දයාන් ජයතිලක කොයිබටද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    දයාන් ජයතිලක කොයිබටද?

    වෙසක් දිනය සැමරීම නොකළ තානාපති තයිපෝංගල් දිනය සමරයි

    image005.jpg

    සෑම වසරකම ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නොකඩවා පවත්වාගෙන ආ වෙසක් දිනය ප‍්‍රථම වතාවට නොපවැත්වූ දයාන් ජයතිලක තානාපති තයිපෝංගල් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වූයේ ආගම් අතර සමඟිය බිඳ දැමීමේ පරමාර්ථයෙනි.

    ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවටද නිගා කරණ ලෙස හැසිරෙමින් ලංකාවේ ආගම් 4 ටම එක අයුරින් සැලකිය යුතුයයි ප‍්‍රකාශ කරමින් එයද කඩ කර, තමන්ගේ අන්තවාදී බව ප‍්‍රසිද්ධියේම පෙන්වා දෙමින් මේ කරණ ලද ක‍්‍රියාව ආගමික සහන ශීලිත්වය හා ආගම් අතර සමඟිය අගය කරණ සැම දෙනා තරයේ හෙලා දකිති.

    තානාපති කාර්යාලය ආරම්භයේ සිටම එහි තැන්පත් කළ බුදු පිළිමය හා බුද්ධ පින්තූරය පමණක් ඉවත් කර හින්දු ආගමේ එවා පමණක් තබා ගනිමින් ඔහු ප‍්‍රසිද්ධියේම අවිහිංසාව අගය කරණ සියළු සත්වයාටම මෛත‍්‍රීය කරන්නට උගන්වන බුදුන් වහන්සේට වෛර කරමින් හැසිරීම කෙතරම් නින්දා සහගතද?

    ලංකාවේ සංස්කෘතිය හෙලා දකින , සිංහල බසට අවනම්බු කරණ මේ අන්ධ බාල තානාපතියා ප‍්‍රංශය වැනි රටකට තබා සදාචාරය අගය කරණ කිසිදු නිලයකට සුදුසු නොවේ. ප‍්‍රංශයට එවා ඇති මේ අන්තවාදී තානාපති වරයා 2600 සම්බුද්ධ ජයන්තිය ලෝකය පුරා සියළුම තානාපති කාර්යාලවල අති උත්කර්ෂවත් ලෙස පවත්වද්දී තම තානාපති කාර්යාලයේදී මෙම උතුම් අවස්ථාව සැමරීම අත්හැර දැමීය.

    සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලොව තානාපති කාර්යාල වෙත ලබාදුන් බුදු පිළිම තැන්පත් කොට තානාපති කාර්යාලවල උත්සව පවත්වත්දී, ප‍්‍රංශයේ තානාපති කාර්යාලයට පමණක් මෙම බුදු පිළිමය නොලැබුණේ මොහුගේ විරෝධය නිසාද බවට කිසිදු සැකයක් නැත.

    සිංහලයන්ගේ කිසිම දෙයකට සහභාගී නොවන මෙවන් මුග්ධ පුද්ගලයෙක් ප‍්‍රංශයට එවන්නට තරම් රට කරන්නෝ කටයුතු කළේ නම් ඔවුන් ගැන අපි කෙසේ සඳහන් කරම්ද. අදුරදර්ශී පාලනයේ තවත් නිර්ලජ්ජී ක‍්‍රියාවක් නිසා මෙම ක‍්‍රියාවට වග කිවයුත්තේ වර්තමාන පාලන තන්ත‍්‍රය මිස වෙන කිසිවෙක් නොවේ.

    කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් සමඟ රහසිගතව සබඳතා පවත්වන බවට පවතින බවට තිබෙන කටකතාවල යම් සත්‍යයක් ඇතැයි යන්න මොහු ගෙනයන මෙම ක‍්‍රියා කලාපය තුලින් මනාව පැහැදිළිවේ.

    මුල පටන්ම බෙදුම් වාදයට පක්ෂවූ මෙම තානාපතිවරයා වර්ධරාජා පෙරුමාල්ගේ ඇමති මණ්ඩලයෙහි සිටිමින් වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවටද සහාය පල කළේය. බෞද්ධයන්ට පහර ගැසීමට යමක් කළ හැකි නම් ඔහු එය එක හෙලාම ප‍්‍රමාද නොවී සිදු කරන්නට සූදානම්ව සිටී.

    - අමරත්න ගුණසේකර ප්‍රංශයේ සිට

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ දිනයේ සිට මේ දක්වාම නොකඩවාම තානාපති කාර්යාලයේ පවත්වාගෙන ආ වෙසක් උත්සවය 2600 සම්බුද්ධත්ව ජයන්තියද අවතක්සේරුවට ලක් කරමින් වත්මන් අන්තවාදී තානාපතිවරයා නොපවත්වා ඇරීම ගැන ප්‍රංශයේ ජීවත්වන බෝහෝ ශ්‍රී ලාංකිකයෝ ඛෙහෙවින්ම කනගාටුවට පත්ව සිටිති.

    යුරෝපයේ සියළුම තානාපති කාර්යාලවල බුද්ධ ජයන්තිය සමරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් සිදු කරද්දී බුදුන් වැඩ සිටිනවාට අකමැති වත්මන් අන්තවාදී තානාපති දයාන් ජයතිලකගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පමණක් මෙසේ කටයුතු කිරීම විමතියට කරණකි.

    සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ප්‍රංශයේ බොහෝ විහාරස්ථානවල ඉතා උත්කර්ෂවත් අන්දමින් වෙසක් උත්සවය සමරද්දී ,ප්‍රංශයේ ජීවත්වන කතෝලික භක්තිකයන් පවා බුදුගුණ වයමින් භක්තිගී කියද්දී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ලංකාවේ ආගම් 4 ක් තිඛෙද්දී එක් අගමකට පමණක් ප්‍රමුඛස්ථානය දිය නොහැකි බව පවසමින් තානාපති කාර්යාලයේ තිබූ බුදු
    පිළිමය පවා ඉවත් කළේය. තානාපතිවරයාගේ වැඩ භාර ගැනීමත් සමඟම සිදුවූ ප්‍රධානම කාර්යවූයේ එයයි.

    නිදහස් උත්සවයට වැඩම කළ භික්ෂූන්ට අවනම්බුවන අයුරින් බෞද්ධ චාරිත්‍ර නොසලකා හැර අනිකුත් ආගමික පූජකවරුන් වන ස්ත්‍රීන් සමඟ සම ආසනවල වාඩිකරවා කෑම දෙන්න ට කටයුත කටයුතු කිරීමද මෙම තානාපතිවරයාගේ බෞද්ධ විරෝධී ආකාල්පය මොනවට පැහිදිලි කරන්නක් විය.

    පන්සිල් සමාදන් වන අවස්ථාවේ ඔහුගේ හැසිරීමේ ස්වභාවය තුලින් අපට මැනවින් පැහැදිලි වූයේ රාජ්‍ය නොවන සංවිධානයක ඉත්තෙක් ලෙස ඔහු කටයුතු කළ ආකාරයයි.

    වර්තමාන තානාපතිවරයා සියළුම විහාරස්ථාන මුල සිටම වර්ජනය කර ඇති නිසා ප්‍රංශයේ වාසය කරණ භික්ෂූන් වහන්සේලාද තානාපති කාර්යාලයේ කිසිම දෙයකට මෙම අන්තවාදී තානාපතිවරයා සිටිනතෙක් සහභාගී නොවීමට තීරණය කර ඇත.

    තමන් බෞද්ධ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කළත් පොදු අවස්ථාවකදී හැසිරෙන ආකාරයක් තිබේ. ඔහු රජය නියෝජනය කරන්නේනම් පන්සිල් ගන්නා අවස්ථාවේ පැනයාම ඔහුගේ අන්තවාදී බව මැනවින් පෙන්නුම් කර දෙන්නකි.

    එසේ නොවේනම් පන්සිල් ගන්නා අවස්ථාවේ පමණක් භික්ෂූන් වහන්සේලා නොපෙනෙන මානයට ගොස් සැඟවීමට අවශ්‍ය නැත. පන්සිල් සමාදන් නොවී අත් දෙක පහත දමා සිටීම වෙනත් බෞද්ධ නොවන අයගේ සාමාන්‍ය සම්ප්‍රදායයි.

    බුදු දහම යනු කිසිවෙකුටත් බලයෙන් පටවන්නක් නොවේ. තමන් බුදු දහම ප්‍රතික්ෂේප කළත් එය අන්තවාදී ලෙස අනුන්ටද හැගෙන ආකාරයට කැනහිලිකම් කිරීම තානාපතිවරයෙකුට තරම් නොවේ. බෞද්ධ ආගමික වතාවන් ප්‍රතික්ෂේප කළත් තමන්ට මහත්මයෙකු මෙන් නිහඩව සිටීමට කිසිදු බාධාවක් නැත.

    බුදු දහම යනු ඇවිල්ල බලන්නට කියා උපදෙස් දෙන දර්ශනයක් මිස විශ්වාසය හා භක්තිය මත පදනම්වූවක් නොවේ. නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරණ වර්තමාන තානාපතිවරයා නිදහස් දිනයේ අනුගමනය කළ ක්‍රියා කලාපය සහ සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම තානාපති කාර්යාලයේ පවත්වන්නට ප්‍රතික්ෂේප කර ඇති ආකාරයෙන් ඔහුගේ තිඛෙන අන්තවාදී ස්වරූපය මැනවින් ප්‍රකට කරයි.

    තානාපති කාර්යාලයේ නිලධාරීන්ට පවා තර්ජනාත්මක සAවරූපයෙන් හැසිරෙන මෙම තානාපති වරයා ඔවුන් තානාපති කාර්යාලයේ සේවයට කරණ කැපකිරීම් ගැන හෝ නොතකා කටයුතු කිරීම බොහෝ දෙනාත් දෝෂදර්ශනයට ලක්වී ඇත.

    නිදහස් දිනයේ මෙතක් පැවතගෙන ආ ගරු ජනාධිපතිතුමන්ගේ පණිවුඩය තානාපතිවරයා විසින් කියවීම පවා අතහැර දැමූ මෙම තානාපතිවරයා එය වෙනත් අයෙකුට පැවරීය. එය රටේ නායකයා නොසලකා හැරීමක් ලෙස දකිමු.

    ශ්‍රී ලාංකිකයන්ගේ කිසිම උත්සවයකට පැමිණීම පවා ප්‍රතික්ෂේප කරණ මෙම අන්ධ බාල තානාපතිවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තබා රජයේ කිසිම නිලයක් දරන්නට නුසුදුසු බව අපගේ හැඟීමයි.

    සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලොව පුරා තානාපති කාර්යාලවලට බුදු පිළිම පරිත්‍යාග කිරීමට ගරු ජනාධිපතිතුමන් කටයුතු කරණ බවට පුවත්පත්වල පලවූ ප්‍රවෘතියට අනුව සැබවින්ම එවන් කටයුත්තක් සිදුවේනම් ප්‍රංශයේ තානාපති කාර්යාලයට ලැඛෙන පිළිම වහන්සේට අත්වන ඉරණම කෙබඳුද යන්න ගැන ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලංකිකයෝ විමසිලිමත්ව සිටිති.

    රටේ ජනාධිපතිතුමන් බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරණ නිසා, ජනාධිපතිතුමන්ට ගරහන සුළු පිරිසක් සමඟ පමණක් සිටින මෙම තානාපතිවරයාටද සමාව ලැඛෙනු ඇත. අයහපත යහපතින් දිනන්නටත්, වෛරය අවෛරයෙන් දිනන්නටත් කටයුතු කරණ කාරුණික ජනාධිපතිතුමන්ගෙන් මෙම අන්තවාදී තානාපතිට සමාව ලැබුණත් ඔහුගේ ඉතිහාසය
    දත්, ඔහුගේ ක්‍රියාකලාපය අනුමත නොකරණ, ඉතිහාසයේ ඔහු කළ නොපනත්කම් දත් ශ්‍රී ලාංකික සිංහල පිරිස නම්ඔහුගේ මෙම අන්තවාදී ක්‍රියාවන් අනුමත නොකරණු ඇත.

    සුනිල් ගාමිණී සිල්වා - ප්‍රංශය
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ජාතික ධනය වනසන පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

    ප්‍රංශයේ තානාපති කාර්යාලය නියෝජනය කිරීමට අන්තවාදී රාජ්‍ය නොවන සංවිධානයක
    ඉත්තෙකු තිනාපති ලෙස පැමිණීමත් සමඟ ප්‍රංශයේ ජීවත්වන සිංහල ජනාතාවට පමණක් නොව
    සියළුම ශ්‍රී ලාංකික සංවිධාන වලට උදාවී ඇති තත්වය ඉතා කනගාටු දායකය.

    බෞද්ධ විහාරස්ථාන වලට තානාපති කාර්යාලයෙන් ලැඛෙන අනුග්‍රහය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති ආකාරයත්, එම තානාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ප්‍රංශයේ තානාපති කාර්යාලයට ශ්‍රී ලංකා ජනාධිපති තුමාගේ අනුග්‍රහයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාන් විසින් එවන ලද බුදු පිළිම වහන්සේට සිදුවූ දෙයක් දැනගන්නට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතවී ඇත.

    බෞද්ධ කටයුත්තක් හෝ සිංහලෙන් ලැඛෙන ලිපියක්වත් ගණනකට නොගන්නා මෙම තානාපති පසුගිය අප්‍රෙල් මස ප්‍රංශයේ තිඛෙන බෞද්ධ විහාරස්ථාන දැනුවත් කිරීම සඳහා එවන ලද ලිපය කුණු කූඩයට දමා තිබියදී කාගේ හෝ මැදිහත් වීම මත එය ශ්‍රී ලාංකකි විහාරස්ථාන වෙත ලැඛෙන්නට සැලස්වූයේ පසුගිය සැප්තැම්බර් මස මැදදීය.

    මෙවන් අත්තනෝමතික ආකාරයට කටයුතු කරණ මෙම තානිපති ප්‍රකාශ කරන්නේ තමන්ට මෙම තානාපති ධූරයෙන් ප්‍රයෝජනයක් නොමැති බවත් තමන්ට ඊට වඩා වැදගත් රැකියාවක් සිංගප්පූරුවේ රාජ්‍ය නොවන සංවිධානයක තිඛෙන බවත්ය.

    මෙසේ පවසන මෙම තානාපති කිසිදු පැකලීමකින් තොරව බෞද්ධ කටයුතු හෙලා දකිමින් කටයුතු කරණ අතරම කිසිදු ශ්‍රී ලාංකික උත්සවයකට සහභාගීවීම ප්‍රතික්ෂේප කරයි.

    මේ සියල්ලටම වඩා මෙම තානාපතිගේ පැමිණීමත් සමඟ තානාපති කාර්යාලයේ දෛනික වියදම් සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත.

    අර පිරිමැස්මෙන් වැඩ කිරීම පුරුදු කළ යුතු යුගයක ඉතා සුළු දේකට පවා මහා පරිමාණයෙන්
    වියදම් කිරීමට කටයුතු කරණ ආකාරය පැහැදිළිවම දක්නට ලැබේ.

    තම නිල නිවාසයේ කිසිම අයුරකින් කිසිවෙකුටත් අහාර දීමට කටයුතු නොකරණ මොහු මහා පරිමාණයෙන් වියදම් කොට ලංකාවෙන් එන අයට ආපනශාලා වලට බිල ගෙවමින් සංග්‍රහ කරයි.

    මෙතෙක් සිටි තානාපතිවරු සිදු කළේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට රජයේ මුදල් ඉතිරි කර ගනිමින් අවමයෙන් වියදම් කර අමුත්තන්ට සැලකීමයි. තානාපති කාර්යලෙයේ
    ගමන් බිමන් හැර ඔහුගේ පුද්ගලික ගමන් බිමන් වෙනුවෙන් පමණක් මෙම තානාපති ඉතා සුළු කාලයක් තුල කරණ ලද වියදම ලංකාව වැනි රටකට කිසිසේත්ම ඔරොත්තු නොදේ.

    තමන් එම තනතුරින් අයින් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව පෙන්වමින් මෙවන් ආකාරයේ නාස්තියක් කරණ තානිපති කෙනෙක් ගැන ලොව අන් රටකින් අපට මෙතක් අසන්නට ලැබී නැත.

    ඔහු මෙතෙක් මාස 7 ක් ඇතුලත කරණ ලද දෛනික වියදම් වලින් තම නිවසේ සුඛෝපභොගිත්වය වෙනුවෙන් පමණක් වැය කර ඇති මුදල රුපියල් වලින් 5973000 කට වඩා අධිකය.

    කාර්යාලයේ වියදම ලෙස පමණක් මෙම මාස 7 වෙනුවෙන් රුපියල් 2064500 ක් ඉක්මවා වැය කර ඇත. අළුත් වාහනයක් ගැනීමට වියදම් කර ඇති මුදල රුපියල් 10800000 ඉක්මවා ඇත.

    මේ සියළුම වියදම් තානාපති කාර්යාලයේ නිවාස කුලී සහ මාසික වේතන වලට අමතරවය. එක් නිලධාරියෙක් වෙනුවෙන් තවමත් නිවසක් සොයාගෙන නැති නිසා මැයි මාසයේ සිට අගෝස්තු
    දක්වා ගෙවන ලද මුදල දිනකට රුපියල් 41490 පමණ වන අතර එකතුවක් ලෙස එය රුපියල් 4500000 කට අධිකය.

    මෙම ගෙවීම් අද වනතුරුත් නතරවී නොමැත.

    රාජ්‍ය නොවන සංවිධානවල වියදම් කරණ ආකාරයටත් වඩා මෙම තානාපති රටේ ජාතික ධනය විනාශ කරමින් කරගෙන යන මෙම වැඩ පිළිවෙල ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ හෝ තානාපති කාර්යාලයේ වෙසෙන දේශහිතෛශී නිලධාරීන්ද කිසි විටකත් අනුමත නොකරණු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

    හෙනහුරු අපලය ලබා ඇති ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ දුර්දාන්ත යුගයෙන් ගලවා ගැනීමට වගකිවයුතු සැමගේ ඇස් ඇරේවා යනන් අපගේ ප්‍රාර්ථනයයි.

    විශේෂ ලියුම්කරුවෙකු විසිනි (ප්‍රංශයේ සිට)