දන්න ගීයක නොදන්න කතාවක්...(sarcasm..😅)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දන්න ගීයක නොදන්න කතාවක්...... #gohomegota ගී අරුත....

    අඳුර අඳුර මගේ.....


    මේ ගීය තමුන්ගෙ ප්‍රියාබර සැමිය වන මයින්ද මහත්මයට ආදරණීය බිරිඳ විසින් ගයන ගීයක් කියල තමයි මටනම් හැඟී යන්නෙ...

    අඳුර...අඳුර... මගේ...
    සොඳුර සොඳුර මගේ...


    සුදු සරම ඇඳගෙන එළියට බහින තම සැමියාට, ආදරණීය බිරිඳ විසින් තමුන් සිටින තැන විදුලිය නොමැති බැවින් ඇතුලත අඳුරු බව මතක් කර දෙනව..

    නොයනු මැන විදා...
    තනිකර එළියේ...


    ඇතුලත අඳුරු විට කකුල් විහිදගෙන යාමෙන්, එළිමහනේ තිබෙන ආලෝකය හමුවේ නොපෙන්විය යුතු අවයව සරමෙන් විනිවිද දිස්විය හැකි බවට ඈ විසින් අනතුරු හඟවයි.



    ඝණ රෑ කළුවර - තනියම කුටියේ..
    ගතකල දිවියේ....රස තැන් සිහිවේ..


    ඈ විසින් මෙසේ පවසන්නේ එම දර්ශනය දැකීමෙන් තමුන්ගෙ තරුණ දිවිය සිහියට නැගෙන බවයි...

    කුටියේ කෙලවර - එළියක් දිස්වේ..
    එළිය සොඳුර මගේ....දිවියට ලංවේ...


    විදුලි කපපාදුව හේතුවෙන් කුටිය අඳුරු බවත්, කුටියේ කෙලවර තිබෙන ආලෝකය හමුවේ, තම සැමියාගේ සරම හරහා තමන්ට දිස් වන දසුන් පිලිබඳ ඈ තුල හටගන්නා සිතුවිලි මෙසේ ප්‍රකාශ කරයි.


    පෙම් එළි විහිදා - නිවා දැමූ පසු..
    දුන් නෙත් පීඩා....දනිමී පෙරදා..


    තරුණ වියේදී මෙවන් දර්ශන සිතට ප්‍රබෝදයක් ගෙන ආවත්, ජීවිතයේ සැඳෑ සමය ගෙවන මේ කාල වකවානුවේ විදුලි කප්පාදුව නිසා දකින මේ දර්ශනය නෙතට ගෙන එන්නේ පීඩාවක්....

    සදාකාලිකය - අඳුරේ රැජිනිය..
    ඔබ හැර යන්නට....නොදේවී මගෙ හිත..

    අඳුර සදාකාලිකයි, එබැවින් මෙවන් පිළිකුල් දසුන් තව තවත් දැකීමට සිදුවන බව නියතයි....
    නමුත් ඔබෙන් මා වෙන් වීමට කිසි සේත්ම සිත් නොදෙයි...

    කොතරම් පීඩාවක් වුණත්, බැඳගත්ත බෙරේ ගහනව වගේ කතාවක් තමයි මේ කියන්නෙ.....