දයාසිරි පොහොට්ටුවට දෙහි කපයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී විශාල දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සළකන්නැයි පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

    ඒ, අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

    "මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුවෙන් ලබාදිය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිහිපවතාවක්ම ඉල්ලලා තියෙනවා මේක. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 1064ක් ඉන්නවා. ඔවුන්ව මේ සංවර්ධන ක්‍රියාවලියට එකතු කරගන්න. මේ අයව පැත්තකට විසිකරලා වැඩ කරන්න බෑ. මොකද මේ අය තමයි ගිය ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී මේ ආණ්ඩුව ගේන්න විශාල කැපකිරීමක් කරපු අය. පක්ෂයක් විදිහට අපි නමට, බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතු වුණේ නෑ. ඒ නිසා අපේ සංවිධායකවරු විශාල කළකිරීමක ඉන්නවා. ඒ අනුව අපි ජනාධිපතිතුමාගෙනුත් විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ නායකයන්ගෙනුත් අපි ඉල්ලන්න කැමතයි කරුණාකරලා කෙළෙහිගුණ සැලකීමේ ක්‍රියාවලිය දැන්වත් ඉෂ්ඨ කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නෙ,"

    "අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවට ගණනාවක් ඉල්ලුවා. එකක්වත් අපිට ලැබිලා තිබුණේ නෑ. බැසිල් රාජපක්ෂ මහතා එක්ක අපි සාකච්ඡා කළා. නමුත් ඒ සාකච්ඡාවල කිසිම හරයක් අපි දකින්නේ නෑ. අපි ඉතාම අසරණ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. මම කියන්න කැමතියි කරුණාකරලා ශක්තිය අපිට දෙන්න. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හරින වැඩපිළිවෙලකට තමයි මේ ආණ්ඩුව ඇතුළෙම සිද්ධකරමින් ඉන්නේ කියන කාරණාව අපිට මතක් කරන්න සිද්ධ වෙනවා."
    යනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් අදාලම නැ ඕන නම් ලබන පාර අනිත් පැත්තට ගිහින් හේත්තු උනත් ගැටලුවක් නැත..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,880
    4,283
    113
    අපිට නම් අදාලම නැ ඕන නම් ලබන පාර අනිත් පැත්තට ගිහින් හේත්තු උනත් ගැටලුවක් නැත..
    අනිවා!!! ඉතුරු වෙලා ඉන්නේ කව්ද, උගේ පුක ලෙවකනවා. සිම්පල් ඈස් දැට්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා!!! ඉතුරු වෙලා ඉන්නේ කව්ද, උගේ පුක ලෙවකනවා. සිම්පල් ඈස් දැට්
    ලොල් රනිලගෙ ලොල්ලො මොනා හිතුවත් අදාල නැ,

    ශ්‍රිලකා උන් කොයි වෙලේ හරි පනින්ඩ බලන් ඉන්නව කියන එක අපි හොදට දන්නව ඒක අපිට ගැටලුවකුත් නෙමේ, එක පාරක් පැන්න සිරා ආයෙ නොපනි කියල නම් අපි නම් හිතන් නැ උබල මල්මාල දාල පිලි අරන් අගමැතිකම එහෙම දෙන්ඩ පොරොන්දු වෙයල්ල අපිට ගැටලුවක් නැත..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 දී මයිත්‍රීව බාගත්ත වගේ 2025 දි දයාසිරි එක්ක නිදහස් පක්ෂෙ කෑල්ලක් විපක්ෂෙන් බාගන්න ඉඩ තියෙනව මෙහෙම ගිහින් :baffled: චන්ද්‍රිකා සිරිසේනගේ කපුකම කරා වාගේ සජිත්ට පුළුවන් දයාසිරිගෙ කපුකම කරන්න
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 දී මයිත්‍රීව බාගත්ත වගේ 2025 දි දයාසිරි එක්ක නිදහස් පක්ෂෙ කෑල්ලක් විපක්ෂෙන් බාගන්න ඉඩ තියෙනව මෙහෙම ගිහින් :baffled: චන්ද්‍රිකා සිරිසේනගේ කපුකම කරා වාගේ සජිත්ට පුළුවන් දයාසිරිගෙ කපුකම කරන්න

    ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ 2025 වගේ වෙද්දි සජිය සීට් එකේ ඉදීද කියන එකයි, උස හාදය ගේම දෙන්ඩ යන්නෙ පාක්ශිකයොත් උස හාදය එක්ක වගේ පේන විදිහට නම්....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ 2025 වගේ වෙද්දි සජිය සීට් එකේ ඉදීද කියන එකයි, උස හාදය ගේම දෙන්ඩ යන්නෙ පාක්ශිකයොත් උස හාදය එක්ක වගේ පේන විදිහට නම්....
    උස හාදයට කියල කවුද ඔය ටෙලිපෝනේ අස්සෙ සහයෝගෙට ඉන්නෙ මොකෙක්වත් නෑනෙ. යූඑන්පි කාරයොන්ගේ චන්දෙ ගන්න පුලුවන් සජිත් එක්ක සහයෝගෙන හිටියොත් විතරයි සජිත් කපල වෙන වෙන ගේම් ගහල ඔතන උස හාදයට ගමනක් තියෙයි කියල මමනං හිතන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උස හාදයට කියල කවුද ඔය ටෙලිපෝනේ අස්සෙ සහයෝගෙට ඉන්නෙ මොකෙක්වත් නෑනෙ. යූඑන්පි කාරයොන්ගේ චන්දෙ ගන්න පුලුවන් සජිත් එක්ක සහයෝගෙන හිටියොත් විතරයි සජිත් කපල වෙන වෙන ගේම් ගහල ඔතන උස හාදයට ගමනක් තියෙයි කියල මමනං හිතන්නෙ නෑ

    රාජපක්ශ බිල්ලව මවල , රාජපක්ශල එලවන්ඩ සජිත්ව තියන් බෑ වගේ මාර්තෘකා එන්ඩ පුලුවන් ඉස්සරහට, සජිත් පන මදි කොහොමත් , ආන්න ඒ තුරුම්පුවෙන් කපයි කියලයි හිතෙන්නෙ,

    පාක්ශිකයොත් ලිදේ වැටිල ඉන්න එකේ මොකා එක්ක හරි එකතුවෙලා රාජපක්ශලව එලවන්ඩ ට්‍රයි කරයි කියලයි මට නම් හිතෙන්නෙ ,

    උස හාදය සුපිරි ගේමක් ගැහුව ගුපිය දෙකට කඩල, කුහක වෙන්ඩ දෙයක් නැ උගෙ පැත්තෙන් බැලුවම සුපිරිම ගේමක්..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Pohottuve Mahinda vitharai SLFP ekata respect karanne. Miniha dannava SLFP eka ugey amma thaaththa vagey hitiya pakshe kiyala.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    ලොල් රනිලගෙ ලොල්ලො මොනා හිතුවත් අදාල නැ,

    ශ්‍රිලකා උන් කොයි වෙලේ හරි පනින්ඩ බලන් ඉන්නව කියන එක අපි හොදට දන්නව ඒක අපිට ගැටලුවකුත් නෙමේ, එක පාරක් පැන්න සිරා ආයෙ නොපනි කියල නම් අපි නම් හිතන් නැ උබල මල්මාල දාල පිලි අරන් අගමැතිකම එහෙම දෙන්ඩ පොරොන්දු වෙයල්ල අපිට ගැටලුවක් නැත..

    හම්බයෝ ඉන්නවනේ කමක් නෑ ගියත්