දන්තුරේ සටන

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහල ජාතියේ හැරවුම් ලක්ෂයක මහ සටන..
    වසර හාරසිය විස්සක් සපිරෙන ඓතිහාසික දන්තුරේ සටන.


    10616597_10152487459678687_5276528841653342682_n.jpg


    සිංහල ජාතියේ හැරවුම් ලක්ෂ්‍යය වූ ඓතිහාසික දන්තුරේ මහා සටනට ඔක්‌තෝබර් 04 දින වනවිට අවුරුදු හාරසිය විස්‌සක්‌ සම්පූර්ණ වේ.
    සිංහල ජාතියේ ගමන් මඟෙහි නව හැරවුමක්‌ දන්තුරේ සටනින් ඇති වූ බව සඳහන් කරන්නේ මන්දැයි සලකා බලමු. ලංකා ඉතිහාසය ලියූ බොහෝ ඉතිහාසඥයන්ට පෘතුගීසි ආක්‍රමණයන්ට ලංකාව ගොදුරු වූ මෙම යුගයන් හි සිදුවූ වැදගත් සිද්ධීන් පිළිබඳව අධ්‍යයනයන්හි යෙදෙන්නට නුපුළුවන් විය. සීතාවක රාජධානිය කරගත් පළමුවැනි රාජසිංහට 1902 මුල්ලේරියාව සටන් බිමෙහිදී කෝට්‌ටේ පෘතුගීසි බලයට විරුද්ධව ජය ලබා ගැනීමට හැකි විය. ඔහු 1562 දී කිරුළ පැළඳ අවුරුදු 19 ක්‌ රාජශ්‍රීයෙන් පසු 1581 දී දැයෙන් සමුගත්තේය. මෙම කෙටි කාලය තුළ රාජසිංහ සෙංකඩගල රාජ්‍යය ද සීතාවකට ඈ¹ ගැනීමට විටින් විට සටන් දියත් කළේය. ඔහු සෙංකඩගල රාජධානියට මෙන්ම කෝට්‌ටේ රාජධානියටද එක්‌වරම පහර දුන්නේය.


    ඔහු සෙංකඩගල රාජධානියේ තුන්වැනි ජයවීර නොහොත් කරල්ලියද්දේ කුමාර බණ්‌ඩාර සිහසුනෙන් පලවා හැර වීරසුන්දර බණ්‌ඩාර නොහොත් විෙ-සුන්දර නම් වූ පෘතුගීසින් "මහාකලු පරාක්‍රම" නමින් හැඳින්වූ තුන්යමගේ දෙවැනි පුතා 1582 දී සිහසුනට පත් කළේය. ඉන් අවුරුදු තුනකට පසු 1582 දී වීරසුන්දරට වලගම වට්‌ටාරම ප්‍රදේශයද භාර දීමට යෑයි පවසා සීතාවකට කැඳවා යන අතරමඟ කෑගල්ලේ ඇකිරිගලදී බොරු වළක දමා මැරවීය. රාජසිංහ සෙංකඩගලට පැමිණ තම්මිට බණ්‌ඩාරගේ පුතා නිකපිටියේ බණ්‌ඩාරට රාජසූරිය යෑයි නම තබා සෙංකඩගල සිහසුන භාරදී ආපසු ගියේ පෘතුගීසීන් හා යුද්ධ කිරීමටය. නිකපිටියේ බණ්‌ඩාර රාජසිංහගේ වැඩිමල් සොයුරි මැණික්‌ බිසෝ බණ්‌ඩාරගේ පුතාය. දුම්බර අම්බාලේ ගොඩකුඹුරේ රන්හොටි මුදියන්සේලාගේ නායකත්වයෙන් ආ පිරිසක්‌ 1585 සිට 1591 දක්‌වා රජවූ රාජසූරිය රජු පලවා හැර දමා යමසිංහ බණ්‌ඩාරට රජකම ලබා දුන්නේය. රාජසූරිය ද 1585 සිට 1591 දක්‌වා පෘතුගීසීන් වෙත ගොස්‌ පණ බේරා ගැනීමට දොන් පිලිප් නමින් බෞතීස්‌ම ලැබුවා පමණක්‌ නොව රාජසූරියගේ පුතාද පෘතුගීසීන් වෙතට ගොස්‌ දොන් ජාවෝ නමින් බෞතීස්‌ම ලැබීය. එපමණක්‌ නොව තම්මිට බණ්‌ඩාර ද දොන් ප්‍රැන්සිස්‌ බරටෝ නමින් බෞතීස්‌ම ලැබීය. ඉහතින් සඳහන් කළ මන්නාරමට පැන ගිය කුමාර බණ්‌ඩාර සහ බිසවද ටික කලකින් වසූරිය රෝගය වැළඳී මිය ගියේය.


    10659322_10152487459673687_2828103408826475967_n.jpg



    සෙංකඩගල රාජ්‍යයට පිය උරුමයෙන් අයිතියක්‌ තිබූ දෙහැවිරිදි පමණ වූ කුසුමාසන දේවි කුමරිය ද මන්නාරමේ පල්ලියකදී දොaන කැතරිනා නමින් බෞතීස්‌ම ලැබ පෘතුගීසීන්ගේ රැකවරණය යටතේ හැදී වැඩුණා පමණක්‌ නොව ඉංග්‍රීසි, පෘතුගීසි, සිංහල ආදි භාෂාවන් මෙන්ම රැජිනකට අවශ්‍ය සියලුම ඇවතුම්, පැවතුම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද ඇතුළු බටහිර අධ්‍යාපනයක්‌ ද ලැබුවාය. මෙසේ උඩරට රාජධානියේ කැළඹිලි සහිත වාතාවරණයක්‌ ඇතිකරවා රාජ්‍ය උරුමයක්‌ තිබූ අය විනාශ කිරීමේ හෝ බෞතීස්‌ම කරවා ගැනීමේ උපක්‍රමයන් පෘතුගීසීන් තුළ විය. සෙංකඩගල රජතුමාද ආරක්‍ෂාව සඳහා ගලේ නුවර මාලිගයක විසීය. වීරසුන්දර බණ්‌ඩාරගේ පුත් වූ කොනප්පු බණ්‌ඩාරද මේ වන විට ඔස්‌ටි්‍රයාවේ දොන් ජුවන් නමින් පෘතුගීසීන්ට එක්‌ව සිටි සිංහල රණශූරයෙකි. ඔහු පෘතුගීසීන් වෙත ගොස්‌ සිටියේ සිය පියා වූ වීරසුන්දර ඝාතනය කළා වූ සීතාවක රාජසිංහගෙන් එම කෲර ඝාතනයේ පලිය ගැනීමටයි.


    කල්යල් බලා සිටි පෘතුගීSසීහු උඩරට ආක්‍රමණය සඳහා ඔවුන්ගේ සටන් කණ්‌ඩායමක්‌ එවීය. ඒ සමඟම මන්නාරමේ සිටි දොaන කැතරිනා නොහොත් කුසුමාසන දේවියද පේදුරු ලෝපස්‌ සෙනෙවියා සහ භට පිරිසක්‌ සමඟ බලන බලා පිටත් විය. එදා සෙංකඩගල රාජධානියට ඇතුල්වීමේ ප්‍රධාන දොරටුව වූයේ බලන කපොල්ලය. පෘතුගීSසීන් මෙහිදී පේදුරු ලෝපස්‌ සෙනෙවියාට බලාපොරොත්තුව ඇති කළේ යුද්ධය දිනා ගැනීමෙන් පසු දොaන කැතරිනා කුමාරිය කරකාර බන්ධනයට ගෙන සෙංකඩගල කිරුළද ලබා දෙන බවට පොරොන්දු වීමෙනි. එසේ වූ කල සෙංකඩගල රාජධානියද කෝට්‌ටේ පෘතුගීසීන්ට කප්පම් ගෙවන ඔවුන්ගේ යටත් විජිතයක්‌ බවට ඉබේම පත්වනු ඇත.

    එදා සටන වූයේ යක්‌දුරේ වෙල්යායේය. පෘතුගීSසි භටයන් නවසීයක්‌ පමණ වෙල්යායේදී මිය ගොස්‌ ඇත. මෙවර ශ්‍රී දළදා මාලිගයට පිදූ දානය මෙම වෙලේ අස්‌වැන්නෙන් ලබාගත් සුවඳැල් හාලිනි. සිංහලයන් පෘතුගීසීන් හා කළ සටනින් දිනා ඇත්තේ අවම සිංහලයන් පිරිසක්‌ මරණයට ගොදුරු වන යුද්ධෝපක්‍රම අනුගමනය කරමිනි. මෙම යුද්ධ උපක්‍රමයන්ම 1638 දී ගන්නෝරුව සටනෙහිදීද අනුගමනය කිරීමෙන් දෙවැනි රාජසිංහට පෘතුගීසි හමුදා මෙහෙය වූ කැප්ටන් ජනරාල් දියෝ ගෝද මැලෝ ක්‍රැස්‌ත්‍රොa සෙනෙවියා හා භට පිරිස්‌ පරාජය කිරීමට හැකිවිය. සටනින් ජයගත් සිංහලයන් කොනප්පු බණ්‌ඩාර විමලධර්මසූරිය නමින් සෙංකඩගල රාජ්‍ය කිරුළෙහි තැබීමට සමත් විය. ඒ සමඟම දොaන කැතරිනා නමින් පෘතුගීසින් හා මන්නාරම සිට සෙංකඩගලට ආ කුසුමාසන දේවිය විමලධර්මසූරිය මහ රජතුමාගේ අගබිසව බවට පත්විය. රජවූ පසුව දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක්‌ යට සඟවා තිබූ ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගලට ගෙන ආවේය. දළදාව වැඩමවීම සඳහා කුසුමාසන දේවිය යටිනුවර මැණික්‌කරුවකු ලවා කැප්පවූ මැණික්‌ කරඬුවේ දළදා වහන්සේ අද දක්‌වා වැඩ සිටින බව මහනුවර ශේන් සෙනෙවිරත්න ඉරිදා ලංකාදීපයට සැපයූ ලිපියක පවසා තිබිණි. විමලධර්මසූරිය රජතුමා 1593 සිට 1604 දක්‌වා අවුරුදු එකොළහක්‌ රජ කළ පසු කුසුමාසන දේවිය 1604 සිට 1609 දක්‌වා අවුරුදු පහක්‌ රජකර 1613.07.30 දින මෙලොවින් සමුගත්තාය.


    10665725_10152487460173687_4375687214333839994_n.jpg


    මුලින් සඳහන් කළ හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳව දමිළ විද්වතෙකු වූ ඊ. වී. ඒ. නාගනාදන් 1998.09.07 දින ඩේලි නිවුස්‌ පුවත්පතට සැපයූ ලිපියක සඳහන් කරුණු මෙසේ ගෙනහැර දක්‌වමි. කෝට්‌ටේ දොන් ජුවාන් ධර්මපාල පෘතුගීසීන්ට තෑගි ඔප්පුවකින්ද 1598 මල්වාන ගිවිසුමෙන්ද ස්‌ථිර කරන ලද තෑග්ග තව දුරටත් භුක්‌ති විඳීමට පෘතුගාලයට නොහැකි වූයේ මේ රටේ වාසනාවට බිහි වූ විමලධර්මසූරිය කුසුමාසන දේවිය එකමුතුවෙන් 1739 ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ දක්‌වා වූ ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක්‌ තුළ පැවැති සිංහල රජවරුන්ගේ පාලනය හේතුවෙනි. බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගැනීමට ලක්‌ව අද දක්‌වා පවතින්නේ විමලධර්මසූරිය කුසුමාසන දේවියගේ එකතුවෙනි. කුසුමාසන දේවිය නොවූයේ නම් අද අපට දළදාවක්‌ හෝ දළදා මාලිගයක්‌ද නැත. මන්දයත් විමලධර්මසූරිය රජකමට තම උරුමය තහවුරු කර ගත්තේ ඇය උපතින් ලත් රාජ්‍ය උරුමය නිසා බැවිනි. අභාවයට යමින් තිබූ සංඝ පරම්පරාව නැවතත් බුරුම රටින් උපසම්පදාව ගෙන්වා මේ රටේ ස්‌ථාපිත කළ නිසා සංඝරාජ මහනායක මෙන්ම ගිහි පාර්ශ්වයට දියවඩන නිළමේ ධුරයද නැවත වරක්‌ ස්‌ථාපිතව අද දක්‌වා පවතී. මේ දෙදෙනාද පෘතුගීසීන්ගේ වුවමනාවන් ඉටු කිරීම සඳහා ගෝවට හෝ පෘතුගාලයට ගොස්‌ පදවි තානාන්තර ලබාගෙන වැජඹුණේ නම් අද සිංහල කියා ජාතියක්‌ද නැත.
    බුද්ධාගමක්‌ද නැත. පිලිපීනයේ මෙන් ඉංග්‍රීසි බස කතා කරන සංකර සිරිත් විරිත් අගයන පිරිසක්‌ අප රටේ ද සිටිනු ඇත. අපේ යමසිංහ බණ්‌ඩාර දොන් ජාවෝ නමින් සිට ලිස්‌බන් නගරයට ගොස්‌ තෙල්හිරියාස්‌ ප්‍රදේශයේ සිය ධනය වැය කර ගොඩනැඟූ "තොස්‌සා සෙන්හෝරා ඩ පෝටාදි ඩියෝ" නම් පල්ලිය අදත් දැක ගත හැක. නිකපිටියේ බණ්‌ඩාරද දොන් පිලිප් නමින් බෞතීස්‌ම ලැබ 1642 අප්‍රේල් මාසයේදී වයස අවුරුදු හැටහතරක්‌ම මැරෙන තුරු සිටියේ ලිස්‌බන් නගරයේ රජතුමා ගෙවූ කෘසේඩ් හාරදාහක දීමනාවක්‌ මතය. මේ ඉතිහාසය අද වැනි දන්තුරේ සටනින් ජයගත් දිනයක සිහිපත් කරන්නේ සිංහල ජාතියට වේගයෙන් අමතක වන රෝගයකට භාජන වී සිටින නිසා මිස කුසුමාසන දේවිය අපේ ගමේ හා විමලධර්මසූරිය දුම්බර දීගල්ල ගමේ නිසා හෝ විමලධර්මසූරිය රජතුමාගේ මව වූ කොස්‌ බොක්‌කේ ගෙදර විමලූ යටිනුවරින් නිසා නොවේ. වීරෝදාර සිංහලයන් එදා දන්තුරේ සටනට එක්‌ව දන්තොට වතුර යක්‌දුරේ වෙල්යායේදී හැඳි ගා දැමුවේ ඒ වීර පරම්පරාවලට උරුමව තිබූ සිංහලේ ඉතිහාසය යළි ලියා තැබීමටය. එපමණක්‌ නොව ඇය ඒ වන විට යාපනේ තම පුතුන් වූ මාතලේ ගොඩපොල කුමාරයා නොහොත් විජයපාලද, උවේ කුමාරයා නොහොත් කුමාරසිංහ කුමාරයාටද යාපනේ අරඝන්කේෂරි නොහොශරීන දෙවැනි සංකිලි ප්‍රාදේශීය රජුගේ දූවරුන් සමඟ කරකාර බන්ධනයට ඇතුල් කිරීමෙනි.
    ඩොනමෝර් කොමිසම සෝල්බරි කොමිසම ආදි ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ යෝජනා කොමිෂන් සභාද අප රටට ඒකීය රාජ්‍ය තත්ත්වයක්‌ නිර්දේශ කළේය. සෙනරත් රජතුමා 1628 දී තම ඥති පුතුන්ගේ උරුමය ලබා දීම සඳහා යුද්ධ වැදී සංකිලි පවුලේ සියලු දෙනාම දූපතකට පලවා හැරියේය. යාපනයේ නල්ලූර් කෝවිලට සමීපව පිහිටි "සංකිලි තෝප්පුව" නම් මාලිගාව මෙම තුමාරවරුන් පදිංචිව සිටි ස්‌ථානයයි. එම මාලිගාව අදත් ඒ පරිදිම දැක බලා ගත හැකිය. එදා මෙම සටන් වලට නායකත්වය දුන් සරණ සෙනෙවියා, මැණික්‌දිවෙල රටේ රාළ, හොරතලා මහදුරයා ආදීහු ඉතිහාසයේ සදා නොමියෙන චරිතය. හොරතල් කුමාර නමින් විදුහලක්‌ දැනටම ආරම්භ කර ඇති අතර දන්තුරේ මහා විද්‍යාලය විමලධර්මසූරිය මහ රජතුමා නමින් නම් කරන ලෙසට රජයේ අවධානය යොමු වේවා.
    කුසුමාසන දේවිය අවසාන කාලය ගත කළ කෑගල්ලේ වැලිමන්නාතොට මාලිගාව සතු වූ අක්‌කර හතක භූමි භාගයක්‌ රජය විසින් පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ වශයෙන් නම් කර තිබිණි. එහි තිබූ පැරණි සන්නස්‌ ගල් පුවරුව එවකට කෑගල්ලේ සිටි දිසාපතිවරයෙක්‌ වූ කුරුප්පු මහතා ඔහුගේ නිල නිවාසයේ ආරක්‍ෂිතව තබා තිබිණි. අද මෙම පුරාවිද්‍යා රක්‍ෂිතයේ නිවාස සංකීර්ණයකි. මාලිගා භූමිය පිටතින් සිටවත් නොපෙනෙන පරිදි විශාල උස්‌ තාප්පයක්‌ බැඳ ඇත. මෙම මාලිගාව තිබූ බිම් කොටසවත් ආපසු ලබා ගැනීමට අප කොපමණ උත්සාහ කළත් නොහැකි වී ඇත්තේ පවතින මනාප ඡන්ද ක්‍රමය නිසාය. බලන සටනින් පසු දන්තුරේ රජමහා විහාරයේ නම නම් පොතට හා විහාර අස්‌නටද එක්‌විය. සිංහලයන්ගේ කඩු ගබඩාව අද කඩුගන්නාවය. වීරසුන්දර බණ්‌ඩාරගේ මාලිගාව තිබූ තැන මාලිගාතැන්නය. කුමාරගල පුරාණ දේවාලයකි. කඳවුරු බැඳි ගම්මානය කදන්ගමය.
    යුද්ධයේදී සටන්කරුවන්ට දිනපතා කත්හැටක බත් සැපයූ ගම කන්තොටය. රොත්ත පිටින්ම සතුරන් ඝාතනය කළ තැන රත්තේපිටියයි. අමුණුපුර මුදලි බලනකොටුව ගොඩනැඟුවේය. තානායම්වත්ත පෘතුගීසීන්ගේ තානායම තිබූ ස්‌ථානයයි. මේ නිසා දන්තුරේ සටන යටිනුවර ජනතාව ඇතුළු ජාතියේ වාත්සල්‍යය ප්‍රදර්ශනය වූ භූමියකි.
    ***


    උපුටා ගැනීම facebook
    දළදා මාලිගාව වෙබ් පිටුව
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දැනුයි දැක් බන්
    සුපිරි අතිත කථාවක්නෙ.
    දැන් ඕෆ් වෙන් හදන්නෙ. බුක්මාක් කරගත්ත. අනිවා කියවනව මචන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වගේ ම සිංහල රජවරුන් ගේ සටන් හමුදාවල හිටපු දේවබණ්ඩාරවරුන් ගැනත් ලියපං. හැටහත් කට්ටුවක් දේවතා බණ්ඩාර දෙවිවරු විදියට අද පුදපූජා ලබන්නේ සිංහලේ පැරණි රාජවංශවලට අයත් සේනා (ප්ලැටූන්) හැට හතරක නායකවරුන් වූ දේව වංශික නායකයන් සහ ඔය හැට හතර දෙනාගේ සෙනෙවි වරුන් වු බණ්ඩරසෙනෙවිවරු තුන් දෙනා.......මේ අයට අදටත් පාරම්පරික අංගම් සටන්කරුවන් පුජා පවත්වනවා................