ඔය කතාව කියන්නේ ඉන්දියානු සාහිත්‍යනේ. ඔවුන් ඔවුන්ගේ රාම කුමරා උසස් කරලා පෙන්වන අදහසින් වෙන්න පුළුවන් ඔය වගේ කතාවක් ගොතන්න ඇත්තේ. අපි විජය කුමාරයාගෙන් පැවත එනවා කියලා පොඩි කාලේ ඉදන් බොරුවක් අපේ ඔලුවලට කොටලා තිබ්බා. නමුත් ඒක එහෙම නෙමෙයි කියලා පුරාවිද්‍යා සාක්ෂිවලින් දැන් ඔප්පු වෙලා තියෙනවා. යාපනයේ තියෙන බෞද්ධ පුරා විද්‍යා සාක්ෂිවලින් ඔප්පු වෙලා තියෙනවා ඒ පළාතේ දමිළ ජනතාව ජීවත් වෙලා ඉදලා නැහැ කියලා. පොත්පත්වල තියෙන ඒවා ආශ්‍රයෙන් පරීක්ෂණ පවත්වලා පුරාවිද්‍යා සාක්ෂි මත තමයි ඉතිහාසය ගොඩනැගෙන්නේ. අපේ රටේ ඉතිහාසය දැන් දැන් රටේ නොයෙක් පළාත්වලින් ගොඩගනිමින් තියෙනවා. අපි ශ්‍රේෂ්ට ජාතියක් වෙලා හිටියා දැන් දැන් බඩගෝස්තරවාදය නිසා කුලල් කා ගත්තට. සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගම වැළදගත්තා, මුස්ලිම් වෙළෙන්දොන්ව කසාද බැදලා මුස්ලිම් ජාතිකයක් රටේ ඇති කළා. අපේ මිනිස්සු තමන්ගේ ජාතික ගැන ආගම ගැන හිතුවා නම් දැන් මේ ජාතික ප්‍රශ්න කියලා ඒවා මේ රටේ නැහැ.

















