බතික් කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් බව පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබෙනවා.
එහිදී චාමර සම්පත් දසනායක මහතා අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතාට චෝදනා කර ඇත්තේ අමාත්‍යවරයා සිදු කරන ඇතැම් ප්‍රකාශ නිසා රජය අපහසුතාවයට පත්වන බවත්, එවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.
ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන්ද මෙහිදී එම ස්ථාවරයේම සිට ඇති බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් එහිදී ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ තමන් කියා සිටියේ ගම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය බවත්, අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
එවිට තමන්ට පක්ෂයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි බවත් ජයසේකර මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.
source

ආයෙත් පනියිද දන්නේ නෑ 