දත් කුට්ටමක් කල හදියක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    දත් කුට්ටමක් කල හදියක්

    කෘතීම දත් කුට්ටමක් ගලනාලයේ සිරවීමෙන් 60 හැවිරිදි එක්දරු පියෙකු දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් තිබෙනවා.

    මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල-දිගම්පතන, සිම්බලාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිය කෘතීම දත් කුට්ටම උගුරේ සිරවූ බව කිසිවෙකුට හෝ නොපවසා වෙනත් අසනීපයක් ඇති බව පවසමින් මෙම පුද්ගලයා හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්නවීම නිසා දඹුල්ල මුලික රෝහලට ඉකුත් 19 වෙනි දීන මරුකර යවා තිබෙනවා. දඹුල්ල රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගියා ඊයේ (20) මිය ගොස් තිබෙනවා.

    දඹුල්ල රෝහලේදී අද (21) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම පුද්ගලයාගේ ගලනාලයේ සිරවී තිබු කෘතීම දත් කුට්ටම සොයා ගැනීමට හැකිව තිබේන අතර කෘතීම දත් කුට්ටම ගලනාලයේ සිරවීමෙන් ඇතිවූ අභ්‍යන්තර තුවාල නිසා සිදුවූ රුධිර වහනයවිමෙන් මෙම මරණය සිදුව ඇති බව කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.