දෙවියන්ගේ බාරේ 2022 - සිව්වන කොටස

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,057
    93

    දෙවියන්ගේ බාරේ 2022 - සිව්වන කොටස


    මැණික් ගග එහෙමත් නැත්නම් පරණ තොටුපොල කියන්නේ ගොඩක් බැතිමතුන්ගේ ජනප්‍රිය නවාතැනක්.පාදයාත්‍රා යන පාර මෙතන ඉදන් මැණික් ගගේ ඉවුර දිගේ තමයි වරහණට වෙනකම් වැටිලා තියෙන්නේ.අපි දන්සලෙන් කාලේ හෙමීට හෙමීට අලියටත් මුහුණ දීලා මෙතනට එනකොට ආසන්න වශයෙන් හවස 4.45 ට වගේ ඇති.
    මේ කාලට සාමාන්‍යයෙන් මැණික් ගගේ වතුර අඩුයි.ඒ වගේම මේ හරියෙන් ගග ගොඩක් පලල නිසා ගගෙන් බාගයක් ම සුදු වැලි තලාව තමයි පැදිලා තියෙන්නේ. ඉතින් පාදයාත්‍රා බැතිමතුන් නවාතැන් ගන්නේ ගග මැද වෙනකම් විහිදිලා තියෙන මෙන්න මේ වැලිතලාවේ.




    දමිල බැතිමතුන්ට අමතරව මේ ගමන යන්න ආසාවෙන් යන බහුතරයක් සිංහල අපි වගේ ජනතාව නිවාඩු තියෙනවා නම් මෙතන දවස් දෙකක් වුනත් නැවතිලා යන්න දෙපාරක් හිතන්නේ නැ. ඒ තරම් නිස්කලන්ක තැනක්. කුඹුක් ගස් හෙවනේ සීතලත් එක්ක මෙතන දවසක් නිදහසේ ඉන්න තියෙනවා නම් ඒක ලොකුවාසනාවක්.
    කොහොමින් කොහොමින් හරි ඉවුරෙන් වැලි තලාවට බැස්ස අපි වැල්ල දිගේ ඇවිදන් යන්න පටන් ගත්තා.ඒ වෙනකොටත් බැතිමතුන් ගොඩක් තමන්ගේ නවාතැන් ස්ථාන් වෙන් කරගෙන තිබුන නිසා අපිට ඇවිදන් යන්න වුනේ ඒ අය එලපු ඉටිරෙදි අතරින්. අපි ටික දුරක් වැලි තලාව මැදින් ගගේ උඩට යනකොට අපේ කලින් දවසේ සන්චාරක හිතවතුන් වෙච්ච කතරගම මල්ලිලා සෙට් එක එයාලගේ ඉඩක් වෙන් කරගෙන කැම උයමින් ඉන්නවා දකින්න පුලුවන් වුනා.

    299633780_395002719422193_1134143308946683046_n.jpg



    අපේ කුඩා කණ්ඩායමේ බඩු ටික තියලා එතනම නිදාගන්න ඉඩ ඇති නිසා අපිත් අපේ බැග් එතනින් තියලා ඉටිරෙදි එලලා ඇදුම් මාරු කරන් ගගට බැස්සේ පුලුවන් තරම් වෙලාවක් ගගේ ගිගිලා එන්න හිතාගෙන.ගගේ වතුර වැඩිය නොතිබුණ නිසා අපි හතර දෙනාට ගගේ වැල්ලේ නිදාගෙන වගේ නිදහසේ ඉන්න පුලුවන්කම තිබුනා. මේ ගමනෙදි සාපේක්ශව අපිට ලැබුන පිරිසිදුම වතුර ටික නිසා අපි වැඩිවෙලාවක් ආගිය තොරතුරු කතා කරමින් වතුරෙම ගිලිලා හිටියා.
    වතුර පාර උඩට පොඩි පොඩි පිනිපොද වැටෙනවා ඉස්සෙල්ලාම දැක්කේ චින්තා.

    299171062_395002849422180_359576301274861694_n.jpg


    වහින්න වගේද මන්ද බන් කියලා චින්තා අහනකොට අපේ හිතටත් ආවේ සුළුපටු බයක් නෙවේ. මොකද අපි ටෙන්ට් එකක් වත් ගෙනල්ලා නැති නිසා වැස්සොත් මුළු රැම තෙමෙන්න තමයි වෙන්නේ කියලා මතක් වුන නිසා අපි එවෙලෙම හිතුවේ වහින්න නම් එපා කියලමයි.
    ගගේ නවාතැන් අරන් හිටිය බැතිමතුන් ටික එයාලගේ සම්ප්‍රදායික බිමට එලන ඉටිරෙදි කැලෙන් කපාගෙන ආව ලී වල ආධාරයෙන් කූඩාරම් විදියට හදාගන්න ඒවෙනකොටත් පටන් අරන් තිබුනේ. අපිට තමයි දැන් මොකුත්ම නැත්තේ.


    නාන මානසිකත්වය එහෙම්ම දියවෙලා යද්දි අපි ආයෙම ගොඩට ආවේ වැස්සොත් මොකක්ද කරන්නේ කියලා හිත හිත. ගොඩට ඇවිත් ඇදුම් මාරු කරලා කතරගම මල්ලිලත් එක්ක අපේ සැලසුම් ගැන හිත හිත ඉන්නකොට අපේ වාසනාවට එයාලා ගාව තිබ්බ ලොකු රෙද්දෙන් කූඩාරමක් හදාගන්න අපිට පුලුවන් කම ලැබුනා . අපේ බැග් සේරම සහ කැමරා බඩු එක ගොඩකට ගහලා චින්තගේ රේන් කෝට් එකෙන් සහ අපි බිමට එලන ඉටිරෙදි වලින් වහලා දන්න අපි තිරණය කරා.
    බැග් ටිකට උපරිම ආරක්ශාවක් දීපු අපි අපේ කූඩාරම් රෙද්ද තව ටිකක් ශක්තිමත් විදියට හදාගන්න ගොඩක් උත්සහ කරා. ඒ හැම උත්සහයකටම හරස් උනේ අරුණගේ ඊට කලින් දවසක තිබිච්ච ගිනිකෙලි සන්දර්ශණය. කුඩා කැබිලිත්ත දේවාලේ ගාව ගතකරපු කදවුරු රැ අරුණ ගහපු ගිනිමැළයක ගිනිපුපුරු විසිවීම නිසා ටෙන්ට් රෙද්දේ හැම තැනම විවිධාකාර ප්‍රමාණයේ හිල් හැදිලා තිබුනා. ඒ නිස වැස්සෙන් අපිට ආරක්ශාව ලැබෙනවා නම් ලැබුනේ කුඩා ජල බින්දු කාන්දු ක්‍රමයට
    යන්තම් කූඩාරම අටවගෙන ඇතුලට එනකොටම වැස්ස වැඩිකරා. දමිල බැතිමතුන් වැස්ස වැඩිවෙනකොට හරෝ හරා කියලා උස් හඩින් කීවේ වැස්ස දේව කරුණාවෙන් අඩුවෙලා යාවි කියන විශ්වාසයෙන් කියලයි අපිට හිතුනේ.

    299493837_395002299422235_5369050201077660446_n.jpg


    වැස්ස ඒකාකර විදියකට දිගටම වහින්න පටන් ගත්තා. අපේ බින්දු ජල වි‍යාපෘතිය ඇතුලේ දැන් 13න් දෙනෙක් නොතෙමි ඉන්න වැයම් කරනවා. වතුර බින්දුවක් වැටෙන සැරයක් ගානේ අරුණව මතක් කරන්න හැමෝම අමතක කරේ නැ.
    අපි හිටියේ ගුලිවෙලා වගේ. ඒ වෙලාවේ වැස්සෙන් බේරෙන එක ඇරෙන්න අපිට වෙල ඉලක්ක තිබුනේ නැ. හේශාන් මට එහාපැත්තේ තිලිණ දකුණු කකුල හරියේ මයුර හිටියේ වම් කකුල උඩ. රැ අටට වගේ පොඩ්ඩක් වැස්ස තුරල් වෙද්දි අරුණට එල්ලවෙච්චි ගිනිකෙලි චෝදනා මැද්දේ මිනිහා සින්දු කියන්න පටන් ගත්තා. සින්දු ගොඩක් වෙලාවට විචාර එක්කම කියවුන නිසා ඒ වෙලාවේ ඒක අපිට ගොඩක් රසවත් අද්දැකීමක් වුනා.ගිනිමැල වලට කෙසේ වෙතත් මිනිහා සින්දු කියන්න දක්ශයෙක්.
    වැස්සේ පොඩි අඩුවීමක් දැක්ක ගමන් මුලින්ම එලියට බැස්සේ චින්තා. අපි හිටියේ විශාල කුඹුක් ගහක් හෙවනේ නිසා අපිට වැහි දෙකයි. රැ කැම හදන්න තමා අපේ මූලික අරමුණ වෙලා තිබ්බේ.

