දඩ කෑම

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කන්න ඔන්න මෙන්න ගිය දඩ ඔක්කොම වැඳල වැඳලා ෂේප් කර ගත්තා..:P

    එක පාරක්නම් ඩීසන් පිට වැඳ වැටුනා අම්මයි නැන්දයි වාහනේ ඉන්නකොට මම එළියට බැහැලා පොලිස් අයියගේ ළඟටම ගිහින්.. ඒක තමයි චොරම සිද්දිය..:lol: (කතාව පසුවට..)

    අනිත් එක බයික් එකේ පේමන්ට් එක දිගේ ගිහින් පොලිස් මාමගේ පිටි පස්සෙන් ඩොකොස් ගාල බිමට දාපු පාර මූ ඒ සද්දෙට හැරිලා බලලා ලියන්න ගිය එක..:rofl:

    තව සැරයක් බම්බලපිටිය හන්දියේ කහ ඉරේ හෙන වෙලාවක් නවත්තන් ඉඳලා ඉඳලා මිනිස්සු පෙනි පෙනී යන්න හැදුවා කියලා.. එදත් සෑහෙන වෙලාවක් ගියා ලයිසන් එක අරන්ම එන්න දඩේ නොලියා..:rolleyes:

    තව සැරයක් අම්ම එක්ක බම්බල පිටියේ යුනිටියේ ඉඳලා බයික් එකේ ආවා වන් වේ එකක අනිත් පැත්තට..:baffled:
    ඒත් මම කිව්වා දන්නේ නැති නිසයි මහත්තුරු ඉන්නවා පෙනි පෙනිම ආවේ කියලා.. අනික මම අම්මා එක්ක කිය කිය ආවේ මේ පැත්තට යන්න පුලුවන්ද දන්නෙත් නෑ කියලා.. ඒක කිව්ව ගමන් තමයි අත දාල නැවැත්තුවේ..

    එදානම් අනිත් උන්ට ලියන අතරේ මට විතරක් නොලියා යවන්න ගිහින් පොලිස් අයියත් ටිකක් චොර උනා.. :rolleyes:

    ඊලඟ එක උනේ ඉන්ෂුවරන්ස් එක අමතක වෙලා යාලුවෙක් එක්ක ගිහින් ලයිසන් එක පොලිස් මොබයිල් එකෙන් ගත්තු එක.. මිනිහත් මගෙන් බේරෙන්නම බැරිම තැන කිව්වා හරි එහෙනම් දඩ ලියන්නේ නෑ ඉන්ෂූවරන්ස් එක ගෙනත් පෙන්නන්න කියලා.. මම පොරට කිව්වේ ඉන්ෂුවරන්ස් එක ඔෆිස් එකේ, දැන් ගෙනත් දෙන්නම් කියලා.. ඒත් ඇත්තටම එදා ඒක ගෙදර දාලා අවේ..:( යන්තන් හෙන කට්ටක් කාලා එදාම ලයිසන් එක ගත්තා.. පොලිස් මොබයිල් එක හොයන්න මම වෙනම මෙහෙයුමක් කළා අන්තිමට..:oo:

    හැබැයි නිතරම වගේ මමනම් බොහොම සුහදව කතා කරලයි ෂේප් කර ගත්තේ..කොටින්ම කියනවනම් අන්තිමට විහිලු තහලුත් කර ගන්න තත්ත්වෙට පොලිස් මාමලා එක්ක කතාබහ කරලා.. හැබැයි ඉතින් ඒක හැමෝටම හරි යන්නේ නෑ..:dull:
    අනික බයික් එකේ යද්දී වගේනම්
    වැරැද්දක් කරලා මාට්ටු උනාම හෙල්මට් එක ගලවලා, ජැකට් එකත් ලස්සනට ගලවලා තමයි ලයිසන් එක අතට දෙන්නේ.. ලයිසන් එක දෙන්න කලින් පුලුවන් තරම් හොඳින් කතා කරලා අම්බානක ෂේප් කරගෙන අන්තිම මොහොතේ තමයි ලයිසන් එක අතට දෙන්නේ..:P
     
    • Like
    Reactions: chin100

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    කන්න ඔන්න මෙන්න ගිය දඩ ඔක්කොම වැඳල වැඳලා ෂේප් කර ගත්තා..:P

    එක පාරක්නම් ඩීසන් පිට වැඳ වැටුනා අම්මයි නැන්දයි වාහනේ ඉන්නකොට මම එළියට බැහැලා පොලිස් අයියගේ ළඟටම ගිහින්.. ඒක තමයි චොරම සිද්දිය..:lol: (කතාව පසුවට..)





    මේ සිද්දිය උනේ කැලණි පන්සල් ගිහින් එන ගමන්.. නෑදෑ වෙන නැන්ද එනෙක් එක්ක උදේ පාන්දරම කැලණි පන්සලට යන්න උනා මොකද්ද මන්ද පූජාවකට ඒගොල්න්ගේ කාර් එකේ.. අක්ක ඒ දවස්වල රට ගිහින් නිසා මට තමයි ඩ්‍රයිවින් ජොබ් එක සෙට් උනේ ඉඳල හිටල..:baffled: කලින් දවසේ ඔෆිස් එකේ නයිට් එකක් කරල ඇවිත් නිදා ගන්නකොට පාන්දර එකට විතර ඇති.. කොහොමහරි පැයක් දෙකක් නිදාගෙන ආයෙ උදේ 7 වෙනකොට වැලිවේරියේ ඉඳලා මම අපේ අම්මත් එක්ක බස් එකේ තලවතුගොඩ ආව වාහනෙත් අරගෙන ඒ නැන්ද එක්කම පන්සලට යන්න බලාගෙන.. මමනම් පට්ටම ආමාරුවෙන් හිටියේ..:dull: ගෙට ගොඩ වෙන්නෙත් නැතුවම නැන්දගෙන් යතුර ඉල්ලගෙන වාහනේ ස්ටාට් කරන් ඇතුළට වෙලා හිටියෙත් කලින් දවසේ අමාරුව නිසයි.. කොහොම හරි අපි පන්සලේ වැඩ ටිකත් ඉවර කරලා ආයේ 11ට විතර පිටත් උනා.. කෙලින්ම තලවතුගොඩ ගිහින් නැන්දලාගෙ ගෙදර වාහෙනේ දාලා අම්ම එක්ක මම ආයේ වැලිවේරියට ඇවිත් හවස ඔෆිස් යන්නත් ඕනේ.. හරි සනීපයි ඉතින්..:angry:

    ඔය ඔක්කොම ඔලුවේ තියාගෙන ඉන්න අස්සෙම නැන්දගේ තවත් වැඩ වගයකට කොටහේන පැත්තෙත් වටයක් දාලා 12ට විතර බොරැල්ල පැත්තට යනකොට පට්ටම ට්‍රැෆික් එකකට සෙට් උනා.. ට්‍රැෆික් එකේ එක තැන කාලේ කකා ඉන්නවට වැඩිය ටිකක් දුර උනත් කමක් නෑ කියලා ආමර්වීදීයෙන් දඩස් ගාල දැම්මා වැල්ලම්පිටිය පැත්තට.. එතකොට එක දිගටම ඔහේ අඹගහ හන්දියට ඇවිත් කොස්වත්ත හරහා තලවතුගොඩට යන්න පුලුවන්නේ කියලා හිතාගෙන.. ඔන්න ටික දුරක් පාගලා ආවා ෂේප් එකේ.. වැල්ලම්පිටිය හන්දියට මෙහා තියෙන ගුවන් පාලම පැන්න තැන ඉඳන් එක දිගටම ට්‍රැෆික් එක.. ඒ මදිවට දුරත් වැඩි.. නැන්දත් පිටි පස්සේ සීට් එකේ කුරු කුරු ගානවා බොරැල්ලට ගිහින් යන්නෙ නැතුව මේ කැලේක ආව කියලා..:(


