දම්පිළිහුඩුවා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දම්පිළිහුඩුවා

    වීසා නැති සංචාරකයෝ -11 (දම් පිළිහුඩුවා)

    ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි පිළිහුඩුවන් අතරින් හිස කළු දම් පිළිහුඩුවා පමණක් නිහැරි කුරුල්ලෙකි. බ්ලැක් කැප් කින්ග්ෆිෂර් Black-capped Kingfisher හෙවත් Black-capped Purple Kingfisher ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාතමකව හැල්සියොන් පිලීටා Halcyon pileata ලෙස හැඳින්වේ. මේ පිළිහුඩුවාට අමතරව තවත් පිළිහුඩු විශේෂ හයක් මෙරට දක්නට ලැබෙයි. ලොව පිළිහුඩු විශේෂ 90 කි.
    හිස කළු දම් පිළිහුඩුවා ඇතුළු සියළු විශේෂ මාංශ භක්ෂකය. මේ විශේෂයේ ප්‍රධාන ආහාරය වන්නේ කලපුවල දක්නට ලැබෙන කකුළුවෝය. ගිනිකොණ දිග ආසියාවේ වෙරළාශ්‍රිතව ජීවත්වන මේ පිළිහුඩුවා අන්දමන් දූපත් හරහා පහතරට වියළි කලාපයේ කඩොලාන සහිත ගංමෝය සහ කලපුවලට පැමිණෙයි. ඉතා දුර්ලභ නිහැරි කුරුල්ලෙකි.
    සෙන්ටි මීටර 30ක් පමණ විශාලත්වයෙන් වැඩෙයි. හිස කළු පැහැතිය. සුදු කර මාලයක් දක්නට ලැබෙයි. පිට දම් පැහැති පිහාටුවලින් සමන්විතය. රතට හුරු පඬු පැහැති යටි කයක් දක්නට ලැබෙයි. මොවුන්ගේ විශේෂත්වයක් වන්නේ සෑම වර්ෂයකට ම එකම ස්ථානයකට යළි යළිත් පැමිණීමයි. එබැවින් සෑම වර්ෂයක දී ම නිශ්චිත ස්ථානයක දී දැකගත හැකිවේ.



    800px-Halcyon_pileata_-_Phra_Non.jpg


    1024px-Black_Capped_Kingfisher.jpg


    blackcapped_kingfisher_0002.jpg


    blkcapking_lpb_10dec13.jpg


    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)


    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා)

    වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට මචන් ..ළමයින්ට විශේෂයෙන් පරිසර විද්‍යාව කරන යට බොහොම වැදගත් පොස්ට් ටිකක් .

    රේප් දෙන්න බැලූ