    299885569_395003136088818_6229704998426936765_n.jpg



    ආරක්ශාවට දාල තිබ්බ බැග් ටික ආයෙම ඇදලා උයන්න තියෙන ඒවා එලියට ගන්න එක ලේසි උනේ නැ. කොහොමහරි ඒ ටිකත් අරන් ගැස් එක පත්තු කරන් නුඩ්ල්ස් එකක් හදන්න තමා සැලසුම වුනේ. විශේෂයෙන් කියන්ට ඕනි දරවලින් විතරක් උයන්න ගියා නම් මේ පාර අනාතයි. ඕනේ කාන්තාරෙක ගැස් එකක් අරන් යමු කියලා හැමවෙලේම හිතන්නේ මේක තමයි අපි නම්.නුඩ්ල්ස් එකත දගලල දගලල හදාගත්තට පස්සේ කන්න නම් විනාඩියක් ගියේ නැ. සීතලයි තෙමිලා හිටිය නිසයි උණුවෙන් තිබ්බ නුඩ්ල්ස් එක නිකන් දිව්‍ය භෝජන වගේ අපිට.
    නුඩ්ල්ස් එකෙන් පස්සේත් පොඩි වැස්සේ වැඩිවීමක් වුනත් අපි බාගෙට තෙමි තෙමි නිදාගන්න ඒ වෙනකොටත් හුරු වෙලා තිබ්බේ. කොහොමින් කොහොමින් හරි කතාවෙන්ම මට නින්ද ගියා.


    හොදම හරිය පටන් ගන්නේ පාන්දර 2.30 ට විතර. ආයේම හරෝ හරා ශබ්දය තදටම ඇහෙන්න ගත්ත නිසා මට නින්දෙන් ඇහැරුනා. ඒ වෙනකොට අපේ කට්ටියත් ඇහැරන් හිටියේ. අරුණ අවධානයෙන් හිටිය නිසා ගගේ වතුර මට්ටම එන්න එන්න වැඩිවීමක් වෙනවා කියලා එයාට දැකගන්න පුලුවන් වෙලා තියෙනවා.
    වැලි ඉවුරේ කෙලවරේම කට්ටිය හිටිය තැන් මේ වෙනකොටත් වතුරෙන් යටවෙන්න පටන් අරන්. අපිත් ටික වෙලාවක් බලන් හිටියේ වතුර මට්ටම අපේ මට්ටමටත් වැඩිවෙයිද කියලා බලන්න. වතුර නොනවත්වා වැඩි වෙනවා කියලා දැක්ක නිසා අපි අපේ බඩු බාහිරාදිය ඉවුරට අදින්න පටන් ගත්තා.
    අපේ බඩු ටික අපිට උඩට ගන්න විනාඩි 15ක් වගේ යන්න ඇති.අපි බඩුටික උඩට අරන් විනාඩි 10ක් වගේ යනකොට අපි හිටිය තැනත් වතුරෙන් යටවෙලා යනවා අපිට බලාගන්න පුලුවන් වුනා.දැනගන්න ලැබුන විදියට ගගේ ඉහලට ලැබුන අධික වැස්ස නිසා ගගේ වතුර මේ විදියට වැඩි වෙලා තියෙනවා. ඒහෙම අධික වැස්සක් ලැබුනේ අවුරුදු හයකට වගේ පස්සේ කියලා පස්සේ ආරංචි වුනා.

    299319990_395004579422007_7090208959485598541_n.jpg



    පාන්දර 3.30 ට ගන් ඉවුරේ ඉදන් අපි මොනවා කරන්නද ? අපිට ගමන ආරම්භ කරන්න තාම කල් වැඩී. යන්න තියෙන්නේ කැලයක් මැදින් නිසා ගමන් කරන එකත් අවධානම්. ඒ නිසා අපි තිරණය කරා තව ටිකක් වෙලා ඉන්න බලාගෙන. අපි ඉවුරේ ඉදන් බලන් ඉන්නකොට ගග දිගේ බඩු බාහිරාදිය පාවෙලා යනවා බලාගන්න පුලුවන් වුනා.
    වෙලාවට කලින් ගගෙන් ගොඩ වෙන්න බැරි වුන ගොඩක් අයගේ බඩු මේ විදියට ගගේ ගියා කියලා පස්සේ ආරන්චි වුනා.පාන්දර 4.45 වගේ වෙනකොට නඩ කීපයක් ගමන් ආරම්භ කරපු නිසා අපිත් ලැස්ති වෙන්න පටන් ගත්තා. තැන් තැන් වල තිබ්බ බඩු එකතු කරලා ආයෙම සූදානම් වෙන එක එච්චර ලේසි වුනේ නැ. කොහොම හරි අපිත් පාන්දර 5.40 වගේ වෙනකොට ගමන පටන් ගත්තා.


    පාදයාත්‍රා මේ කොටස ගොඩක්ම තියෙන්නේ පටු පාරක කැලේ මැදින්. මේ කොටස අපිට අව්වෙන් බාධාවක් නොවෙන තරමට උඩු වියනෙන් වැහිලා තියෙන කොටසක්.කලින් දවසේ වැස්ස එක්ක පාර ගොඩක්ම මඩ වෙලා තිබුන නිසා සමහර තැන් වලින් ගමන් කරන එක ලේසි වුනේ නැ. පරණ තොටුපල ඉදන් වරහණට කිලෝමීටර් 8ක දුරක් තියෙනවා. ඒ කිලෝමීටර් අටක දුර ගෙවලා අපි උදේ 8.30 වගේ වෙනකොට වරහණට එන්න සමත්වෙනවා.
    අපේ ගමනේ ශෝකජනකම කොටස විදියට වරහණට පොඩි දුරකට කලින් මියගිය සද්ධන්තයෙක් ගේ සිරුරක් අපිට හමුවෙනවා. කලින් දවසේ අවසන් හුස්ම හෙලන්න ඇති කියලා හිතෙන මට්ටමේ බොහොම අලුත් මරණයක්.
    වරහණදි මමයි කැලුම් අයියයි පොඩි වෙලාවක් විවේක ගන්න හිතාගෙන බුද්ධික සහ චින්තර ඉස්සර වෙන්න දෙනවා. ඒයාලට විනාඩි 15ක වගේ පරක්කුවකින් පස්සේ අපිත් ගමන පටන් ගන්නව.


    වරහණ ඉදලා කටගමුව පිවිසුමට දුර කිලෝමීටර් අටක්. මග හරියටකට එනකොට අපේ දුරකථන වලට සිග්නල් එන නිසා අපි අපේ ආපසු ගමනට ඕනේ කරන බස් ගැන හොයන්න පටන් ගන්නවා. අපිට එවෙලේ ලැබුන තොරතුරු අනුව හවස 3.30 ට තියෙන බස් එකෙන් පස්සේ ආයෙ බස් එකක් තියෙන්නේ පාන්දර 1.30 ට. ඒ නිසා අපි පුලුවන් ඉක්මනින් කතරගමට යන්න අවශ්‍යතාවයක් එනවා.


    ඒ නිසාම අපි කටගමුව පිවිසුමෙන් කතරගමටම පයින් නොයා එතනින් ජීප් එකක් අරන් ඉක්මනින් කතරගමට යන්න තිරණය කරනවා. කටගමුව පිවිසුමේදි කතරගම මල්ලිලට සමුදීලා අපි ජීප් එකට නැගලා ඉක්මනටම කතගමට එනවා.
    මැනික් ගගෙන් පිරිසිදු වෙලා අපි කතරගම දේවාලය වැදපුදාගෙන ඉස්සෙලාම කරන්නේ දවල්ට කාපු එක. තිබුණ වෙලාව සීමිත නිසා කිරිවෙහෙර වන්දනාමාන කිරීම අපිට අත අරින්න සිදුවෙනවා.
    3.30 බස් එකේ ඇවිල්ලා කඩවතින් බහිනකොට හවස 7.30 ට වගේ ඇති. බස් එකේ තිබුන සුවපහසු මදි ගතිය නිසා හැමෝටම පාදයාත්‍රාව ගියාට වඩා වැඩි අමාරුවක් බස් ඒකේ ඉදන් ඇවිල්ලා ඇති වෙලා තිබුනා.

    300072398_395002386088893_5833469004518667333_n.jpg



    හිතාගන්න බැරි අද්දැකීම් එක්ක 2022 අවුරුද්දේ පාදයාත්‍රාව ඉවර වෙන්නේ ජිවිතේට තවත් සුන්දර මතකයන් සහ සුන්දර මිනිසුන් ගොන්නක් එකතු කරනගමන්. ජිවිතේ එක පාරක් හරි විදින්න ඕනේ අද්දැකීමක් විදියට මම කතරගම පාදයාත්‍රාව නම් කරේ 2019දිමයි. දින ගනන වැඩි වෙන්න වෙන්න මේ ගමනේ සුන්දරත්වය තවත් වැඩී. ඒ වගේම හොද සැලසුමක් එක්ක යන්න ඕනේ ගමනක්.


    මේ ගමනෙදි අපිට උදව් කරපු ගොඩක් අය හිටියා. බස් එකේ ටිකට් එක බුක් කරලා දුන්න තුසිතගේ ඉදන් වැන් එක දුන්න රොහාන් පිරිත් නුල් බැදලා ආශිර්වාද කරපු අයියා වගේම කතරගම මල්ලිලා සෙට් එක සහ සුරන්ග අයියලා සෙට් එක අමතක කරන්න බැ. 2023දි මීටත් වඩා රසත් අද්දැකීම් එක්ක මේ ගමන යන්න බලාපොරොත්තුවෙන් මෙතෙක් විදපු හොදම පාදයාත්‍රාවේ කතාව මෙතනින් නවත්තනවා.
    ආයේත් දවසක පාදයාත්‍රාවෙදිම හමුවෙමු.
    හරෝ හරා !

    300218749_395002222755576_384208831292397490_n.jpg


    නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.

    මේකත් ඔබාගෙනම යන්න 👈👈👈 :yes: :yes:

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    32,289
    1
    146,015
    113
    96
    හෝමාගම
    ඔය කෙහෙල් මල් , වල් බූරු, මෝඩ මිත්යා පාදයාත්‍රා ලබ්බ තහන්ම් කරල දාන්න ඕන.

    එහෙම බැරි නන්, දවසකට ලිමිට් එකක් දාන්න ඕන. 99% ඕවගෙ යන්නෙ මෝඩ හැතිකරයක්.

    පව් දෙන්න ආපු කාලකන්නි හැත්ත. උන් එහෙන් සිරීපාදෙ කනව. මුන් මෙහෙන් මේක කනවා.

    ක්‍රෑහ් තුහ්

    ------------------

    Subbed.
    Good post
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,057
    93
    ඔය කෙහෙල් මල් , වල් බූරු, මෝඩ මිත්යා පාදයාත්‍රා ලබ්බ තහන්ම් කරල දාන්න ඕන.

    එහෙම බැරි නන්, දවසකට ලිමිට් එකක් දාන්න ඕන. 99% ඕවගෙ යන්නෙ මෝඩ හැතිකරයක්.

    පව් දෙන්න ආපු කාලකන්නි හැත්ත. උන් එහෙන් සිරීපාදෙ කනව. මුන් මෙහෙන් මේක කනවා.

    ක්‍රෑහ් තුහ්

    ------------------

    Subbed.
    Good post
    ADo why Bn ;-)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,973
    68,206
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කෙහෙල් මල් , වල් බූරු, මෝඩ මිත්යා පාදයාත්‍රා ලබ්බ තහන්ම් කරල දාන්න ඕන.

    එහෙම බැරි නන්, දවසකට ලිමිට් එකක් දාන්න ඕන. 99% ඕවගෙ යන්නෙ මෝඩ හැතිකරයක්.

    පව් දෙන්න ආපු කාලකන්නි හැත්ත. උන් එහෙන් සිරීපාදෙ කනව. මුන් මෙහෙන් මේක කනවා.

    ක්‍රෑහ් තුහ්

    ------------------

    Subbed.
    Good post

    අපි සමාජවාදී සමූහාණ්ඩුවක් හදලා තනි තනි පාද යාත්‍රා තහනං කරනවා. සමූහ ගොවිපළේ ඔක්කොම එකට පාද යාත්‍රා යනවා. බැරි උන් පෝලිමට තියලා වෙඩි තියල දානවා.:oo: