගනීම Link
අවුරුදු මිලියන 66කට කලින් කියල හිතාගෙන හැසිරෙන්න..............