"1. සුනීත සෝපාක වගේ අය රහත් වුවා නම් ඒ අයත් දැන් අපි වගේම පව් වගේම පිනුත් කරලා තියෙනවා නේද"
මේ වගේ අය පෙර භව වලදී නිවන් දකින්න ගොඩාක් උත්සහ කරලා ඇති. ඒ නිසා ඔවුන්ගේ පාරමිතාව ගොඩාක් වැඩියි. ඔවුන්ට ලේසියෙන් ධර්මය තෙරුම්ගන්න පුළුවන් වුනේ ඒකයි.
"2. මුගලන් රහතන් වහන්සේ පෙර ආත්මයක මව/පියා මැරුව නම් (වැරදීමකින් හෝ) රහත් වන්න පින තිබිල තියනවා නේද (අපි ඒ තරම් පවක් කරල නෑනේ)"
ඔබ කොහොමද සහතික කරන්නේ පෙර භවයක ඔබ මව පියා මරා නැ කියලා. අනික මුගලන් හාමුදුරුවෝ ඒ කරපු පව අපායේ කල්ප ගානක් ගෙවලා ඉතුරු වෙච්ච ශේෂයක් විතරයි අන්තිම භවයේ තිබ්බේ.
'3. අපි කස්ටිය ධර්ම CD/DVD ගනන්නේ තියන් ඉන්නේ... ධර්ම භාණ්ඩාගාරික වු ආනන්ද තෙරුන් බුදුන් පිරිනිවනින් පසුව තමයි රහත් වුනේ..."
???
"4. කැරපොත්තෝ, මදුරුවෝ, පනුවෝ මැරු පසු අපා ගත වෙනවද (උන් අපට කරදරයක් වගේම උන්ගෙන් ලෙඩ බෝ වෙනකල් අපි බලාගෙන ඉන්නවද)"
සත්තු මැරුව පලියට අපාගත වෙන්නේ නෑ. ඒකට එහෙම කරපු පවක් අන්තිම මොහොතේ ඵල දෙන්න ඕනේ. ඒකෙන් අවසාන චුති සිත හැදෙන විදිය අනුව තමයි අපායේ යනවද නැද්ද කියන එක තීරනය වෙන්නේ.
"5. ඇයි පව් කරන්න ලේසි සහ පිං කරන්න අමාරු / හිත දෙන් නැත්තේ..."
අපි වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ පවු කරන්න. ඒ නිසාම තමයි අපි මෙච්චර සංසාර ගමනක් ආවේ. ඒ නිසා අපි පවට වැඩිපුර බර වීම පුදුමයක් නෙවෙයි. ඒක සසර පුරුද්ද.
http://www.elakiri.com/forum/showthread.php?t=1824180
thankkkuuuuuuuuuu