    මගේ ඉස්සරහෙන් තිබුණේ ඇට්ලස් ලොරියක්.. ඒක පිටි පස්සෙන් කොට කොට අඩියෙන් අඩිය ගිහින් ගිහින් මටත් එපාම වෙලයි හිටියේ.. ඩ්‍රයිවින් සයිඩ් එකේ වීදුරුවට ඔලුව ගහන් ඔහේ ඉන්නකොට මෙන්න බොලේ ෂෙල් වෑන් එකක් ගියා කියහංකො දකුණෙන් දාගෙන.. මටත් දැන් ඉන්නම බෑ වගේ.. ඒත් ගුවන් පාලමෙන් පස්සේ පාර පටු නිසා ඉස්සරහෙන් එකෙක් ආවොත් එහෙම කෙළ වෙනවා කියල දන්න නිසා ලොරිය පිටි පස්සෙන් තියන් හිටියා.. ඔන්න ඒ පාර ත්‍රී වීල් පෝලිමකුත් ගියා දකුණෙන්.. තව කාර් එකකුත් ගියා.. කාර් එක දැක්කට පස්සෙනම් ඔන්න ඉතින් මගෙත් මයිල් ස්මයිල් වෙන්න ගත්තා..:P

    අම්මත් ඉස්සරහ සීට් එකේ ඉන්න නිසා සෙල්ලම් දාන්නත් බෑ..:rolleyes:
    කොහොමහරි මම අම්මගෙන් ඇහුව අපිත් ඒ පැත්තෙන් යමුද කියලා.. අම්මනම් කිව්වා එහෙම යන්න බෑනේ,වාහන ආවොත් අයින් කරන්නත් තැනක් නෑනේ කියලා.. ආයි විනාඩියක් දෙකක් ඉඳල බැරිම තැන ෆස්ට් එකට දාල දකුණට හරවනකොටම අම්ම මගෙන් ඇහුව මොකද කරන්න හදන්නේ කියලා..:lol:

    මමත් ඇහුන්නෑ වගේ ඇරල දාලා දකුණෙන් දාගෙන යනවා දැන්.. ආයි නෑ පට්ට ආතල්.. :P
    ඉස්සරහෙන් මොකක් හරි දැන් එයි දැන් එයි කියල දෙගිඩියාවෙන් ගියාට ඉස්සරහෙන් මුකුත්ම ආවේ නෑ වෙලාවට.. :cool: නිසාන් මාච් එකේ වී.අයි.පී. වරම අරගෙන ආවා අම්බානක වාහන පෝලිමක්ම ඉස්සර කරගෙන.. අම්මටසිරි ආවා තමයි.. වැල්ලම්පිටිය වටරවුමට කලින් තියෙන වංගුව ගන්නකොටම ආතල් කුඩු පිංවතුනී...:dull:

    එතන තඩි වලක් හාරගෙන පාරේ මොකද්දෝ වැඩක් කරනවා.. පොලිස් මාමලා තමයි වාහන එහෙට මෙහෙට යවන්නේ.. මට යන එනමං නැති උනා.. ත්‍රීවීල් ටිකයි අර කාර් එකයි වංගුවට මෙහාදිම ලස්සනට අස්සවල් වලට ගහ ගත්තා.. මට ගහ ගන්න අස්සකුත් නෑ.. ඒ මදිවට අර පොලිස් මාමා මාව හොඳටම දැක්කත් එක්ක..

    කරන්න දෙයක් නෑ.. වෙන දෙයක් වෙච්චාවේ කියලා ගියා පොලිස් මමා ඉන්න කිට්ටුවටම..
    ඒ ආපු විදිහටම ලස්සනට දකුණටම හරවලා කොස්වත්ත පැත්තට යන්නත් තිබුණා.. ඒත් අර පොලිස් මාමා අත දික් කරල විසිල් ගහල නවත්තන්න කියපි හරියටම වැල්ලම්පිටිය පොලීසිය ඉස්සරහ පාර මැද්දේ.. පොලිස් මමා කිව්වට මිනිහ කොල්ලෙක්.. මට අම්බානක ඔරවල කිව්වා අයින් කරල නවත්තන්න කියලා කියපි.. :shocked:කොහේ කියලා අයින් කරන්නද..? ෂේප් එකේ දකුණු පැත්තේ අය්නේ තිබුණ හාවෙයාර් එකක් ඉස්සරහ අයින් කලා.. මේ යකා කෑ ගහපි ඔහොම නැවැත්තුවාම අනිත් වාහන යන්නෙ කොහොමද පාරට වැඩී කියලා..:angry: ලේලන්ඩ් බස් එකකට යන්න ඉඩ ඇති එතන.. ඒත් මූ දැන් මාව කන්න හදනවා.. කමක් නෑ කියලා ආයේ රිවස් එකක් ගහල තව ටිකක් අයිනට ගත්තාම හාඩ්වෙයාර් එකේ හම්බයා මැරෙන්න හදනවා උගේ කඩේ බ්ලොක් වෙනවා කියලා..:( මල සෙද්දයි.. නැන්දා ආයි කුරු කුරු ගානවා මෙයා අපු විදිහ වැරදියිනේ.. පොලිසිය ඇතුලටම එක්කන් යයිද දන්නෙත් නෑ.. දැන් මොකද කරන්නේ.. අයියෝ.. අනේ කිය කිය..:angry: නැන්දා ඒ අස්සේ අර හම්බයටත් දෙහි කපනවා විනාඩි දෙක තුනට කඩේ බ්ලෝක් වෙනව කියලා මැරෙන්න හදනවා කියලා..
    මටත් හරි සන්තෝසයි..:P පස්සේ එතන හිටිය සිංහල මනුස්සයෙක් කිව්වා මහත්තයා මෙතනට වාහනේ ගන්නකෝ කියලා.. ඒ කියන්නේ අර හාඩ්වෙයාර් එකට ටිකක් ඉස්සරහ තිබුණ පොඩි ඉඩක්.. අයින පේන්නෙත් නැති නිසා පොර මට පොඩි සපෝට් එකකුත් දුන්නා වහනේ හිමීට අයින් කර ගන්න.. :dull:

