ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී විශාල දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සළකන්නැයි පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
ඒ, අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
"මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුවෙන් ලබාදිය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිහිපවතාවක්ම ඉල්ලලා තියෙනවා මේක. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 1064ක් ඉන්නවා. ඔවුන්ව මේ සංවර්ධන ක්‍රියාවලියට එකතු කරගන්න. මේ අයව පැත්තකට විසිකරලා වැඩ කරන්න බෑ. මොකද මේ අය තමයි ගිය ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී මේ ආණ්ඩුව ගේන්න විශාල කැපකිරීමක් කරපු අය. පක්ෂයක් විදිහට අපි නමට, බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතු වුණේ නෑ. ඒ නිසා අපේ සංවිධායකවරු විශාල කළකිරීමක ඉන්නවා. ඒ අනුව අපි ජනාධිපතිතුමාගෙනුත් විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ නායකයන්ගෙනුත් අපි ඉල්ලන්න කැමතයි කරුණාකරලා කෙළෙහිගුණ සැලකීමේ ක්‍රියාවලිය දැන්වත් ඉෂ්ඨ කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නෙ,"
"අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවට ගණනාවක් ඉල්ලුවා. එකක්වත් අපිට ලැබිලා තිබුණේ නෑ. බැසිල් රාජපක්ෂ මහතා එක්ක අපි සාකච්ඡා කළා. නමුත් ඒ සාකච්ඡාවල කිසිම හරයක් අපි දකින්නේ නෑ. අපි ඉතාම අසරණ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. මම කියන්න කැමතියි කරුණාකරලා ශක්තිය අපිට දෙන්න. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හරින වැඩපිළිවෙලකට තමයි මේ ආණ්ඩුව ඇතුළෙම සිද්ධකරමින් ඉන්නේ කියන කාරණාව අපිට මතක් කරන්න සිද්ධ වෙනවා." යනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

චන්ද්‍රිකා සිරිසේනගේ කපුකම කරා වාගේ සජිත්ට පුළුවන් දයාසිරිගෙ කපුකම කරන්න