දම්සිසිල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චෙ පදුට්ඨෙන -භාසති වා කරොති වා
    තතො නං දුක්ඛමන්වෙතී- චක්කංව වහතො පදං

    චෛතසික ධම්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීහු සිත පෙරටු කොට ඇත්තාහුය.ඒ ගතීහු සිතම
    ශේෂ්ඨ කොට පවතින්නෝය.සිත්න්ම උපදින්නෝය.ඒ නිසා යමෙක් නරක,කිළිටි,සිතින් යමක් කියත් නම්,කරත් නම් ගැල අදින ගොනා‍ගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස දුක ලුහු බදී.

    dhammapadaya1jpg.jpg

     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පින්වත් දරුවනේ, අපේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උපාලි නම් පින්වතෙක් සසර දුකෙන් මිදෙන අදහසින් පැවිදි වුණා. ඊට පස්සේ ධර්ම විනය ඉගෙන ගෙන තවත් ස්වාමීන් වහන්සේලා සමඟ ඈත පළාතක භාවනා කිරීමට පිටත් වුණා. එහිදී ඒ ස්වාමීන් වහන්සේට නිදි නො ලබා භාවනා කිරීම නිසා ඇස් රෝගයක් හට ගත්තා. වෙදමහත්තයා කිව්වේ ඇහැට බෙහෙත් දමද්දී ඇඳේ හාන්සි වෙන්න කියලයි. බෙහෙත් අතටගත් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරන්න පටන් ගත්තා. “මං සංසාරෙ කොයිතරම් මේ ඇස් නිසා දුක් විඳින්න ඇද්ද … බෙහෙත් දම දමා කොතරම් මහන්සියකින් ඇස් දෙක සනීප කිරීමට වෙහෙස ගන්ට ඇද්ද … නමුත් මට කිසිකලෙක දී නුවණැස පාදන උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෙසින් ලැබුණේ නෑ. උතුම් බුදු රජාණන් වහන්සේ වැඩසිටිද්දී මට ඔන කරන්නේ මේ ධර්මය අවබෝධ කරගැනීම විතරයි. ඒ නිසා වස් වසන්න කලින් මං අධිෂ්ඨාන කර ගත් විදිහට අරහත්වයට පත් නො වී මිසක් ඇඳක හාන්සි වෙන්නේ නැහැ” කියලා හිටගෙන ම යි ඇස් බෙහෙත් දැම්මේ. තමන් ගේ අධිෂ්ඨානය රැක ගන්න ඔන නිසා වෙද මහත්මයා ගේ කීම ඇහුවේ නැහැ. මේ නිසා බෙහෙත්වලින් සුව ලැබුණේ නැහැ. වෙද මහත්මයා බෙහෙත් කිරීම අත්හැරියා. අන්තිමේ දී උන්වහන්සේ අරහත්වයට පත් වෙන කොට ඇස් දෙකම අන්ධ වුණා. ඒ නිසා උන්වහන්සේට ප්‍රසිද්ධ වුණේ චක්ඛුපාල යන නමින්. රහත් වෙන්න පින තිබුණත්, ඇස් අන්ධ වුණේ මක් නිසා ද? කියා අනෙක් ස්වාමීන් වහන්සේලා බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

    ඉතින් දරුවනේ ඔය ගාථාව වදාළ බුදු රජාණන් වහන්සේ කිසිවෙක් නො දන්නා අතීත සිදු වීමක් මේ ඇස් අන්ධ වීමට බලපා තිබෙන බව පෙන්වා දුන්නා. ඈත අතීත කාලයක චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වෙද මහත්තයෙක් වෙලා සිටියා. ඇස් නො පෙනෙන දුප්පත් ගැහැණියක් ඇවිදින් ඒ වෙද මහත්තයාට මෙහෙම කිව්වා “අනේ පින්වත් වෙද මහත්තයෝ, මගේ ඇස් දෙක සනීප කරල දෙන්න. එතකොට මං දාසියක් වගේ ඔබ ළඟ සේවය කරනවා.” මෙය විශ්වාස කළ වෙද මහතා ඇය ගේ ඇස් දෙක සනීප කළා. දාසියක් වීමට අකමැති වූ ඇය ඇස් නො පෙනෙන අයුරක් පෙන්වා වෙද මහතා ගේ බෙහෙතෙන් සනීප නො වුණ බවට බොරු කිව්වා. වෙද මහතාට හරියට තරහ ගියා. “මං තිගේ ඇස් දෙක අන්ධ කරල දානවා” කියලා වෛර බැඳගත්තා. ආයෙමත් ඒ ගැහැණිය කැඳවා ඇස් අන්ධ වෙන බෙහෙතක් දුන්නා. ඒ බෙහෙතෙන් ඇය අන්ධ වුණා. වෙද මහතාට හරි සතුටු යි. නපුරු සිතින් පව්කමක් කොට කොතරම් සතුටු වුණත්, ඒ පව පස්සෙන් ඇවිදින් විපාක දෙන විදිහ හරි පුදුමයි. පවක් පල දෙන කොට එයින් සැපයක් ලැබෙන්නේ නැහැ. එයින් ලැබෙන්නේ දුකම යි.


    පින්වත් දරුවනේ, ඒ නිසා කයින් කෙරෙන පව් වන සතුන් මැරීම, අන්සතු දෙය සොරකම් කිරීම, අශීලාචාර විදිහේ ජීවිතයක් ගෙවීම හා මත්පැන් බීම ආදිය කිසිසේත් ම කරන්න එපා. ඒ වගේ ම බොරු කියා අනුන් රැවටීම, කේලාම් කියා රණ්ඩු දබර ඇති කිරීම, නරක නපුරු වචන කථා කිරීම, වැඩකට නැති හිස් දේවල් කථා කිරීම අයිති වන්නේ වචනයෙන් කෙරෙන පව්වලට යි. අනුන් ගේ දෙයට ආශා කොට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පින්පව් විශ්වාස නො කිරීම ආදිය අයිති වන්නේ සිතෙන් කෙරෙන පව්වලට යි. එවැනි සිතකින් පවක් කළෝතින්, පව් දෙයක් කිව්වෝතින්, ඔයාල ගෙ පස්සෙනුත් ඒවයේ විපාක පැමිණේවි. කරත්තෙ බැඳපු ගොනෙකු ගේ පිටිපස්සෙන් රෝදෙ කැරකෙනවා වගේ විපාකත් පැමිණේවි. ඒ නිසා හොඳ ම දෙය පව්වලින් වැළකීම ම යි.

    උපුටා ගැනීමකි
    http://dhammapadaya.wordpress.com/
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි" :D

    අන්තිම කොටසනම් හරිම වැදගත් ....

    ‘යෝ ච පුබ්බේ පමජ්ජිත්වා - පච්චා සෝ නප්පමජ්ජති
    සෝ ඉමං ලෝකං පභාසේති - අබ්හා මුත්තෝව චන්දිමා’

    යමෙක් මුලදී අකුසල්හි හැසිර පසුව කුසල්හි නොපමා වේ ද, හෙතෙම වළාකුලින් නිකුත් සඳක් මෙන් ලො ව ට සෙත සලසයි.
     
    • Like
    Reactions: Djwathila

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තැන්ක්ස් මචං ... ගත හැකි ආදර්ශ කියලා නිම කරන්න බෑ ...

    (මචං තැනකින් ඔය ලිපිය ගත්තා නම් නිකම්ම උපුටා ගත්තා කියලා දාන්න එපා.ඒ ලින්ක් එකත් දාන්න.)
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි" :D

    අන්තිම කොටසනම් හරිම වැදගත් ....

    ‘යෝ ච පුබ්බේ පමජ්ජිත්වා - පච්චා සෝ නප්පමජ්ජති
    සෝ ඉමං ලෝකං පභාසේති - අබ්හා මුත්තෝව චන්දිමා’

    යමෙක් මුලදී අකුසල්හි හැසිර පසුව කුසල්හි නොපමා වේ ද, හෙතෙම වළාකුලින් නිකුත් සඳක් මෙන් ලො ව ට සෙත සලසයි.

    උඹත් දන්න ජාති
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තැන්ක්ස් මචං ... ගත හැකි ආදර්ශ කියලා නිම කරන්න බෑ ...

    (මචං තැනකින් ඔය ලිපිය ගත්තා නම් නිකම්ම උපුටා ගත්තා කියලා දාන්න එපා.ඒ ලින්ක් එකත් දාන්න.)
    ස්තුතියි මචං ලිංක් එක දැම්ම