දන්නා අපේ රටේ නොදන්නා තැන් ගැන

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    දන්නා අපේ රටේ නොදන්නා තැන් ගැන

    මේක මම ගොඩක් කල් ඉදලා පටන් ගන්න හිටිය නූලක්...... අපේ රටේ අපි නොදන්නා සුන්දර තැන් ගොඩක් තියනවා....
    1. පාරිසරික වැදගත්කම් අැති තැන්
    3. ඒෙෙතිහාසික හා අාගමික වැදගත් කම් අැති තැන්

    ඉතින් පටන් ගම්මු........ අදහස් බෙදාහදා ගන්න...... සැමට ජය....!!
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අලගල්ල කන්දේ වගතුග

    package5_main.png


    ශ්‍රී ලංකාවේ උඩරට දුම්රියක දකුණුපස අසුනක ගමන් කරන අයකුට පොල්ගහවෙල පසු වූ විට අලගෙඩියක හෝ මොල්ලියක හැඩයේ සිරසකින් යුතු උස් කඳුවැටියක් දක්නට ලැබේ. මෙම කඳුවැටිය රඹුක්කන දුම්රියපළට වඩාත් සමීපව දිස්වේ. එහෙත්, මුහුදු මට්ටමින් මීටර් 1100 (අඩි 3586) ක් උසැති මුදුණිකින් යුතු මෙම කඳුවැටියෙන් තුනෙන් එකකට ආසන්න උසක් දක්වා උඩරට යන ගමනේ දී දුම්රියට ඉහළ නගින්නට සිදුවන බව යමකුට සිතා ගන්නට පවා අසීරු කරුණකි.

    මෙම කන්ද අප බොහෝ දෙනෙකු අසා ඇති අලගල්ල කන්ද ය. උඩටර දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රියපළට ඔබ්බෙන් යටිවල්දෙණිය දුම්රිය නැවතුම්පළ හමුවේ. එම දුම්රිය මගෙහි අංක 5 දරන බිංගෙය හමුවන්නේ ඉන්පසුවය. ප්‍රදේශවාසීහු ඊට හේන්පොළ බිංගෙය නැතහොත් කදුරාගෙඩිය බිංගෙය යයි කියති. උඩරට දුම්රිය මාර්ගයේ 91 වන කිලෝ මීටර් කණුව එම බිංගෙයෙහි පියැස්ස අද්දරම දැකිය හැක. මීටර් 218 (අඩි 710) ක දිගකින් යුතු වංගු සහිත මෙම බිංගෙය අලකන්ද කන්දේ පාදමෙහි පිහිටා ඇත. කන්දේ නිරිතදිග බෑවුමේ ඇති හරස් කැපුමක් බඳු දුම්රිය මග ඔස්සේ උඩරට දුම්රිය අලගල්ල කන්ද තරණය කරන්නේ එතැන් සිටය. දුම්රිය අලගල්ල කන්ද නැගීම අරඹන ස්ථානයේ උස මුහුදු මට්ටමින් මීටර් 245 (අඩි 800ක්) පමණ වෙයි.

    package5_main.png


    අන් දිනවල කෙසේ වෙතත් සෑම වසරකම පෙබරවාරි 04 දාට පමණක් දහස් ගණන් ප්‍රදේශවාසීහු මෙම අලගල්ල කඳුවැටිය තරණය කරති. ඒ අපූරු හේතුවක් මතය. එනම් නිදහස භුක්ති විඳිනු පිණිසය. එහෙත් 1948 පෙබරවාරි 04 දා අපට ලැබුණු ජාතික නිදහස අලගල්ල නැගීමෙන් භුක්ති විඳීමට ලැබෙනුයේ කෙසේ දැයි මට නම් සිතාගත නොහැක. අඩුම ගණනේ ඒ මත නිදහස් උත්සවයක්වත් නොපවත්වන ඔවුහු කන්දට නැග කා, බී විනෝද වී ආපසු පහළ බසිති.

    image33-300x200.jpeg


    මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටි අලගල්ල කඳුවැටිය මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක භූමි ප්‍රදේශ වසාගෙන පැතිර ඇත. ඒ මහනුවරින් යටිනුවර සහ හතරලියද්දත්, කෑගල්ලෙන් මාවනැල්ල සහ රඹුක්කනත් වශයෙනි. ඉහත සඳහන් ප්‍රදේශවලින් සහ පිට ප්‍රදේශවලින් සෑම වසරකම පෙබරවාරි හතර වනදාට අලගල්ල කන්ද තරණය කරන පිරිස පන්දහසක් පමණ වෙතැයි කියනු ලැබේ. ඔවුන්ගෙන් වැඩි පිරිස තරුණ තරුණියන් බව ද දැනගන්නට ඇත. අලුයම හිරු උදාවත් සමග කඳු නැගීම අරඹන ඔවුන් යළි පහළට බසිනුයේ රාත්‍රී අඳුරත් සමගිනි. එමෙන්ම ඒ අතුරින් කොටසක් කූඩාරම් සහ ගිනිමැල ගසා එදින රාත්‍රියත් කන්දේම ගත කරති.

    camping-at-summit.jpg


    ජාතික නිදහස් දිනයේ නිදහස භුක්ති විඳිනු පිණිස එදින අලුයම සිට ප්‍රදේශවාසීන් අලගල්ල තරණය කරන මාර්ග හයක් පමණ තිබේ. ඒවා අතරිනුදු ප්‍රධාන මාර්ග දෙකකි. ඒ කෑගලු දිස්ත්‍රික්කයට අයත් ඉහළ කෝට්ටේ හරහා අලගල්ලවත්ත මාර්ගය සහ මහනුවර දිස්ත්‍රික්කයට අයත් මැණික්දිවෙල පොත්තපිටිය හරහා වන පාරවල් පහ, ගල්තුන මාර්ගයයි. මේ අතරින් පොත්තපිටිය මාර්ගය ඔස්සේ අලගල්ල මුදුනට පිවිසීමට අඩි එක්දහස් හත්සියයකට වැඩි උසක් තරණය කළ යුතුය. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කන්ද තරණය කිරීමේ දී අඩි දෙදෙහස් පන්සියයක පමණ උසක් ඉහළ නැගිය යුතු වෙයි.

    stair-case.jpg


    උඩරට දුම්රිය මාර්ගය අලගල්ල ගිරි ශිඛරයට වඩාත්ම සමීප වන්නේ අගනුවර සිට කිලෝ මීටර් 94.4 දුරින් පිහිටා ඇති ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අද්දරිනි. අලගල්ල කඳු බෑවුමේ පිහිටා ඇති එහි උස මුහුදු මට්ටමින් මීටර් 322.17 (අඩි 1050) කි.


    ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අලගල්ල කන්දේ නිරිතදිග පිහිටි ප්‍රපාතාකාර බෑවුමේ පිහිටීම ද විශේෂත්වයකි. ඒ හේතුවෙන් කිසිම දිනයෙක එම දුම්රිය ස්ථානය වෙත මෝටර් රථයකින්, ත්‍රීරෝද රථයකින් තබා පා පැදියකින්වත් යා නොහැක. ඉහළ කෝට්ටේ ගම්මානය පිහිටා ඇත්තේ දුම්රියපළින් අඩි 500 ක් පමණ පහළිනි. ඒ අනුව එහි සිට දුම්රියපළ හරහා අලගල්ල කන්දේ මුදුනට ඇති උස අඩි තුන්දහසකි. එය නල්ලතන්නියේ සිට ශ්‍රී පාද පද්මයට ඇති උසට සමානය.

    1traaa.jpg


    අලගල්ලේ උසම ශිඛරය ප්‍රදේශවාසීන් වෙතින් නම ලබා ඇත්තේ කොඩිගල යනුවෙනි. ඉංග්‍රීසි පාලන සමයේ අප රට මිනුම්ගත කිරීමේ දී ඒ සඳහා ආධාරක මිනුම් කොඩියක් සවි කොට තිබීම නිසා ඊට ඒ නම පටබැඳී තිබේ. කොඩිගල හෙවත් අලගල්ල මුදුනට නැගීමට ස්වභාවික කපොලු දෙකකි. ඉන් ප්‍රධාන කපොල්ල සිංහ කට යනුවෙනි. ඒ කපොල්ල සිංහයකුගේ මුවක හැඩයෙන් යුතු යැයි ගැමියෝ කියති. පර්වතයේ ස්වභාය අනුව එම කපොලුවලට බැහැරින් එහි ශිඛරය වෙත පිවිසිය නොහැක. ඒ අලගල්ල පර්වතයේ ඇති බෑවුමෙහි ශීඝ්‍රතාවය නිසාය.

    ජාතික නිදහස් දිනයේ අලගල්ල කන්දට නගින දහස් ගණන් ජනයා එහි මුදුනේ සිට කටුසු කොන්ද හෙවත් රූටන ගල පසු කොට ඊට කිලෝ මීටර් එකහමාරක පමණ නිරිතදිගින් පිහිටි පූජාගලට පිවිසීමට ද අමතක නොකරති. එම ශිඛරය මත මෑත අතීතයේ කොටන ලද ශ්‍රී පාද ලාංඡනයක් දැකිය හැක.

    98126709.jpg


    එහෙත් පූජා ගල මත දී සිදු කෙරෙන පුද පූජාවක් ගැන නම් අසන්නට නැත. ඒ කෙසේ හෝ මෙම අලගල්ලේ කඳු මුදුනේ හෙවත් කොඩිගලේ සිට අප රටේ සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වලින් සෑහෙන කොටසක් නිරාබාධිතව දැකබලාගත හැක. ඒ බව අප හා කීයේ මෙම පා ගමනේ දී අපට හමු වූ මැණික්දිවෙල, පොත්තපිටියේ සරත් දිසානායක මහතාය. එමෙන්ම මිහිඳුමින් තොර පෙබරවාරියේ අලගල්ල කඳු මුදුනේ සිට හන්තාන කන්ද, අම්බුළුවාව, බතලේගල, උතුවන්කන්ද මාතලේ රත්තොට කඳු, නකල්ස් සහ දොළොස්බාගේ කඳු සේම කුරුණෑගල, මාවනැල්ල, වරකාපොළ ඇතුළු තවත් නගර කිහිපයක් පියවි නෙතින් දැක බලාගත හැකි බව ද ඔහු කීය. මෙම අලගල්ල ශිඛරයේ සිට සහ පූජාගල මුදුනේ සිට බලන අයකුට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා දුම්රිය පහත ප්‍රපාතයේ තුරුලිය අතරින් රතු පැහැති පණුවකු මෙන් සෙමින් ඇදී යනු තැනින් තැනින් දක්නට ලැබේ. ඊට අමතරව අලගල්ල කන්දෙන් නික්මෙන දුම්රිය ඒ ආසන්නයේ ඇති මොටන කන්ද හරහා ගමන් කරන අයුරු ද අලගල්ල කඳු මුදුන්වලට කදිමට පෙනෙයි
    package5_image6.png


    මෑතකදී ඉදිකරන ලද අලගල්ල චෙෙත්‍ය රාජයාණන්

    hqdefault.jpg
     
    Last edited:
    • Like
    Reactions: chinthaka156

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    බතලේගල

    ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්ය පිළිබඳ විමසීමේ දී එහි පිහිටා ඇති ස්වාභාවික කඳුවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඊට හේතුව, ඒවා ස්වභාවධර්මයාගෙන් ලැබුණු සෞන්දර්යාත්මක දේ බැවිනි. පුංචි සීගිරිය හෙවත් බතලේගල කන්ද ද එවැන්නකි. ලෝකයේ අටවන පුදුමය ලෙස නම් දැරූ සීගිරි පර්වතයට සමාන හැඩයක් තිබෙන නිසා බතලේගල කන්ද "පුංචි සීගිරිය" ලෙස හදුන්වනු ලැබේ. එසේ ම මෙම ස්ථානය සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් ලෙස අවිවාදයෙන් පැවසිය හැකි ය.

    bagathale.jpg


    උතුරින් සූරසරදියෙල්ගේ "උතුවන් කන්දෙන්" ද, දකුණින් "සාමසර" කන්දෙන් ද ,නැගෙනහිරින් සොබාදමේ තවත් ආකර්ෂණීය නිමැවුමක් වු "අම්බුළුවාව" කන්දෙනුත් ,බටහිරින් "ඌරා කන්දෙනුත් වටවුණු බතලේගල කන්ද ,මීට අමතරව අලගල්ල, දෙවනගල, හන්තාන, වාකිරිගල ආදී කඳුවලින් ද වට වූ හුදකලා කන්දක් ලෙස දැක්විය හැකි ය. මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් පමණ උසකින් පිහිටි බතලේගල කන්ද මුදුනේ වන පර්වතය අඩි 540ක් පමණ උස වේ. මෙය සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ අරණායක නගරයට ආසන්නව පිහිටි "සබරගමු ලලනාවගේ" සොඳුරු බව ඔප්නංවන ආභරණයක් බඳු ය.

    59v9s8.jpg



    මාවනැල්ල නගරයේ සිට දෙබන්ගමට යන බසයක නැගී අනතුරුව හත්ගම්පල නමැති හංදියෙන් "බතලේගල පර්වතයට" යන මාවත අසලින් බැස එතැන් සිට 2.5 km ක පමණ දුරක් පයින් ගමන් කළ යුතු ය. මෙම 2.5 km දුර ප්‍රමාණය අවසානයේ පර්වතයට නැගිය හැකි අතර , එතෙක් මෙම මාර්ගය අවට පර්වතය ආශ්‍රිතව ඇති අක්කර 150ක් පමණ වු රක්ෂිතය නැරඹිය හැකි ය. මෙය අපූරු ඡෛව විවිධත්වයෙන් අනූන වූවකි. බතලේගලට අයත් මෙම අක්කර 150ක පමණ වූ වපරිසරයෙන් යුත් බිම් ප්‍රමාණයෙන් අක්කර 06ක් පමණ පූඡා භූමියක් ලෙස විහාරස්ථානයට වෙන් කර ඇත. ඉතිරි භූමි ප්‍රමාණය තුළ ක්‍රමයෙන් මිනිසුන් පදිංචි වී ඇත.

    bathalegala-1.jpg



    දුශ්කර මාර්ගය

    bathalegala-8.jpg


    කඳු මුදුනට යාමේ දී නැරඹිය හැකි දේ..................

    ඈතින් පෙනෙන පර්වතය දෙසට ගමන් කිරීමේ දී මෙම පරිසර පද්ධතියේ දැක ගත හැකි ශාක රාශියකි. නැරඹිය හැකි සතුන් රාශියකි. දෙසවන් පිනවන විහඟ නාද රැසකි. අලංකාර උඩුවියනකින් යුත් ඡෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ සුලභ ලෙස දැකිය හැකි ශාක හා පැළෑටි අතර , ඉතා දුර්ලභ හා ආවේණික ශාක රාශියක් ද ඇත. එමෙන් ම අලංකාර මල් පිපෙන ඕකිඩි වර්ග විශාල සංඛ්‍යාවක් ද මේ පරිසරයේ දක්නට ලැබේ.

    DSCN7673.jpg


    IMG_20120825_145555.jpg


    atsa00023.jpg


    atsa00003.jpg



    atsa00002.jpg



    P1000389.JPG


    මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක[සංස්කරණය කරන්න]
    ඇටඹ - Mangifera zeylanica.
    වල් දෙල් -artocarpus nobilis.
    හල්මිල්ල -Berrya cprdifolia.
    මිල්ල - Vitex ailissima.
    බලබොඩ - Myristica dectylordes.
    බදුල්ල - Semecarpus gardneri.
    කළුමැදිරිය -
    කිතුල් - Caryoto urens.
    භූ කෙන්ද -
    අත්කෙන්ද - Acronychia peduncularta.
    වල් කුරුදු - Cinnamomum dubium.
    මහෝ - Swietenia macrophyla.
    පුස් වැල් -
    රසකිඳලවැල් - Ainospora cordifoilia.
    සත්සඳ -
    කොතල හිඹටු
    අරත්ත -
    තෙඹු -
    ගඳපාන -
    කොටකිඹුල -
    කැන්ද - Macaranga peitota.
    හවරි නුග -Alstonia macrophyla.
    පොඩිසිඤ්ඤාමරම් - Eupatorium odorotu.

    මෙහි ශාක හා වැල් අතර ඖෂධීය අගයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුත් ශාක රාශියක් ද වේ. මෙම කදුකර මාර්ගයේ ඇතැම් තැනක දැවැන්ත ඝන පදුරු රාශියකි. තවත් ප්‍රදේශයක් පුරා පැතිරුණු මාන, ඉලුක් පදුරු රාශියකි. ඇතැම් පෙදෙසක ගල් කුළු රාශියක් ඇති අතර, වැසි සහිත කාලගුණයක් ඇති කාලයේ දී ඒ අතරින් කුඩා දියඇලි ඇද හැළී ඇති බවට සාක්ෂි තිබේ. බතලේගල පර්වතය හා රක්ෂිතය ආශ්‍රිතව විශාල සත්ත්ව විවිධත්වයක් ඇත. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික මෙන් ම වඳ වී යෑමේ තර්ඡනයට ලක් වූ සත්ත්ව විශේෂ ද රාශියක් වාර්තා වී ඇත. අපා,දෙපා, සිවුපා, මෙන් ම බහුපාවුන් රාශියකගේ වාසස්ථානය බවට පත් වී ඇති මෙකී පරිසර පද්ධතිය තුළ අලංකාර සමනළ විශේෂ රාශියක් ද දක්නට ලැබේ

    මෙහි සුලභව දැකිය හැකි සතුන්[සංස්කරණය කරන්න]
    රිළවා -Macaca sinicaaurifrons.
    මුවා - Artiodactyla.
    කළ වැද්දා -
    හිකණලා - Mabuya macularia.
    ගල් මුගටියා -Herpestesvitticollis.
    හූණා -
    වල් ඌරා -Susscrofa cristatus.
    පිනුම් කටුස්සා -Octocryptis wigmanm.
    උරුලෑවා - Viverricula indica mayori.
    පළා පොළගා - Trimerasurus trimoncephalus.
    කබල්ලෑවා - Manis crassi caudata.
    පොළොං තෙලිස්සා -
    බළල් දිවියා - prionailurus rubiginosa.
    කනඋල්ලන් -
    ඇටි කුකුළා -
    ගැටහොඹු කටුස්සා -
    කොට්ටෝරුවා -
    දඩුලේනා - Ratufa macroura melanochra.
    කිරි වව්ලා - Kirivaula picta.
    නරියා - Canis aureus.
    අළු කෑදත්තා -
    ඌරු මීයා - Bandicota indica.
    බකමූණා -
    ඉත්තෑවා - Hystrix indica.
    පිළිහුඩුවා -
    වළි කුකුළා - Gallus iafayetti.
    හාවා - Lagomorpha.
    සර්ප උකුස්සා - spilornis cheela.
    ලේනා - Redentia.
    කහ කුරුල්ලා - Orioulus xontbornus.


    අහිංසක මුව පොව්වන්ට මෙන් ම විෂඝෝර සර්පයන්ට ද මෙහි සෙවණ සැලසී ඇත. බතලේගල පර්වතය මතුපිට තැනිතලා ස්වරූපයක් ගනී. එහි දිග සාමාන්‍යයෙන් 350 mක් පමණ වන අතර, පළල 38m පමණ වේ.මෙහි මතුපිට අඩි 5-6 ක පමණ පස් තට්ටුවක් ඇති අතර, එම පස් තට්ටුව රතුකහ පොඩිසොලික් (Red Yellow Podisolic) හා ලැටරයිටි යන පාෂාණවලින් සමන්විත වේ. මෙකී තැනිතලා බිමේ මාන පදුරු, කහට ගස් ආදිය ද තැනින් තැන දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 23 පමණ උෂ්ණත්වයක් ද වාර්ෂිකව 4500mmක් පමණ වර්ෂාපතනයක් ද ලැබේ. ආර්ද්‍රතාව 85% ක පමණ ඉහළ අගයක් ගනී

    DSCN7606_45454444XXX45ed.jpg




    2_camping_hiking.jpg


    බතලේගල කදු මුදුනෙහි Camping කටයුතු සදහා ඉඩ පහසුකම් අැති අතර ඒ් සදහා විහාරාදිපති හිමියන්ෙගන් අවසර ලබාගත යුතුය.

    ඡෛව විවිධත්වයෙන් අනූන සොබාදම් මාතාවගේ අපූරු නිමැවුමක් වු බතලේගලට සත්තකින් ම අද ලබා ඇත්තේ එතරම් යහපත් කලදසාවක් නොවේ. ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින් සමන්විත ව , පාරිසරික තුල්‍යතාවට ඉමහත් මෙහෙයක් ඉටු කරන මෙකී පරිසරය රැකගැනීම අද දවසේ අප සැමගේ යුතුකම වේ. :angry::angry:
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    කවුරුත් බලන්නෑනේ බං........ වැදගත්කමක් නැති පෝස්ට් 1ක්ද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    හතර කෝරලේ ගල්බොඩ කෝරලේට ඒ නම ලැබී ඇත්තේ ගල් පර්වත පිරිවරාගත් කඳුගැට රාශියක් පිහිටි හෙයිනි. ඒ කඳු අතර ඉමහත් ඓතිහාසික වැදගත්කමක් හිමිකර ගන්නා පර්වත කූටයකි, වාකිරිගල. එය පොළොන්නරු යුගයේ කීර්තිමත් නරපතියකු වන 1 වන විජයබාහු (1070 - 1114) රජුට රැකවරණය සැලසූ බලකොටු දුර්ගයකි.

    vakirigala.jpg


    වාකිරිගල යාමට මාර්ග දෙකකි. මාවනැල්ලේ සිට අරණායක පාරේ විත් උස්සාපිටිය හන්දියෙන් දකුණට හැරී ගල්අතර පාරේ ගමන් කිරීමෙන් ද කෑගල්ල හෙට්ටිමුල්ල දිවෙල හරහා පැමිණීමෙන් ද වශයෙනි. මෙහි දෙවැනි මාර්ගය වැටී ඇත්තේ පැරණි උඩරට රජ මාවත ඔස්සේ ය.

    අඩි 1000 ක පමණ උන්නතාංශයකින් යුත් වාකිරිගල ගම්මානය තේ, රබර් හා කෙත්වතු සහිත පෙදෙසකි.

    මිතුරකුත් මාත් මේ වටපිටාව නරඹමින් වාකිරිගල දක්වා ගමන් කළේ මෝටර් බයිසිකලයක ය. කොන්ක්‍රීට් ඇතිරූ අතුරු මාවතක රබර් වතු හා ගෙවතු පසු කරමින් අපි ඉදිරියට ඇදුණෙමු. වාකිරිගල රජ මහා විහාරය පසු කරමින් ඉදිරියට ඇදෙන අපට සුන්දර ගම්මානයක සිරිය දැකගත හැකි වෙයි. හරකකු දක්කාගෙන යන ගැමියකු හෝ කඩපලට ගොස් හාල් තුනපහ රැගෙන එන ගැමි කතක හෝ අප හා ළෙන්ගතුව සිනහ වෙයි. මාර්ග තවත් දුෂ්කර වන්නට විය.

    drdfhdfh.jpg


    වාකිරිගල පොළොන්නරු යුගයේ ආරක්ෂක දුර්ගයක් වූවා සේ ම වසර 900 ක් ගත වූවත්, තවමත් එය දුෂ්කර දුර්ගයක් වී ඇත. ගමන් කිරීමට නිශ්චිත මාර්ගයක් නොමැති නිසා එයට ළඟාවීමට ගම්වැසියකුගේ මඟ පෙන්වීමක් අත්‍යවශ්‍ය වේ.

    අපි රබර් වත්තක් ඔස්සේ බෑවුම තරණය කරන්නට වූයෙමු. බෑවුම දණ හිස් නිකටේ හැපෙන තරම් දැඩි ය.

    මහාවංශයේ වාකිරිගල හඳුන්වන්නේ ‘වාතගිරි’ යනුවෙනි. එම නම ලැබීමට හේතු වූයේ පව්ව මුදුනේ සිටින්නකුගේ හිස තදින් (ගිරියෙන්) වෙන් කිරීමට තරම් වේගයෙන් සුළඟ (වාතය) හමනා නිසා බව ජනප්‍රවාදවල පැවසේ. තවත් ජන විශ්වාසයක් වන්නේ දීවෙල ප්‍රදේශය හරහා එන වා රැල්ල පර්වතයේ වැදීමෙන් ගුම් නැංවෙන හෙයින් වාතගිරි වී පසුව වාකිරිගල යන නම ලැබුණු බවයි. ජන කවියා වාකිරිගල දකින්නේ මේ අයුරිනි.

    වැර සුළඟක් තිබෙන වාකිරි යමු යාලු
    පසු කලකදී වාකිරිගල නම් වීලූ
    ඒ ගල අසල ඇති ගෙඩි කන්නට ලාලු
    හතර වටින් ජනයා රොක් වෙන වාලූ

    අපි ටිකින් ටික පර්වත පාදය අසලට ළඟා වීමු. මෙහි සිට කඳු මුදුනට පිවිසීමට පර්වතය වටා ගමන් කළ යුතු ය. එයට හේතුව පර්වත බිත්තිය ඍජුව අඩි 150 ක් පමණ ඉහළට නැඟී සිටින හෙයිනි.

    පර්වත පාදයේ එක් ස්ථානයක වූයේ ගල් දොරුවක් වැනි විවරයකි. එය උමඟකට සම්බන්ධ බවට ජනප්‍රවාදයකි. අපගේ පැමිණීමෙන් බියට පත් වේ තුඹසක් අසල සිටි තලගොයෙක් ගල් විවරයකට රිංගා ආරක්ෂාව සලසා ගත්තේ ය. පර්වතයේ එක් තැනක ඇතුළට හැරී ඇති ආකාරයට සැකසී ඇත. එය වැස්සට නො තෙමෙන හෙයින් ස්වාභාවික ලෙනක් වශයෙන් ද සැලකිය හැකි ය.

    අපි තවත් ඉදිරියට ගමන් කළෙමු. “අර තියෙන්නෙ එක ගල් දොරක්. ඔය වගේ තැන් තුනක් පර්වතය වටේට ම තියෙනවා” ප්‍රදේශවාසී මිතුරා පැවසුවේ ය.

    පර්වත භූමිය අක්කර 16 ක පමණ විශාලත්වයකින් යුක්ත ය. එය පුරාවිද්‍යා රක්ෂිතයකි. මෙය සමතලා භූමියක් නොවේ. උස් පහත් වෙමින් ඇදී යන බිම් කඩකි. ඝන කැලෑවක්, විෂම භූ ස්වභාවයක් නිසා පර්වතයේ එහා මෙහා නොපෙනේ. අප ඊළඟට ගියේ සුළං කපොල්ලට ය. හතර කෝරලය පිස එන සුළං ප්‍රවාහය පර්වතය හරහා ඇදී යන්නේ මෙතැනිනි. මෙයට වාකිරිගල යන නම ලැබුණේ මේ ස්ථානය නිසා විය යුතු ය. මේ අසල පර්වතය මත පිහිටි කුඩා ස්වාභාවික පොකුණකි. එය මාවී පොකුණ යනුවෙන් හැඳින්වේ.

    “මෙතැනට කියන්නෙ පත්කොළ මංකඩ කියලා” පර්වත බෑවුම් ඍජු ප්‍රපාතයක් පෙන්වමින් ප්‍රදේශවාසී මිතුරා පවසයි.

    පත්කොළ මංකඩේ සිට අප ගමන් කළේ කොඩිගල වෙතට ය. එය කඳුගැටය මත උසම ස්ථානයකි. මෙම ස්ථානය එදා සතුරු සේනා නිරීක්ෂණයට කදිම බැලුම්ගලක් වන්නට ඇත. හතර කෝරලේ කඳු වැටි හා පහත් බිම් ද වන වදුලු ද සුන්දර දසුනක් මවා පායි. ඈත කඳු හිස්වලට එපිටින් වැහි ඇල්ලක් ඇද හැලේ. එම වැස්ස මෙතැනට ඒමට තව ටික වේලාවක් ගත වනු ඇත.

    ඉදිරිපසින් පෙනෙන ඌරාකන්ද මහා පර්වත බිත්තියක් සේ පැතිරී යයි. එය පාමුල ඇත්තේ අස්මඩල ගම්මානයයි. තවත් පසෙකින් දිස්වන්නේ බතලේගල ය. යාලගම, පොල්කුඹුර, දලුක වැනි ගම්මාන පහළ නිම්නයේ පැතිර තිබේ. වාකිරිගල සහ දීවෙල යන ගම් එයට මෙපිටිනි. මේ ගම්මානවල කුඹුරු, විල්ලු ද පලස් ආකාරයෙන් දිස් වෙයි. සුදු පැහැති මලින් බරව කැපී පෙනෙන තේක්ක ගස් අලංකාර දසුනක් මවා පායි.


    කොඩිගලෙහි සිට කටු පඳුරු අතරින් රිංගමින් අප පැමිණියේ මාළිගාතැන්නට ය. එය අක්කරයක පමණ තරමක තැනිතලා භූමියකි. මෙහි වනයට යටව කැඩුණු ගල් කණු කැබලි කිහිපයකි. රජුගේ මාළිගාව මෙහි පිහිටා තිබූ බව ජනප්‍රවාදයයි. මෙම ගල්කණු පවා නිදන් හොරුන් හාරා විනාශ කර ඇත. මෙහි නිදන් හෑරූ වළවල් තුනක් දැකගත හැකි ය.


    උපුටාගැනීම - www.silumina.lk
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    ඇල්ල පැත්තේ සැහෙන්න තැන් තියෙනවලු බලන්න....

    රාවණා ඇල්ල
    දෙමෝදර ආරුක්කු 9 පාලම
    රේල් ගැටේ
    රාවණ ගුහාව
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113

    ඇල්ල පැත්තේ සැහෙන්න තැන් තියෙනවලු බලන්න....

    රාවණා ඇල්ල
    දෙමෝදර ආරුක්කු 9 පාලම
    රේල් ගැටේ
    රාවණ ගුහාව

    විස්තරත් දාන්න