    කොහොමහරි ඔන්න ඉතින් දැන් තමයි සීන් එක.. වැරදි පැත්තෙන් කඩාගෙන ඇවිත් අතේ මාට්ටු උනාට පස්සේ ඉතින් ආයි මොකක් කියන්නද.. ආයි දවසක බස් එකේ ඇවිත් දඩේ ගෙවලා යන්නම් කියල හිතාගෙන වාහනෙන් බැස්ස ලයිසන් එක ඇතුළු තිබ්බ සකල සබ්බමනාවම එකතු කරගෙන. නැන්දනම් හොඳටම බය වෙලා.. අම්මනම් ඔහේ හිටිය සද්ද නැතුව.. මොකද අම්මටනම් මගෙත් එක්ක ගිහින් ඔය වගේ ඇබැද්දි ඉඳල හිටල වෙලා තියෙන නිසා ඒ හැටි ලොකුවට කලබල උනේ නෑ..:rolleyes:

    අර පොලිස් රාලහාමී වාහන අස්සෙ හොඳටම හිර වෙලා.. එතන පට්ටම ට්‍රැෆික් එකක් තිබුණේ.. එක පැත්තක් නවත්තලායි අනිත් පැත්තට වාහන යවන්නේ.. මම ඉතින් පොර හිටිය තැනට ඒ කියන්නේ පාර මැද්දටම ගියා ගිනි අව්වේ කර කුට්ටං වෙවී.. පන්සල් ගිය නිසා ඩෙනිමයි සුදු ෂර්ට් එකයි ඇඳල පිළිවෙලට හිටියා මමත් ඒ වෙලාවේ.. සීට් එක අස්සෙ තිබුණ සෙරෙප්පු දෙකවත් නොදා බැහැල යද්දි මේ ළමය සෙරෙප්පුත් නැතුවද බැහැල ගියේ කියනවත් මට ලාවට වගේ ඇහුණා.. (ඒකත් ප්ලෑනේ කොටසක්..:P)

    පොලිස් මමා කතා කරන්න කලින් මමම කිව්වා මම ආව විදිහනම් වැරදී.. පුලුවන්නම් අපිට යන්න දෙන්න කියලා.. වාහනේ දිහා බලල ඇහුවා කවුද තව ඉන්නේ කොහෙද යන්නේ කියලා.. මම ඉතින් කිව්වා මේ උදේ පාන්දර 5ට කැලණි පන්සලට ආව ගමන්.. අර නෝනල දෙන්නවත් බස්සලා වාහනේ දාල මම ආයේ වැලිවේරියට යන්නත් ඕනේ බස් එකේ.. අපි කවුරුත් උදේට කාලත් නෑ.. මටනම් හොඳ ගණන්. ඒකයි එහෙම ආවේ කියලා..:P මිනිහා ආයි වාහනේ දිහා බැලුවා.. අපේ අම්මත් ඇත්තටම නෝනා වගේ ඉස්සරහ බලන් හිටියා..:lol: නැන්දත් නිකන් ඔහේ බලන් ඉන්නවා ඇත්තටම කෙළ වෙච්ච වෙච්ච
    ලොරි ඩ්‍රයිවර් කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ..:rofl:

    මමත් ඉතින් ලයිසන් එකත් දික් කරගෙනම කිව්වා, මහත්තයා මම වැරද්ද පිළි ගන්නවා, පුලුවන්නම් යන්න දෙන්න කියලා..:(
    පස්සේ පොර ටිකක් සද්දෙට කිව්වා ඔයා ආව විදිහ හරි නෑනේ මල්ලී.. ඔයාට මහන්සියි කියලා ඔහොම අනිත් පැත්තෙන් යන්න බෑනේ.. බ්ලා බ්ලා බ්ලාහ්....... කියලා.. :baffled: අනේ පස්සෙ කිව්වා හරි හරි දැන් එහෙනම් ඕක අරං පරෙස්සමෙන් යන්න කියලා.. ඈහ්.. මට ඒක හරියට ඇහුණෙත් නෑ.. මට නිකන් පිස්සු වගේ..
    මොකද ඒ තරම් නෝන්ඩි විදිහටයි මාව එතන මාට්ටු උනේ..:( දඩ කොළයක්නම් අනිවා හම්බ වෙනවමයි කියලයි හිතාගෙන හිටියේ. මම ඉතින් කට පුරෝලා බොහොම ස්තූතියි කිව්වා.. පස්සේ ආයි කිව්වා, ස්තූතියි නෙමෙයි බොහොම පිං කියලා..:) මිනිහත් හොඳට හිනා වෙලා මට වාහනේ පාරට දා ගන්නත් ඉඩ අරං දුන්නා කියහංකෝ..:shocked: මමත් ඉතින් හොඳ ළමයා වගේ සිග්නල් එක එහෙම දාලා කණ්නාඩියෙන් පිටි පස්ස බල බල ලස්සනට පාරට දාගෙන, ලාවට හෝන් පාරකුත් ගහලා එන්න ආවා.. :P ඊට පස්සෙ තමයි හොඳම සීන් එක.. අම්මගෙනුයි නැන්දගෙනුයි ප්‍රශ්න කෝටියයි.. පොලීසියෙන් මොකද කිව්වේ..?
    මම මොකද කිව්වේ..? ලයිසන් එක ගත්තද..? අවුලක් වෙන එකක් නැද්ද..? ඇයි යන්න එහෙම නිකම්ම යන්න දුන්නේ..?:oo:

    ගොඩාක් දුර ආවට පස්සෙ මම කියපු ටිකත් එක්ක වෙච්ච දේ කිව්වා හිනා වෙවී....:rofl: කතාව කියල ඉස්සරහ බලනකොට අර ඇට්ලස් ලොරිය ආයේ අපේ ඉස්සරහෙන්ම යනවා.. විලි ලැජ්ජාවේ බෑ.. අම්මා මට ඒකටත් කෝචොක් එකක් දැම්ම මහ ලොකුවට ආවට ආයේ ලොරිය පස්සෙම යනව කියලා.. මම මට නෙමෙයි වගේ ආවා ආයි ඌට ඉස්සර කරන්න ගියෙත් නෑ...:sorry:






