දන්නා දේක නොදන්නා දෙයක්....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දන්නා දේක නොදන්නා දෙයක්....

    Z


    [FONT=&quot]ලොව වැඩිම වශයෙන් ගායනා කල ගීතය ලෙස මේ වන විට වාර්තා තබා ඇත්තේ “HAPPY BIRTHDAY TO YOU” යන ගීතයයි.
    [/FONT]

    [FONT=&quot]මේ පිලිබදව වැඩි කතාබහට ලක්විමට හේතුවූයේ පසුගියදා එම ගීතයේ හිමිකාරීත්වය පිලිබදව ලැබුණු නඩු තීන්දුව හේතුවෙනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    සැ.යු. මෙම වීවීයෝවේ අන්තර්ගත සංගීත තනුව මුල් ගීතයට අදාල තනුව නොවේ..

    [FONT=&quot]1893 වර්ෂයේදී මූලික වශයෙන් එළිදැක්වූ මෙම ගීතය අද වන විට ගිනස් වාර්තා අතරටද එක්ව ඇත. :yes::yes:
    [/FONT]

    [FONT=&quot]එවකට සුප්‍රකට ලේඛකයන් දෙදෙනෙකු වූ පැටී හිල් සහ මිල්ඩර්ඩ් ජේ. හිල් යන සහෝදරයින් මෙම ගීතයේ මූලික පද වැල් ටික නිර්මාණය කර තිබේ.[/FONT]
    [FONT=&quot]HAPPY BIRTHDAY TO YOU යන ගීතයේ මූලික සංගීතය රැගෙන ඇත්තේ “Good Morning to All” යන ගීතයෙනි. [/FONT]
    [FONT=&quot]මෙම ගීතය මූලික වශයෙන් ඉංග්‍රීසි භාශාවෙන් එළිදැක්වුණු අතර පසුව තවත් භාෂා 18කින් එළිදැක්වුණි.[/FONT]
    [FONT=&quot]මෙම ගීතය පිටපත් කිරීම සදහා නීතිමය පැතිකඩකින් කිසිදු තහනමක් නොතිබිණි. නමුත් 1988 වර්ෂයේදී Warner / Chappell Music ආයතනය මෙම ගීතය සදහා නඩු මාර්ගයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වියදම් කරමින් හිමිකාරීත්වය ඔවුන්ට පවරාගන්නා ලදි.[/FONT]
    [FONT=&quot]ඉන්පසුව එම ගීතය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවක ප්‍රචාරණය වුවහොත් ඒ සදහා අය කිරීමක් කිරීමට ඔවුන් විසින් නීතිමය පියවර ගන්නා ලදි.[/FONT]
    [FONT=&quot]කෙසේවුවද මෙම ආයතනය විසින් 1988 වර්ෂයෙන් පසුව HAPPY BIRTHDAY TO YOU ගීතයෙන් පමණක් වසරකට අමරිකන් ඩොලර් මිලියන 5ක ආදායමක් ඉපැයීය.[/FONT]
    [FONT=&quot]2030 වර්ෂය දක්වා Warner / Chappell Music ආයතනයට මෙහි හිමිකාරීත්වය හිමිවිය.[/FONT]
    [FONT=&quot]මෙම ආයතනය මෙපමණ වියදමක් දරා නඩු මගට යාමට සිදුවූයේ 1935 වර්ෂයේදී ප්‍රකාෂන අයිතිය පිළිබදව ලියාපදිංචි කර ඇති හෙයිනි.
    [/FONT]
    [FONT=&quot]මෙම ගීතය Warner සමාගම විසින් නීතිවිරෝධී ලෙස භාවිත කිරීම හේතුවෙන් 2010 වර්ෂයේදී ඔවුන්ට අමරිකන් ඩොලර් 700ක් ගෙවීමට සිදුවී ඇත.[/FONT]
    [FONT=&quot]ඉන්පසුව Warner සමාගම විසින් නැවතත් වන්දිය පිලිබදව නඩුවක් ඇපෑලක් මගින් ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රකාශන අයිතිය වෙනත් සමාගමක් සතුව තිබුණු බැවිනි.[/FONT]
    [FONT=&quot]ඉන්පසුව අමෙරිකානු මහාචාර්‍යයවරයෙක් වන නීතීඥ රොබට් බ්‍රවුනීස් විසින් නැවතත් නඩුවක් Warner / Chappell Music ආයතනය සදහා ගොනු කරන ලදි. එයට හේතුව වූයේ ඔවුන්ට මෙම ගීතයේ හිමිකාරීත්වය අහෝසි කිරීම සදහායි.[/FONT]
    [FONT=&quot]අවුරුදු 4ක කාලයක් පැවති මෙම නඩුව පසුගියදා අවසන් වූයේ එම ගීතයේ හිමිකාරීත්වය Warner / Chappell Music ආයතනය සදහා හිමි නොවන බවට ලබාදුන් තීන්දුනත් සමගිනි.[/FONT]
    [FONT=&quot]නමුත් එහි පියානෝ වාදනය සදහා අයිතිවාසිකම් කීමට මෙම ආයතනට හැකියාව තිබේ.[/FONT]

     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    [FONT=&quot]එමෙන්ම මෙම ගීතයේ කතෘභාගය මෙහි රචක පැටී හිල් සහ මිල්ඩර්ඩ් ජේ. හිල් හට පවරනු ලැබීය.[/FONT]
    [FONT=&quot]කුඩා මහලු භේදයක් නොමැතිව කිසියම් පුද්ගලයෙකුගේ ඉපදීම සැමරීමට යොදාගන්නා මෙම ගීතයේ පසුබිම මේ ආකාරයෙන් විසදී ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“අද” පුවත්පත ඇසුරෙනි.[/FONT]