දන්නවා උනාට අමතක වන දේවල්..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,187
    8,185
    113
    M-Town
    දන්නවා උනාට අමතක වන දේවල්..

    දන්නවා උනාට අමතක වන දේවල්..

    පාර මාරු වීමේදි කහ ඉර භාවිතා කරන්න..කහ ඉරෙන් මාරු වන විටදි කැට් වෝක් එකෙන් නොයා පය ඉක්මන් කරගන්න.ඒ ඔබේ ගෙදර සාලය නොවේ.

    *කොහේ හෝ භෝජන සංග්‍රහයකට සහභාගි වනවා නම් මේසයේ වාඩි වූ පසු කෑම ගැන ඇද කුද කීමට නොයන්න.ඔබ මීට වසර ගනනාවකට පෙර කෑ වෙනත් හෝටලයක ප්‍රනීත ආහාර වේලවල් ගැන කටමැත නොදොඩන්න..නැවත කිසිකෙනෙක් ඔබට ආරාධනා නොකරනු ඇත.

    *බස් එකේ ජනේලේ අයිනේ වාඩි වීමට බොහෝ දෙනා කැමතිය..ටයිටැනික් එකේ ජැක් රෝස් ට කෙල ගසන්නට පුහුණු කරනවා සේ ඔබ ජනේලයෙන් කෙල නොගසන්න..ටයිටැනික් ගියේ මුහුදේය ඔබ ඉන්නේ පාරේය.

    *රෝහලට හෝ පොදු ස්තානයකට ගොස් වැසිකිලි භාවිතා කිරිමේදි වතුර ගසා එන්න.අනුන්ගේ දේ අපිට අප්‍රසන්න සේම අපේ ඒවා ප්‍රසන්න ඒවා වීමට හේතුවක් නැතිය.ගද ඒවා ගදමය.

    * රෝගින් බැලීමට නිවසකට හෝ රෝහලට යනවා නම් "කොහොමද ඔයාට.සනීපද කියා නොඅසන්න".සනීපෙන් නම් රෝහල් යාමේ අවශ්‍යතාවක් නොවන බව තේරුම් ගන්න.එමෙන්ම ඔබ දන්නා සියලූ රෝග වල ලක්ෂණ කලින් සතියේ මැරුන පුද්ගලයා හෝ ඔබ ගිය අවමංගල උත්සව ගැන නොකියන්න..ඔබගේ කට නිසා මිනිසුන් මිය පරලොව නොයවන්න.

    * කාලෙකට පසු කවුරුන් හෝ දුටු විට මහත් වෙලා අනේ,කලු වෙලා ,බැන්දේ නැද්ද ,බබාලා නැද්ද අරක නැද්ද ආච්චි මලාද වැනි දේ නොඅසා සිටිමට පුරුදු වන්න.කට නලියනවා නම් දේශගුනය කාලගුනය ගැන අසන්න.

    * දරුවන් එකිනෙකා එකිනෙකට වෙනස් ය.ඔබේ දරුවට දත් ආ පමනින් සෑම දරුවකුට ම දත් එන්නෙ නැත.නිතර බැලීමට ඒවා සංජේ දත් නොවේ කිරි දත් ය.ඒ නිසා දරුවා ගේ ඇවිදිම ඇඩීම හෝ දත් ඒම ගැන වදවීම අනවශ්‍යය .

    *පච්චා ගසා කොන්ඩේ පාට කරනා සියල්ලන් රස්තියාදුකාර නොවේ .විලාසිතා යනු එකිනෙකා ගේ රුචිකත්වයන් ය.ඔබ අකැමති නම නොබලා සිටින්න..ඔබෙ ඇදුම හෝ හෙයාර් ඉස්ටයිල් ගැන පාරෙ මිනිසුන් කතා කරනවාට ඔබ කැම්තිද.

    *ස්තූතියි ,කරුනාකර,සමාවන්න යන වචන සිංහල විෂය හදාරන සමයේ උගැන ඇති වචනයන්‍ ය.එය භාවිතා කිරීම යෙහෙකි.ස්තුති කිරීමට,සමාවන්න කීමට තරාතිරම අදාල නැත.

    * කුනු සෙවීම අත් හරින්න..කැලි කසල නිසි පරිදි බැහැර කරන්න..ඕපාදුප අනුන්ගේ අඩුපාඩු සොයාන හතර පස් දෙනා එකතු වී ශ්‍රමදානයක් හෝ සිදු කරන්න.ඔබගේ කටටද පරිසරයටද එය යහපතකි.

    * කෙනෙක් ගෙන් දෙයක් ඉල්ලා ගත් පසු එය නැවත ලබා දීමට පෙලඹෙන්න."අනේ මං මේ පොත කියවලා දෙන්නම්" කියා පිටු නමා ,නැවත නොදි අමතක වූවා සේ නොසිටින්න.මුදල් ද එසේමය.සෑම විටම ගිවිසුමක් හරහා ගනුදෙනු කරන්න.අසාධාරණයක් වූ විට ඔබට සාක්ෂි අව්ශ්‍ය බව මතක තබා ගන්න.

    * උදව්වක් ඕන වූ විට මුරුංගා අත්තේ තබා වර්ණනා නොකර කෙලින්ම පවසන්න.අසන කෙනාටද කියන ඔබටද පහසුය.

    * ගැහැනු ලමයින්ට මෙන්ම පිරිමි ලමුන්ටද ගෙදර වැඩ පොඩි කාලෙ සිටම කියා දෙන්න හා ඔවුන්ව ඒවාට සම්බන්ධ කරගන්න.දෙමාපියන් විදින දුක ඔවුන්ට දැනෙන්න ඉඩ හරින්න.ඔවුන් දෙමාපියන් වූ දවසක නිවැරැදි සෘජු තීරන ගැනිමට එය පිටුවහලක් වනු ඇත.

    * අසල්වාසීයාට වඩා ඉහලින් සිටිය යුතුය කියා ලෝකෙටම ණය වී ශෝ එක නොදමන්න.ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න.ඔවුන් රෑට කන්නේ පීසා නම් අපිද ඒවා කෑ යුතු නැති බව වටහා ගන්න.කිරි හොද්දක රෝස් පාන් කෑල්ල ක රසයද විදින්න.

    * ලස්සන කෙනෙක් ලස්සන දෙයක් දුටු විට අගය කරන්න..පාරේ දකින දකින් කොල්ලා ලස්සනයි කීමට නොව ඔබේම පවුලේ නෑදැයන් යාලුවන්ට එසේ කියන්න.

    * ගමනක් යන විට මුදල් පසුම්බිය හැදුනුම්පත අනිවාර්යයෙන් රැගෙන යන්න.පොලිසිය හමුදාවට මෙන්ම ඔබටද එය පහසුවක් වනු ඇත.

    * වෙලදසැල් වලින් භාණ්ඩ මිලදී ගෙන මුදල් ගෙවිමේදි කවුන්ටරය පේන මානයේම මුද්ල් හෝ ණය කාඩ් පත් පසුම්බියෙන් රැගෙන සූදානමින් සිටින්න.නැතහොත් පෝලිමේ ඔබට පිටුපස පුද්ගලයා ඔබටත් පරම්පරාවට ත් ශාප කරනු ඇත.

    * පික් මී හෝ එවැනි සේවා මගින් ත්‍රී රොද රථ ගෙන්වා ගන්නා විට නගින්න පෙර එය ඇනවුම් කල වාහනයම දැයි කියා තහවුරු කර ගන්න.නැතහොත් වෙන ත්‍රි විලයක නැගි යන ඔබට නියම රියදුරු ගෙන් කෝල් එන විට ඔබටද කරකියා ගත හැකි දෙයක් නොමැති වනු ඇත.

    * ලමයින්ට වැරැද්දක් කියා දෙන විට ඔබ පලමුව ඒ වැරැද්දෙන් ඉවත් ව ඔවුනට කියා දෙන්න.නැතහොත් ඔවුන් පෙරලා "ඇයි අම්මත් එහෙමනේ" යැයි කියනු ඇත.

    * නිවසේ සෑම විටම තේ කොල,කිරි පිටි ,සීනි වැඩිපුර පැකට් එකක් තබා ගන්න.නොකියා ගෙදරට් කඩා පාත් වන නෑදෑයන් ට අඩුම ගානේ තේ එකක් වත් සාදා දීමට හැකිවනු ඇත.

    * කිවිසුමක් ගිය විට "අනේ නම්බර් එකක් කියන්න කවුරහරි මාව මතක් කරනවා" කිය නොපවසන්න.ඊට පෙර ලේන්සුවක් භාවිතා කරන්න.

    * ඔබේ ප්‍රශ්න දුක් ගැනවිලි සමාජ් මාධ්‍ය වල නොදමන්න.බහුතරයක් ඔබට එම ප්‍රශ්න තිබෙනවාට සතුටු වනු ඇත.ඉතිරි අයට ඒ ගැන දුකක් නැත.

    *වහින දවසක කුඩය රැගෙන යන්න. ඒ සමගම එය දමා ගැනීමට කවරයක් ද රැගෙන යන්න.ඔබ වැස්සෙන් බේරුනද ඔබේ කුඩෙ නිසා තවකෙනෙක් කෘතිම වැස්සක තෙමෙනු ඇති.

    * ගෙදරදි කෑම බෙදා ගන්නා විට සාමාජිකයන් බොහෝ සිටීනම් දීසියේ තිබෙන සියල්ල ඔබේ පිගානට බෙදා නොගන්න.අනිත් අය ගැනද සිතන්න.

    *ජීවිතය ලැබෙන්නේ එක වරකි..සෑම විටම යහපත කරන්න පෙලඹෙන්න.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    *එලකිරියෙහි ත්‍රෙඩ් දැමීමේදී කියවිය හැකි වන ලෙස තරමක් විශාල අකුරෙන් දමන්න. ඔබගේ ත්‍රෙඩ් කියවීමට සියල්ලන් තමාගේ පරිඝණකය අසල අත් කාච තබාගෙන සිටින්නේ නැත.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,187
    8,185
    113
    M-Town
    *එලකිරියෙහි ත්‍රෙඩ් දැමීමේදී කියවිය හැකි වන ලෙස තරමක් විශාල අකුරෙන් දමන්න. ඔබගේ ත්‍රෙඩ් කියවීමට සියල්ලන් තමාගේ පරිඝණකය අසල අත් කාච තබාගෙන සිටින්නේ නැත.
    දැන් බලපන්.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    avatar496236_6.gif
    REP +12