    :nerd::nerd:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බය්ක් එකෙ දවසක් දඩයක් ගහන්න හැදුව මට ලය්සන් නැති නිස
    අනේ සර් බුදු සර් කියල බෙරුන :rofl:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කහ ඉරක overtake කරලා 500ක් ගැහුවා මුල්ම දඩේ ...කිරුළපනදී traffic lights වල නවත්තන් ඉන්නකොට මිනිස්සුන්ට පර පනින්න තියෙන සුදු ඉරි 2 ඉස්සර කරලා නවත්තන් හිටියට දඩයක් වැදුන..හැබැයි police අයියා ඒ වෙනුවට 100 ක දඩයක් ලියල දුන්න phone කතා කර කර ආව විදියට..හොද පොරක් මොනවා උනත්:P
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ගොඩක්ම high speed තමයි.
    ඩොක්ට කෙනෙක් කියනවා. :nerd:
    මහත්තය පරිස්සමට යන්ඩ කියනවා :D
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    එකසැරයක් මගේ ලයිෂන් අමතක උනා කියහංකෝ.. වාහනේ ලයිෂන් ඉන්ෂුවරන්ස් දෙකත් ඒත් එක්කම ගෙදර :P මම ඔවා මොකාතු නැතුව යනකොට පොලිස්සියෙන් ඉන්නව දැක්කම තමයි මතක් උනේ බොලේ මම ලයිෂන් ගෙනාවේ නෑනේ කියලා. කවදාවත් එතන මාව නතර කරලා නෑ. ඒත් එදාම නතර කරා කියහපංකෝ.. මේ පලාතේ මිනිස්සු මාව ටිකක් විතර දන්න නිසාත්, මම කරන රස්සාවට ඒ මිනිස්සුන්ගේ හිතේ තියන පිලිගැනීම නිසත් මට කිසිම දඩයක් ගැහුවෙ නෑ‍. මම ත් ඇත්තම කිව්වා මට ලයිෂන් ඉන්ෂුවරන්ස් අමතක උනා කියලා. :)
    වෙන නම් මොකුත් කේස් එකක් නෑ. මම පාරේ යනකොට ඔය මාර්ග නීති අකුරටම පිළිපදින කෙනෙක්.

    ahhh ele ele
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    500 දඩ ලියල තියෙනවා, ඉරි කපලා/ කහ ඉරේ ඉස්සර කරල..
    ඇඹරෙන් නැතුව ද⁣ඩේ ලියාගෙන එනව ..:):baffled:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජා ඇල මිනුවන්ගොඩ පාර දිනය 2017. 03. 18 වෙලාව උදෑසන 10.30 ට විතර මට පිටු පසින් නවීන පන්නයේ කාර් රථයක් හෝන් කරල ඉඩ ඉල්ලනව මමත් 60 - 70 ට විතර යනව මට ගොඩක් අයින් කරන්නත් බෑ හෝන් ගහනව කරදරේ දුන්නෙ නෑ ඉඩ මූ කොහොම හරි මට ඉස්සර කරල ගෙමට වගේ බ්‍ර්රේක් කරල ගියා මම මූට අය ඉස්සර කලා ගේමනම් ගේම මමත් බ්රේක් කරල අය ගියා මූ මට ආයෙත් ඉස්සර කරල පාර හරස් කරල නැවැත්තුවා මට මල බැස්ස වැහුව දොර දඩාං ගාල ගියා කාර් එක ලගට එබුන කාර් එකට ඇයි මොකෝ කියල තරු විසි උනේ එතකොටයි ගම්පහ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල කෙලපන්කො ඔහොමද යකෝ වාහන එලවන්නෙ හිටපං අද උඹට කියල කථා කලා මිනුවන්ගොඩ පොලිසියට ආව පොලිසියේ ලොක්කම මම පොලිසියෙන් එනකන් කරුණු පැහැදිලි කරන්න හැදුව ඩ්‍රයිවර් අතින් කීව කටවහපන් වැඩ වරදියි කියල මම සද්ද නැතිව හිටිය. මිනුවන්ගොඩ ලොක්කම ඇවිත් ආපහු පොලිසියට අරන් ගිහිල්ල බැනල බැනල එව්ව
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න ඉතින් සුපුරුදු විදියට මම අපේ ඔපීසියේ එකෙක්ව දාගෙන බයික් එකේ මොරටුව බස් ස්ටෑන්ඩ් එකට යනවා.ඌට හෙල්මට් නෑ.මට විතරයි හෙල්මට් එකක් තිබුනේ.බීච් එක අයිනේ පාරකින් යන්නේ.මලාට ඔය පාරේ පොලීසියෙන් නෑ.මමත් අතුරු පාරකින් ඇවිත් බීච් එක පාරට දාල හෙමින් එනවා.ඒ එනගමන් නිකමට වගේ සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස බැලුවා.අම්ම ගහයි බැට් එකෙන් කියන්නේ පොලීසියේ ටැෆික් බයික් එක මගේ පස්සෙන් එනවා කියපන්කෝ.හරවලා ඇරලා දාලා යන්න පාරකුත් නෑ.මමත් ඉතින් උන්ව නොදැක්කා වගේ යනවා.උන් එකපාරටම ස්පීඩ් කරලා ඇවිත් මගේ ඉස්සරයින් නැවැත්තුවා.

    ආ මල්ලී.කොහේද යන්නේ.ගන්නකෝ බලන්න ලයිසන් එක.

    මම ඉතින් ලයිසන් එක දුන්නා.උන් දඩ කොලේ ලියන ගමන් බයික් එකේ ලයිසන්,ඉන්ශුවරන්ස් ඔක්කෝම තියෙනවා නේද ඇහුවා.මාත් ඔවු කිව්වා.හැබැයි බයික් එකේ ලයිසන් එක කල්පැනලා මාස 4ක් විතර වෙනවා එතකොටත්.වෙලාවට උන් ඒවා චෙක් කලේ නෑ.මට 500ක දඩ කොලයක් දුන්නා.මම ඒකත් අරන් ආවා.පහුවෙනිදා ගිහින් දඩේ ගෙවලා ආවා.ඕක තමයි පළවෙනි දඩකොලේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි කාලා තියෙන්නේ ඉතින් පුස්තකාලේ පොත් හරි දවසට බාර දෙන්න බැරි වෙච්ච දඩ තමයි :sorry::(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,259
    4,395
    113
    ඇයි එන්නද
    ඔන්න ඉතින් සුපුරුදු විදියට මම අපේ ඔපීසියේ එකෙක්ව දාගෙන බයික් එකේ මොරටුව බස් ස්ටෑන්ඩ් එකට යනවා.ඌට හෙල්මට් නෑ.මට විතරයි හෙල්මට් එකක් තිබුනේ.බීච් එක අයිනේ පාරකින් යන්නේ.මලාට ඔය පාරේ පොලීසියෙන් නෑ.මමත් අතුරු පාරකින් ඇවිත් බීච් එක පාරට දාල හෙමින් එනවා.ඒ එනගමන් නිකමට වගේ සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස බැලුවා.අම්ම ගහයි බැට් එකෙන් කියන්නේ පොලීසියේ ටැෆික් බයික් එක මගේ පස්සෙන් එනවා කියපන්කෝ.හරවලා ඇරලා දාලා යන්න පාරකුත් නෑ.මමත් ඉතින් උන්ව නොදැක්කා වගේ යනවා.උන් එකපාරටම ස්පීඩ් කරලා ඇවිත් මගේ ඉස්සරයින් නැවැත්තුවා.

    ආ මල්ලී.කොහේද යන්නේ.ගන්නකෝ බලන්න ලයිසන් එක.

    මම ඉතින් ලයිසන් එක දුන්නා.උන් දඩ කොලේ ලියන ගමන් බයික් එකේ ලයිසන්,ඉන්ශුවරන්ස් ඔක්කෝම තියෙනවා නේද ඇහුවා.මාත් ඔවු කිව්වා.හැබැයි බයික් එකේ ලයිසන් එක කල්පැනලා මාස 4ක් විතර වෙනවා එතකොටත්.වෙලාවට උන් ඒවා චෙක් කලේ නෑ.මට 500ක දඩ කොලයක් දුන්නා.මම ඒකත් අරන් ආවා.පහුවෙනිදා ගිහින් දඩේ ගෙවලා ආවා.ඕක තමයි පළවෙනි දඩකොලේ.

    uba moratuwe koheda kukuloh mamath moratuwe
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ජා ඇල මිනුවන්ගොඩ පාර දිනය 2017. 03. 18 වෙලාව උදෑසන 10.30 ට විතර මට පිටු පසින් නවීන පන්නයේ කාර් රථයක් හෝන් කරල ඉඩ ඉල්ලනව මමත් 60 - 70 ට විතර යනව මට ගොඩක් අයින් කරන්නත් බෑ හෝන් ගහනව කරදරේ දුන්නෙ නෑ ඉඩ මූ කොහොම හරි මට ඉස්සර කරල ගෙමට වගේ බ්‍ර්රේක් කරල ගියා මම මූට අය ඉස්සර කලා ගේමනම් ගේම මමත් බ්රේක් කරල අය ගියා මූ මට ආයෙත් ඉස්සර කරල පාර හරස් කරල නැවැත්තුවා මට මල බැස්ස වැහුව දොර දඩාං ගාල ගියා කාර් එක ලගට එබුන කාර් එකට ඇයි මොකෝ කියල තරු විසි උනේ එතකොටයි ගම්පහ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල කෙලපන්කො ඔහොමද යකෝ වාහන එලවන්නෙ හිටපං අද උඹට කියල කථා කලා මිනුවන්ගොඩ පොලිසියට ආව පොලිසියේ ලොක්කම මම පොලිසියෙන් එනකන් කරුණු පැහැදිලි කරන්න හැදුව ඩ්‍රයිවර් අතින් කීව කටවහපන් වැඩ වරදියි කියල මම සද්ද නැතිව හිටිය. මිනුවන්ගොඩ ලොක්කම ඇවිත් ආපහු පොලිසියට අරන් ගිහිල්ල බැනල බැනල එව්ව
    අහ් උඹද ඒ එදා.. එක්කො ඔනෙ නෑ..:rofl:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තවත් දඩ කාපු එකක් මතක් උනා බයික් එකේ අනුරාධපුරේ යනගමන් ගිය අවුරුද්දේ උනේ. මම රජරට එකේ english එක කරා .වෙනදා යන්නේ bus එකේ , එදා ඇහැරෙන්න පරක්කු උන ඒ නිසා bike එකේ ගියා , ඔය course එකේ මැඩම් කෙනෙක් ඉන්නවා හරි හොදයි , ඒ වගේම විනාඩියක් හරි පරක්කු උනොත් එදාට ඉවරයි , රජරට එකේ ඉන්න අය දන්නවා ඇති .. අනුරාධපුරේට මෙහා තියෙනවා තිරප්පනේ කියල town එකක් Nadun26 ඉන්නෙත් එහෙ මට මතක විදිද්හට , මම 80 ට විතර යනවා මට ඉස්සරහින් bus එකක් යනවා මට ඉස්සර කරන්න ඉඩ දෙන්නෙම නැ . bus එකත් 80 ට වගේ යනවා තිරප්පනේ town එකට ටිකක් මෙහා වංගුවක් තියෙනවා එතන අනිවරෙන් ට්‍රැෆික් ඉන්නවා . හැමදාම කොයි වෙලේ ගියත් එතන ඉන්නවා මම හැමදාම දකිනවා . එදා bus එකත් එක්ක රේස් ආපු හින්දා එකත් අමතක උනා . bus එක වංගුව ගන්න slow කරා මමත් වැඩකාරයා වගේ තනි ඉරත් කපාගෙන ඉස්සර කරා bus එක ඉස්සර කරනකොටම ට්‍රැෆික් මහත්තයෙක් පාර මැද . බොහොම අමාරුවෙන් බයික් එක නතර කරගත්තේ තව පොඩ්ඩෙන් යට වෙනවා bus එකත් එක පාරම බ්රේක් ගහලා නතර කරා ,මමත් ගලගැහිලා වගේ නතර කරලා හිටපු උනුත් මට බනිනවා , bus එකේ කට්ටියත් හොදට බනිනවා , ඇහුනේ නැ වගේ හිමිට bike එක පාර අයිනට කරලා නතර කරා , ට්‍රැෆික් එකේ අයටත් මොකද උනේ කියල හිතාගන්න බැ . මොකුත් කිවුවේ නැ , වාහන එහෙම ගියා උන් හිතන්න ඇති අද නම් අරු ඉවරයි කියලා . ට්‍රැෆික් දෙන්නයි හිටියේ එක්කෙනෙක් දඩ ලියනවා බයික් එකේ number එක බලාගෙන , උසාවි තමා කිවුවා , මම හා කිවුවා . හැප්පෙන්න ගියපු කෙනා කතා කරා මම ටිකක් ඩිසන් ඇදලා ගියේ , මහත්තය කොහෙද යන්නේ කියලා ඇහුවා මම විස්තරේ කිවුවේ රැකියාවත් ඇහුවා , මම එකත් කිවුවා , එදා ඉරිදා දවසක් දඩ කොළ දුන්නත් ගෙවන්නත් බැ . ඊට පස්සේ රැකියාවත් අදාල කරලා හොද දේශන්වක් පැයක් විතර දීල යන්න කිවුවා , දඩත් නැ , බැනුමුත් නැ , එත් මගේ හිතට upset මොකද එදා දඩයක් වත් නොදීපු එක හිතට හරි නැ අඩුම තරමේ බැන්නනම් එත් කමක් නැ
     
    Last edited: