අප්පච්චියේ... කියල වැඩක් නේ. පට්ටම තමයි.
මචන්, චරිත තුනක් ඉස්සර වෙලාම ගියේ මම 8 වසර ඉන්න කාලේ. ඊට කලින් නවකතාව කියවල තිබුන. කොහොම උනත් නවකතාවේ චරිතත් එක්ක ජීවත් වෙන්න මේ ටෙලිය ගොඩාක් උදවු උනා. ඒ කියන්නනේ මට චරිත තුනක් කියන එක අගට වැදුන. එකේ ගැමි සුවද, විදින්න පුළුවන් උනා. මගේම වෙලාවට O/L වලටත් දෙයියනේ කියල විචාරයක් ලියන්න ආවා. ගොඩේ ගොඩ.
මේ ලගදි, මගේ බොස් ගේ පුතාට ගෙදරට ඇවිත් ටියුෂන් දෙන සර්, ඌට උගන්නනවා "චරිත තුනක්" ගැන. ඌට අන්‍ය කොරොස්, හොදටම ෂුවර් පොරට මලෝ දෙයක් තේරුනේ නෑ කියල. මට ඇත්තටම හිනා. එත් දුකයි, අද කාලේ මල්ලිලා ගැන. ඒ වගේම අද හැදෙන ටෙලි drama ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි...