වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට

PixelTV

Active member
  • Oct 15, 2020
    88
    178
    33
    New-Project-66.jpg


    ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ නවතා ඇති වාහන සම්බන්ධයෙන් පළ වූ අදහස් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පසුගිය දින කිහිපයේ ජනාධිපති කාර්යාලයට භාරදුන් වාහන 107ක් පොලිස් ආරක්ෂාව යටතේ ජනාධිපති කාර්යාලයෙන් පිටත තාවකාලිකව ගාල් කර ඇති බව වාර්තා වේ.

    එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙයි.

    එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට ලබා නොදුන් අතර හිටපු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත්කළ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට තම පාලන සමයේදී ලබාදුන් වාහන බවද එම නිවේදනයේ සඳහන් වේ.

    මෙම වාහන භාවිතා කරන්නන්ගේ සම්පූර්ණ ලැයිස්තුව : https://asiatoday.lk/
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙයි.
    @shenat
    හරිද උකේ අමාරුව?
     
    • Haha
    Reactions: Jack London

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඩයනා, පී. හැරිසන් , SB , ලොකුගේ, සීතා අරබෙපොල, රෝසී ඔය ඉන්නේ සෙට් එකම :lol: :lol:
     
    • Haha
    Reactions: PixelTV

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ධනුෂ්ක රාමනායකගේ V8 එක කලින් තිබ්බේ සුදේව හෙට්ටිආරච්චිට දීලා. කළු පාට එකක්.
     

    Similar threads