මේක මට තේරෙන විදියට, ලීගල් ඇක්ෂන් එකක් ගන්නව නම් මේ දෙක යන්නෙ තනිකරම නඩු දෙකක් විදියට. ඔය දෙක එකට සම්බන්ද වෙන්නෙ නෑ. අර කෙල්ල ෆෝන් එක හොරකම් කරපු එකට හොරකමක් විදියට දඬුවම් දෙනව. එක්කො ලොකු දඩයක් ගහයි නැත්නම් අත්හිටවූ සිරදඬුවමක් දෙයි. පෙර වැරදි නැත්නම් ලොකු දඩයක් වදියි.
ඊට පස්සෙ අනිත් නඩුව හොරකමට අදාළ නෑ ඒක ෆෝන් ෂොප් එකේ එකාට. එතැනදි ඌට වැරදි ගොඩක් පැටවෙනව. මේ වගේ ප්‍රසිද්ධ තැනක කුණුහර්පෙන් බනිනව, ළමයෙකුත් ඉස්සරහ. තනිකරම Sexual harassment එකක් වෙන්නෙ.
මට හිතෙනව හොරකමට වැඩිය ලොකු Punishment එකක් ඌට ලැබෙයි කියල. අනිත් එක අර කළින් නඩුවෙදි හොරකම ගැන කියල එතැන වෙන පාඩුව ගැන විතරයි එහේ ලෝයර්ස්ලට කතා කරන්න පුලුවන්. ඒත් මේ නඩුවෙදි කෙල්ලගෙ පැත්තෙන් ලෝයර් කෙනෙක් කතා කරනව නම් කියන්න දේවල් 1000ක් තියෙනව. අර පොඩි ළමයට පාරෙ බැහැල යන්න බෑ, මානසිකව වියාකූල වෙලා, ඔය වගේ ගොඩක් දේවල් මතු කරල ගන්න පුලුවන්. අර පොඩි එකාට Mental ප්‍රශ්නයක් ගිහිල්ල කිව්වොත් ඒක ලොකු පොයින්ට් එකක්. ඒ වගේ ඒක ගෙනියන්න පුලුවන් පරාසය වැඩියි.
මම ලෝයර් කෙනෙක් නෙමෙයි ඒත් හිතෙන දේ කිව්වෙ.
කොහොමහරි මූ අඩුම කුණුහර්ප නොකිය හිටිය නම් ෂේප්.
ඔතැන හරිම විදිය වෙන්න ඕන, මාට්ටු උන ගමන්ම පැත්තක තියාගෙන ඉඳල පොලිසියට කතා කරන එක. එතකොට පොලිසියෙන් අදාළ ක්‍රියාමාර්ග ගනීවිනේ.