දයාසිරි තව පහළොවක් සමග ආණ්ඩුවට?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දයාසිරි තව පහළොවක් සමග ආණ්ඩුවට?

    dayasiri.jpg


    දයාසිරි ඉකුත් කාලය පුරා එක්සත් ජාතික පක්ෂය තුළද පක්ෂ ප්‍රතිසංවිධානය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු එජාප නායකත්වයට එරෙහිව කැරලිකාර පාර්ශ්වය නියෝජනය කළේය. වරක් පක්ෂ කෘත්‍යාධිකාරී හමුවකදී එජාප නායකයාගේ මුහුණටම ඔහුව ඡන්ද දායකයා ඉදිරියේ මාර්කට් කළ නොහැකි බවට ප්‍රකාශ කළේය. මේ හේතුව නිසා ඉකුත් කාලය පුරා එජාප නායකත්වය හා පක්ෂය දයාසිරිව පක්ෂයේ කටයුතුවලට සහභාගි කර නොගෙන කොන්කර සිටියේය.
    කෙසේ හෝ මෙවර දයාසිරි පිළිබඳව මාතෘකාව මතුව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත වයඹ පළාත් සභා මැතිවරණය පිළිබඳ උණුසුම මතුවීමත් සමගය. ඉකුත් බදාදා රාත්‍රියේ මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩ සිටියේ අනුරාධපුරයේය. උන්වහන්සේට ලැබුණු දුරකථන පණිවුඩයකින් කියවුණේ දයාසිරි එක්සත් ජාතික පක්ෂයේ තවත් පහළොස් දෙනකු සමග ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවය.
    මම හිතා හිටියේ අපේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ඉදිරි වැඩ කටයුතුවලදී වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටනේදී දයාසිරිත් ඉදිරි පෙළ තැනක තියලා වැඩ කරන්න. යැයි කියූ සෝභිත හිමියෝ අනතුරුව දන්න හඳුනන බොහෝ දෙනකුට මේ ආරංචිය දැනුම් දී දයාසිරිගේ ගමන නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියහ. උන්වහන්සේ හිටපු එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරියටද කතා කර මේ ඉල්ලීම කළේය.


    එජාපයෙන් වැඩක් නෑ

    දයාසිරිගෙන් පක්ෂ මාරුව පිළිබඳව විමසා දුරකථන ඇමතුම් දුන් ළඟම හිතවතුන්ට ඔහු කියා තිබුණේ ආණ්ඩුවේ පැත්තෙන් එන්නැයි තමන්ට ඉල්ලීම් දිගින් දිගටම ලැබෙන බවය. දැන් තමන්ට වයස අවුරුදු පනහට කිට්ටු වෙමින් පවතින බවත් වත්මන් එජාප නායකත්වය යටතේ ආණ්ඩු බලය ලබා ගැනීම සිහිනයක් බවත් ඔහු ප්‍රකාශ කර තිබුණේය. එසේම වත්මන් එජාප නායකත්වය පලවා හැරියද අනතුරුව පක්ෂයේ බලය අල්ලා ගන්නේ තිස්ස අත්තනායක හා රවි කරුණානායක වැනි පිරිසක් බැවින් තවත් වටයකින් ඔවුන්ව පලවා හැරීමටද සටන් කිරීමට සිදුවෙන බැවින් එජාපයේ රැඳී සිටීම ඵලක් නැති කටයුත්තක් බවද ප්‍රකාශ කර තිබුණේය.

    copyright www.lakbima.lk
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමස්ත ලන්කා බදු ගෙවන මහජනතාවගේ බදු මුදලින් කීයක් දැන් මේ උන්නැහේව බාවගන්න ආන්ඩුව වියදම් කලාද කියන එක තමා ලොකුම ගැටලුව???? :oo::oo::oo:
     
    සමස්ත ලන්කා බදු ගෙවන මහජනතාවගේ බදු මුදලින් කීයක් දැන් මේ උන්නැහේව බාවගන්න ආන්ඩුව වියදම් කලාද කියන එක තමා ලොකුම ගැටලුව???? :oo::oo::oo:

    මෙච්චර කලක් ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවට බැනල පතුරු ගහල , උන් එක්ක නිදි වදින්න එන්නේ ඇඳුම් ඇඳගෙනද කියලත් අහන්න ඕන මේ උන්නැහේ ගෙන්
    :lol::lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පව් බන් පොර. පොරටත් අනාගතයක් තියෙන්නේ ඕනේ. හැමදාම විපක්ෂයේ ඉදල වැඩක් තියෙනවද?. එත් මම හිතන්නේ දයාසිරි යන එකක් නැහැ කියල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමස්ත ලන්කා බදු ගෙවන මහජනතාවගේ බදු මුදලින් කීයක් දැන් මේ උන්නැහේව බාවගන්න ආන්ඩුව වියදම් කලාද කියන එක තමා ලොකුම ගැටලුව???? :oo::oo::oo:
    පොනිල දයාසිරිව හලුවෙත් අන්ඩුව කියලද කොහෙද :lol::lol: පට්ට පොනිල් :rofl::rofl: