දයාබර නංගියේ, මල්ලියේ.....
දයාබර නංගියේ, මල්ලියේ...සා/පෙළ, උ/පෙළ, පහේ ශිෂ්‍යත්වය, මේ කුමන හෝ විභාගයක් වේවා, සිදු කරනුයේ තමන්ගේ දැනුම පරික්ශා කිරීම විනා, අද සමාජය සිතන ලෙස,පුද්ගලයාගේ ජීවිතය තීරණය කරණ සමාජ කඩඉම නොවේ.ලෝකය වෙනස් කලවුන් බොහෝ දෙනා, මහ ලොකු විභාග සමත් වූවන්ද නොවේ.විභාගයක් අසමත් වීම යනු, ජීවිතයෙහි තවත් එක් අත්දැකීමක් විනා, ජීවිතය පරාජය වීම නොව.එනිසා තවදුරටත් දැනුම වැඩි දියුණු කරගෙන නැවත පරීක්ශා කල හැක.නැවත උත්සහ කලහැක.අභියෝගයන්ට බියෙන් ජීවිතයෙන් පලා යන උන් බියගුල්ලන්ය.පරාජයන් විරල නොවේ.එයට මුහුණ දෙන්නට ශක්තියක් ඇත්තේද වීරයින්ටමය.සාර්තක වීම යනු, පරාජය නොවීම නොවේ,පරාජය අමතක කොටදමා, නැවත නැවතත් උත්සහා කොට ජය ලැබීමයි.අසාර්තක වන පුද්ගලයින් සැමවිටම ජය සහ පරාජය යනුවෙන් අවසානයන් දෙකක් දකිති.සාර්තක වන පුද්ගලයා දකින්නේ ජය පමණකි.ඔහුට පරාජය යනු තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් විනා, සිය ගමන් මගෙහි අවසානය නොවේ.එකවරම ඇවිද ගිය බිලිඳු අවදියක් අපට නැත.වැටි වැටී ඇදෙපයින් නැගිට සිටීමට උගත්තෙමු.මෙයයි ජීවිතය.සෑම දෙයකටම මේ ධර්මතාවය පොදුය.ඉතින් සොයුරු සොයුරියනි, අපි උත්සහා කරමු.ජීවිතය ජයගමු.ඔබට ජය !!

Last edited: