නව වාහන දඩ ලැයිස්තුව.
බ්ලොග් එකක තියනවා දැකලයි දැම්මේ,,
වැදගත් උනානම් බම්ප් එකක් දාන්න.

අඩෝ මේකේ තියෙන ඒවා accurate ද කියලා නම් Sure නෑ. මොකද මේ ලඟක් වෙනකනුත් Speeding වලට 500ක දඩයක්නේ තිබ්බේ










මම දන්න විදියට High Speed වලට දඩ ගහන්න බැරී සීන් එකක් තියෙනවා.නඩුවක් යනවා ඔය ස්පීඩ් සීන් එකට.වාහන තුනක් එක පස්සේ එක පස්සේ ගියොත් පලවෙනි එක 90ට විතර ගියොත් තුන් වෙනි එක 60ට ගියත් ස්පීඩ් මීටර් එක ඇල්ලුවම 90ක් කියලා ලු ඩිස් ප්ලේ වෙන්නේ.
ඒ නිසා ගොඩක් උන්ව ස්පීඩ් වැඩියෙන් ගිහින් ඇල්ලුවම පොලිසියේ දෙන්නා අල්ලපු එකාට මොත්තේ දාලා මාර්ග නීති උල්ලංගනය යටතේ රු500ට දඩ කොලේ කඩලා දෙනවා.ඒක අපිටත් වාසි නැත්තම් 1,000ක් දියන්කෝ.
මාව මේ දක්වා ස්පීඩ් ගිහින් 3න් පාරක් අල්ලලා තියෙනවා 1වෙනි හා 3 වෙනි පාර රු500ක් දුන්නා දෙවෙනි පාර නැවැත්තුවේ නෑමොකද මට වඩා හයියෙන් ගිය එකාව උන් ඇල්ලුවෙ නෑ.මාත් ඇරලා දාලා ගියා..
කියන විදියට නම් දඩ ගහන්නම බෑලූ..(වගේම පාරේ වේග සීමා ගහලා නැති ඒරියා එකක අල්ලන්නත් බෑ..) නාගරික නොවන ඒරියා එකක උපරිම 70ට (80 ක් වෙනකන් යන්න පුලුවන්) නාගරික නම් 40ට යන්න ඕන කියලයි සාමාන්‍යයෙන් කියන්නේ..
වේග සීමා වල ගහලා තියෙන ගානට ඒ නැත්තම් යන්න ඕන..![]()
මචං ඔය ගහලා තිබ්බ ගාණට නම් යන්න බෑ. පාන්දර කටුණායක ඉඳලා එද්දි එකෙක් ඇල්ලුවා 80ට ගියා කියලා. බල්ලෙක් හිටියේ නෑ පාරේ. පස්සේ තාත්තා ඌට කිව්වා යකෝ මේ පාන්දර 40ට යන්නද කියන්නේ කියලා 
කොහොම හරි ඒ යක්කු අපිට කලින් ආව වාහනයක් අල්ලලා හයි ස්පීඩ්. පොලිස්කාරයා කියනවා කලින් වාහනේ ගියාට පස්සේ යන්න කියලා. මොකද අපි එවේලේ ගියා නම් කලින් වාහනේ එවුන් කේස් දානවානේ ඇයි අපිට යන්න දුන්නේ කියලා. උන් බං නීති වෙනස් කරනවා උන්ට ඕනේ විදියට.
අන්තිමට ගියපු නැති ස්පීඩ් එකකට දඩ කන්න වෙන්නේ. මොකද ගියේ නෑ කියන්නද?? අරුන්ට ඉතින් උන්ගේ මීටරේ තියෙන ටික හොඳටම ඇතිනේ 


