දන්තජ මූර්ධජ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මෙන්න අලුත් වැඩක්

    හරි අකුර දාල වචන ලියමු..


    1. කලබල ...(දන්තජ ‘ල‘යන්න)
    2. උගුල
    3. කම්මැළි ...(මූර්ධජ ‘ළ‘යන්න)
    4. පලතුරු
    5. ළමයි
    6. රණ්ඩුව ...(මූර්ධජ ‘ණ‘යන්න)
    7. පිළිමය
    8. පළාත
    9. පොකුණ
    10. මුහුණ
    11. පේළිය
    12. බබළනවා
    13. දැනුණා
    14. කකුළා
    15. ඇණය
    16. කැලණිය
    17. එළිය
    18. මෑණියෝ
    19. එළකිරි ... ;)
    20. පැහැදිලි ...(දන්තජ ‘ල‘යන්න)
    21. තණකොළ
    22. පිළිගත්තා
    23. නෙළනවා
    24. පොළොව
    25. දලු කොළ
    26. පෙණකැටි
    27. හොරණෑව
    28. ගුණදායක
    29. (අලුත්) පණක්
    30. රළ පෙරළෙනවා
    31. පසළොස්වක
    32. නුවණක්කාරයා
    33. දළදා කරඬුව
    34. ඇළ දොළ
    35. ඉරිදා පොළ
    36. පළඳනවා
    37. පිළිපැදීම
    38. පිළියෙල
    39. පිළිවෙළ
    40. බොරළු ...(බොරලු නෙමේ)
    41. ප්‍රමාණය
    42. ළා දලු
    43. උදලු
    44. ඊළඟට
    45. මුළු (සියල්ල) ...(මුලු නෙමේ)
    46. අලුයම ...(දන්තජ ‘ල‘යන්න)
    47. ඔළුව ...(ඔලුව නෙමේ)
    48. ග්‍රහණය
    49. ප්‍රවීණ
    50. ගැටලු
    51. මහලු
    52. ප්‍රස්තාර
    53. කුරුලු
    54. ලුණු
    55. ප්‍රණීත
    තව තියෙනව ගොඩක්.. පස්සෙ පස්සෙ දාන්නං :)

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ඉන්න සිඞ්හලුන්ට මොන දන්තජ මූර්ධජද සිඞ්හලයෝ :(
    මං සිඞ්හලයෝ කියල ගැහුවාම ඇයි සඤ්ඤක ඩයන්න ගහන්නෙ කියල අහපු උන් එලකිරියේ හිටිය :( :(
     
    • Like
    Reactions: AnuradhaRa

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ වැඩක්. බලපන් ෆේස්බුක් එකේ එහෙම ශෙයා කරන පෝස්ට් වල කොච්චර වැරදි තියනවද. :confused::confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    දැන් ඉන්න සිඞ්හලුන්ට මොන දන්තජ මූර්ධජද සිඞ්හලයෝ :(
    මං සිඞ්හලයෝ කියල ගැහුවාම ඇයි සඤ්ඤක ඩයන්න ගහන්නෙ කියල අහපු උන් එලකිරියේ හිටිය :( :(

    සිඞ්හලයෝ = සිංහලයෝ :D

    ඞ් සඤ්ඤක අකුරක් නෙමේ.. සිංහල හෝඩියෙ බින්දුව කියල එකක් තියෙන්නෙ ඒකට

    මුං හිතල තියෙන්නෙ මේක.. :yes:

    උඹට බින්දුව ටයිප් වෙන්නෙ නැද්ද ?
    මං දැකල තියෙනව සමහරක් එවුං ඔය අකුර පාවිච්චි කරනව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හලයෝ = සිංහලයෝ :D

    ඞ් සඤ්ඤක අකුරක් නෙමේ.. සිංහල හෝඩියෙ බින්දුව කියල එකක් තියෙන්නෙ ඒකට

    මුං හිතල තියෙන්නෙ මේක.. :yes:

    උඹට බින්දුව ටයිප් වෙන්නෙ නැද්ද ?
    මං දැකල තියෙනව සමහරක් එවුං ඔය අකුර පාවිච්චි කරනව

    මොකෑ බිංදුව නොකෙටෙන්නෙ :D :D :D
    අගේට බිංදුව කෙටෙනව :D :D
    ඒ වුනාට බිංදුවට වඩා බිඞ්දුව ලස්සනයි :D :D :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    උපකරණ

    ගණන

    වහළය

    උදාහරණ

    විකුණනවා

    කළගෙඩිය

    ලණු පොට

    තණකොළ

    හොරණෑව

    පිළිගත්තා

    පෙණකැටි

    දලු කොළ

    නෙළනවා

    පොළොව

    තීරණය

    නළල

    ගැහැනිය .... ගොඩක් අය මේක වරද්දනව (ගැහැණිය) කියල

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    දැන් ඉන්න සිඞ්හලුන්ට මොන දන්තජ මූර්ධජද සිඞ්හලයෝ :(
    මං සිඞ්හලයෝ කියල ගැහුවාම ඇයි සඤ්ඤක ඩයන්න ගහන්නෙ කියල අහපු උන් එලකිරියේ හිටිය :( :(
    :lol::lol::lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    සක්ස්කඩ නොකී කට උබේ කට හුබස් කට.
    නමඃ ශ්‍රී ගණාය

    දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ
    සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය
    අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත්
    සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය

    අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ - අනෙක මුක්‍තිමුක්‍තානුයාත සම්‍යක් සම්‍බොධි සම්‍භාරහාරාලඞ්‍කාරයෙන් සමලඞකෘත වැ - ශශ්‍වදූපාස්‍යමාන පාරමිතාදූතිකානුනීයමාන ධර්‍මරාජ්‍යලක්‍ෂ්මීසඞ්‍ගමන මඞ්‍ගල්‍යයට ආරම්‍භ කොටැ - කල්ප කොටි ශතසහස්‍රාධික චතුරසංඛ්‍යකල්‍පකාලාභ්‍යාසාතිශය ස්‍වාත්‍මීකෘත සර්‍වසම්‍පදාදාන නිදාන දාන ශීල නෛෂ්‍කාම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්‍ෂාන්‍ති සත්‍යාධිෂ්‍ඨාන මෛ‍ත්‍ර්‍යුපෙක්‍ෂාලක්‍ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්‍ත වැ - මාරාරාතිචක්‍රාක්‍රමණසන්නද්‍ධ බුද්‍ධාංකුර මහා යොධාද්‍ධ්‍යුෂිත තුෂිත භවනාරූඪ වැ - ශ්‍රද්‍ධානුරාගාවර්‍ජ්‍ජිතාමිතාමරවරවධු විධූයමාන මකරචාරුචාමරධවලීකෘතොදාර පාණ්‍ඩරතර කීර්ති විමානයෙහි වැඩැ වෙසෙමින් භක්‍තිප්‍රෙමාතිභාරාවන්‍ත සර්‍වසුරාසුරවර චක්‍රචාරුචූඩාමණිමරීචිසඤ්‍චය පරිචුම්‍බිත චරණනඛමයූඛ ජාලාභිෂෙකයෙන් භුවනත්‍රයයට අභිෂෙක දී - දුර්‍ගති දුර්‍ගාභිමුඛ වැ පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව සන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ - දිව්‍යබ්‍රහ්‍මයන් විසින් සමාරාධිත වැ - මහාසම්‍මත පරම්‍පරානුයාත ශුද්‍ධ සූර්‍ය්‍යවංශාභිජාත සර්‍වගුණ ගණාභරණ විභූෂිත කීර්තිමාලා පරිශුද්‍ධ ශුද්‍ධොදන මහාරාජොපනිඃශ්‍රයයෙන් අපරිමිත පුණ්‍යසම්‍භාර රූපලාවණ්‍ය ගුණොපෙත මහාමායා දේවීන් ගර්‍භචෛත්‍යාන්‍තර්‍ගර්‍භයෙහි ආත්‍මීය ප්‍රතිසන්‍ධාන ධාතුනිධාන කොටැ - ස්‍ඵටික චෛත්‍යාන්‍තර්‍ගතවිරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් දශ මාසයක් මාතෘ ගර්‍භයෙහි වැසැ - වසන්‍ත මදමොදමානමුඛර මධුරතර භාරභරිතාංකුරිත කුසුමිත ඵලිතපල්‍ලවලතා විතාන විතත විචිත්‍ර විශාලසාල සලල කෙශර නක්‍තමාල තමාල නීප කදම්‍බාදී තරුෂණ්‍ඩ මණ්‍චිත ලුම්‍බිනී වනොද්‍යානයෙහි මාතෘගර්‍භයෙන් ප්‍රසූත වැ මහාබ්‍රහ්මොපනීන ස්‍වර්‍ණජාලයෙන් ලොකපාල දිව්‍යපුත්‍රොපනීත අජිනචර්‍මයෙන් මනුෂ්‍යොපනීත දුකූල චුම්‍බටකයෙන් ක්‍රමයෙන් වැඩැ - වසුධාඞ්‍ගනා මස්‍තකෛකශෙඛර භාවයට පම්‍ප්‍රාප්ත වැ - අශෙෂ දොෂාන්‍ධකාර නිකර නිරාකරණ සමුද්‍ගත තරුණ තරණී මණ්‍ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලෝකනය කොටැ - අනන්‍තාපරිමාණ ලොකධාතු පර්‍ය්‍යාපන්‍න සමස්‍තසත්ත්‍ව නිකායයෙහි ආත්‍මසදෘශාධික පුද්‍ගලාන්‍තරයක්හු නැති සේ දැකැ - උත්‍තරදිශාභිමුඛ වැ සප්‍තපදව්‍යතිභාරාවසානයෙහි වැඩැ සිටැ - “අග්‍ගොහමස්‍මි ලොකස්‍ස, ජෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස, සෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස අයමන්‍තිමාජාති නත්‍ථිදානි පුනබ්‍භවො” යි අභීත සිංහනාද කොටැ - සර්‍ව සුරාසුරවර මත්‍තමාතඞ්‍ගමානමදපරිශොෂණ නිපුණ සිංහනාද පරිපූරිතාශෙෂ භවනකුහර ඇති වැ ශාක්‍යාධිරාජසිංහ පොතකොත්‍තමයන් චතුරචතුරාශීතිසහස්‍රකුලප්‍රභෙදවිස්‍තීර්‍ණ බන්‍ධු වර්‍ගයා මද්‍ධ්‍යයෙහි විරාජමාන වැ ශුක්‍ලපක්‍ෂාභිවර්‍ධමාන චන්‍ද්‍රමණ්‍ඩලානුකාරයෙන් ක්‍රමාභිවෘද්‍ධ වැ ප්‍රභාස්‍වරතරවරාඞ්‍ගනා මද්‍යයෙහි විරාජමාන චන්‍ද්‍රලෙඛානුකාරී යශොධරා ප්‍රමුඛානෙක කොටි නාටක ස්‍ත්‍රීන් පරිවෘත වැ - ප්‍රතිදිනාරබ්‍ධමංගල කපිලවාස්‍තු මහානගරවරයෙහි ක්‍රිඩානුභවයෙන් ඒකොනත්‍රිංශත් සංවත්‍සරාතික්‍රාන්‍ත කොටැ ජරාජීර්‍ණ රොගාවතීර්‍ණ මරණාවතීර්‍ණ පූර්‍වනිමිත්‍ත සත්ත්‍වසන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ ප්‍රව්‍රජිත රූපසන්‍දර්‍ශනයෙන් නිවෘත්‍ත වැ, නෛෂ්‍ක්‍රාම්‍යාභිමුඛ මනසින් සන්‍තුෂ්‍ට වැ, ඡන්න නම් අමාත්‍ය ද්‍විතීය වැ - අනෙක කොටි සතසහශ්‍ර චක්‍රවාලාන්‍තරාල පරිස්‍ඵුරිත දිව්‍ය බ්‍රහ්‍ම ගණාකීර්‍ණ පාරිජාත ම‍න්‍දාර මකරන්‍ද බින්‍දු සින්‍ධුරිතාංගසුන්‍දරතර චතුරතර තුරංගයානයෙන් ප්‍රයාණය කොට, අනොමා තීරයට සම්‍ප්‍රාප්‍ත වැ - සර්‍වාභරණ විභූෂිත කනකවර්‍ණ දෙහශොභා ඇති බැවින් සුපුෂ්‍පිත කණිකාර තරුශිඛර සමුර්‍ධ්‍වාගත භ්‍රමරාවලී ලීලායෙන් ආත්‍මීය ඛඞ්‍ගධාරා සමුච්‍ඡින්න කෙශධාතු ආකා‍ශයෙහි විහිදැ ඝටීකාර මහාබ්‍රහ්‍මොපනීත විශිෂ්‍ටාෂ්‍ටපරිෂ්‍කාරයෙන් ප්‍රව්‍රජිත වැ ප්‍රව්‍රජ්‍යාසුඛස්‍මෘති රසාස්‍වාදයෙන් සප්‍තාහාතික්‍රාන්‍ත කොටැ රාජගෘහ නගරවරයෙහි භික්‍ෂාටනයෙන් සන්‍තර්පිත වැ ෂට්-සංවත්‍සර මාත්‍රයක් ප්‍රධාන භූමියොග කොටැ - කෂ්‍ටව්‍රත සමාදානයෙන් මොක්‍ෂයාගේ අලභ්‍යභාවය ලොකයාහට ප්‍රකාශ කොට සුජාතොපනීත ක්‍ෂීරපායාස ප්‍රතිග්‍රහණයෙන් රූපකායානුග්‍රහය කොටැ ස්‍වස්‍තිද්‍විජොපනීත කුශමුෂ්‍ටිග්‍රහණයෙන් මාරාතිසංග්‍රාම භූමිස්‍ථානීය බොධි මණ්‍ඩපයට සම්‍ප්‍රාප්‍ත වැ - පෘථිවි සමුද්‍භෙදොද්‍ගත කුසුම පර්‍ය්‍යංකවරචාර සමාරූඪ වැ චතුරංග සමන්‍විත වීර්‍ය්‍යාධිෂ්‍ඨානයෙන් පර්‍ය්‍යංක බන්‍ධනය කොටැ - තත්‍කාල සමායාත සංග්‍රාමාතිභීෂණ මත්‍ත මාතඞ්‍ග තුරඞ්‍ගාඩම්‍බර හර්‍ෂහෙෂාරව බධිරීකෘතාශෙෂ ත්‍රිභුවන භවන පුටපාටනපටු පටහ පණව දුන්‍දුභිධ්‍වනි ප්‍රලයාසනි සම්‍පාත නිර්‍ඝොෂයෙන් ඝොෂ වූ දොර්‍දණ්‍ඩමණ්‍ඩලොෂිත නිශිත කොදණ්‍ඩ දණ්‍ඩ කාණ්‍ඩ කම්‍පන භින්‍දිවාල කරවාලාර්‍ධචන්‍ද්‍රචක්‍රාදි විවිධායුධ සහස්‍ර දුර්‍වාර සපරිවාර මාරපරාජය කොටැ - ප්‍රථම යාම සමධිගත පූර්‍වෙනිවාසානුස්‍මෘති ඥානාලොක බලයෙන් අතීත කාලවර්‍ත සර්‍ව දොෂාන්‍ධකාර නිකර නිරාකරණය කොටැ - මද්‍ධ්‍යමයාම සමධිගත දිව්‍යචක්‍ෂුරබිඥානාලොක බලයෙන් චවමානොපපද්‍යාමානාද්‍යනෙක සත්ත්‍ව සමීක්‍ෂණයෙන් නාගතාමිත කාලවර්‍ත්‍යඥානතමොජාලප්‍රදාලනය කොටැ - පශ්‍චිමයාම සමධිගතසවාසනාසර්‍වක්‍ලෙශසමුච්‍ඡෙද සමස්‍තාෂ්‍ටාංගාර්‍ය්‍යමාර්‍ගඥාන ලක්‍ෂණ ආස්‍රවක්‍ෂයකරාභිඥානාලොක බලයෙන් වර්‍තමාන ඝනතරාඥානතිමිර පටල පුටපාටනය කොට මෙසේ වූ ත්‍රිවිද්‍යාඥානාලොක බලයෙන් අධ්‍වත්‍රිතය සර්‍ව දොෂාන්‍ධකාර දූරීකරණයෙන් සංස්‍කාර විකාර ලක්‍ෂණ නිර්‍වාණ ප්‍රඥපති යන පඤ්‍චවිධඥෙයමණ්‍ඩලයෙහි ඓශ්‍වර්‍ය්‍යය කෙරෙමින් අනාවරණ ඥානාභිෂෙකයෙන් සර්‍වධර්‍මාධිරාජ්‍යපදයෙහි සුප්‍රතිෂ්‍ඨිත වැ - ස්‍ථානභවයොනිගතිවිඥානස්‍ථිති සත්ත්‍වාවාස භෙද භින්න සර්‍වසත්ත්‍වවර්‍ගාශ්‍රිත ක්‍ලෙශාරිවර්‍ගසමුච්‍ඡෙද චතුර චතුරාශීති සහස්‍ර ධර්‍මස්‍කන්‍ධ මහා නගරවරයට සම්‍ප්‍රාප්‍ත වැ චතු‍ර්‍වෛශාරද්‍ය දශබල චතුර්‍දශ බුද්‍ධඥානාෂ්‍ටාදශ බුද්‍ධ ධර්‍ම ද්‍වාත්‍රිංශද්‍වර මහාපුරුෂලක්‍ෂණයෙන් හා අශීත්‍යනුබ්‍යඤ්‍ජනව්‍යාමප්‍රභාකෙතුමාලාලඞ්‍කාරයෙන් විරාජමාන වැ - තථාගතවර ධර්‍මචක්‍රවර්ත්‍ති තමා නානා දෙශයෙහි නානා කාලයෙහි නානාවිධ විනෙය සත්ත්‍වාශයානුශය චරිතාධිමුක්‍ති වශයෙන් සද්‍ධර්‍මාමෘත වර්‍ෂා කෙරෙමින් සර්‍වසම්‍පන්න ශ්‍රාවස්‍ති මහා නගරවරොපනිඃශ්‍රය කොටැ - සර්‍වධර්‍මාධිරාජධානි ස්‍ථානීය ජේතවන මහා විහාරයෙහි වැඩ වෙසෙමින්, දෙසුවා වූ සුවාසූ දහසක් ධර්‍මස්‍කන්‍ධයට අන්‍තර්‍ගගත වූ විශාලා මහනුවර ජනපද රොගභය පලවා - කෙළලක්‍ෂයක් සක්වළෙහි ආඥා පැතිරැ දිලිසෙමින් සිටි රුවන් සූත්‍රයෙහි වදාළ තාක් ආඥා ගුණ තොජොබල මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුසේ විය යුතු.


    සර්‍වාන්‍තරායවර මහබිනික්මන් සකස්කඩ නිමි


    සිද්‍ධිරස්‍තු.
     
    Last edited: