දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් ස්ථානයකට ගෙනයාමට විරෝධය පළ කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා පවසයි.
අග්‍රාමාත දී.මූ ජයරත්න මහතා සමඟ ඊයේ පැවති සාකච්ඡා සඳහා තමන් සහභාගී නොවූ බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.
එබැවින් මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට හෝ වෙනත් ස්ථානයකට ගෙන යාමට තමා එකඟ නොවූ බව ද අලවි මව්ලානා මහාතා අවධාරණය කරයි.
මෙම සිදුවීම ලෝකයේ මුස්ලිම් රාජ්‍යයන්ගේ අවධානය නොමඟ යැවීම සඳහා වූ කුමන්ත්‍රණයක් විය හැකි යයි තමන් අදහස් කරන බව අලවි මව්ලානා මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Yes correct





