දයාසිරි මනාප 336,327ක් .ඉතිහාසය තුල වාර්තාගත මන&#353

Legend 1000

Member
Sep 24, 2011
196
17
0
ape gedara
දයාසිරි මනාප 336,327ක් .ඉතිහාසය තුල වාර්තාගත මන&#353

dayasiri_jayasekara-actress.png

වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්‍යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා පළමු ස්ථානයට පත්ව තිබේ.
මීට ඉහත පළාත් සභා මැතිවරණයකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1994 වසරේදී මනාප 297,000ක් පමණ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ලබා ගෙන තිබිණ.
දිස්ති‍්‍රක්කයේ දෙවැනි තැනට පත්ව සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප‍්‍රනාන්දු මනාප 134,423ක් සහ තෙවැනි ස්ථානයට පත්ව සිටින ඞී.බී. හේරත් මනාප 60,767ක් ලබා සිටී. ජී. දෙහිගම මහතා මනාප 59016ක්ද හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා මනාප 47014ක්ද ලබා සිටී.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද පළමුවර ගණන් කිරීමට අපේක්‍ෂක ජොහාන් ප‍්‍රනාන්දු සහ ටිකිරි අධිකාරී විරුද්ධ වූ බැවින් නැවත වරක් මනාප ගණන් කිරීම සිදු විය.
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ආසනය වූ නිකවැරටිය සහ ටිකිරි අධිකාරී මහතාගේ ආසනය වූ පොල්ගහවෙල ආසනනවලදී ඔවුන් අභිබවා දයාසිරි ජයසේකර මහතා මනාප ලබා සිටීම හේතුවෙන් දෙවැනි වර ගණන් කිරීමට යෝජනා විය.
සමස්ථයක් ලෙස දිස්ත‍්‍රික්කයේ සියළුම ආසනවල වැඩිම මනාප ප‍්‍රමාණය ලබා ගැනීමට දයාසිරි ජයසේකර මහතා සමත්ව තිබේ.
 
  • Like
Reactions: Sachith777

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි ඡන්දයක් දැම්මොත් ඉතින් රෙකෝඩ් තියල දිනන්නෙ :rofl:
    සන්දානේ දිනුවට මහඇමති යුඇන්පි ද මන්දා? රනිලා වගේ බත් කන හරකෙක් නැ කොහෙවත්.. මේ වගේ චන්ද පදනමක් තියන මිනිස්සු පක්ශෙන් එලවලා ඌ තනියෙන් පක්ශෙ කරනවා.. දැන් ඉතින් මහ රජතුමාට කිසි කරදරයක් නැ, වැඩේ කියන්නේ, මේ සන්දාන ආන්ඩුවෙ 3/4ක් ඉන්නේ මේ රනිලා නිසා ආන්ඩුවට සෙට් උන උන්, ශ්‍රිලන්කා කාරයන්ට ඇපත් නැ.. අතුල විජේසින්හ එහෙම අඩනවද මන්දා? කොහොම උනත් අනිත් මහඇමතිලා කොලා වගේ නොකර වැඩක් කලොත් නම් හොදා..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අනේකවිද කෙනෙහිලිකම් මධ්‍යයේ වුවද ඒ ජා ප පක්ෂය, හරිමගට ගැනීමට කල උත්සහයටත්, අවසානයේ තම ආත්ම ගෞරවය රැකගනිමින්, මහත්මයෙක් ලෙස සිය මෛත්‍රී දුරය පාවා නොදී නිර්භයව ජනතාව අතරට ගොස් ජයග්‍රහණය කල දයාසිරි ජයසේකර මැතිදුන්ට මාගේ ප්‍රණාමය!
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සන්දානේ දිනුවට මහඇමති යුඇන්පි ද මන්දා? රනිලා වගේ බත් කන හරකෙක් නැ කොහෙවත්.. මේ වගේ චන්ද පදනමක් තියන මිනිස්සු පක්ශෙන් එලවලා ඌ තනියෙන් පක්ශෙ කරනවා.. දැන් ඉතින් මහ රජතුමාට කිසි කරදරයක් නැ, වැඩේ කියන්නේ, මේ සන්දාන ආන්ඩුවෙ 3/4ක් ඉන්නේ මේ රනිලා නිසා ආන්ඩුවට සෙට් උන උන්, ශ්‍රිලන්කා කාරයන්ට ඇපත් නැ.. අතුල විජේසින්හ එහෙම අඩනවද මන්දා? කොහොම උනත් අනිත් මහඇමතිලා කොලා වගේ නොකර වැඩක් කලොත් නම් හොදා..

    :yes::yes::yes::cool:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සන්ධාන අපේකෂක දයාසිරි ජයසේකර මහතා පළාත් සභා ඉතිහාසයේ නව වාර්ථාවක් තියමින් මනාප තුන්ලකෂ තිස් හය දහසකට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇත.
    1993 මැයි 27 පැවති බස්නාහිර පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලැබූ වැඩි ඡන්ද දෙලක්ෂ අනූ අට දහස මීට පෙර පැවති වාර්ථාව විය.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සන්ධාන අපේකෂක දයාසිරි ජයසේකර මහතා පළාත් සභා ඉතිහාසයේ නව වාර්ථාවක් තියමින් මනාප තුන්ලකෂ තිස් හය දහසකට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇත.
    1993 මැයි 27 පැවති බස්නාහිර පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලැබූ වැඩි ඡන්ද දෙලක්ෂ අනූ අට දහස මීට පෙර පැවති වාර්ථාව විය.
    නිකන් හීනියට මට හිතෙනවා දයාසිරි ලොක්කා කවදාහරි ජනාදිපටි පුටුවෙත් ඉදගනීදො කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane wasanaawan. Dakuna wage mehetath wenawanm :rolleyes::rolleyes::rolleyes:
    එතකොට බැරියැ කුරුනැගලටත් A380 බස්සන්න පුලුවන් එයාර් පොට් එකක් සැට් කොරගන්න.. වරායක්නම් ටිකක් අමාරු වෙයි.. :confused:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අනේකවිද කෙනෙහිලිකම් මධ්‍යයේ වුවද ඒ ජා ප පක්ෂය, හරිමගට ගැනීමට කල උත්සහයටත්, අවසානයේ තම ආත්ම ගෞරවය රැකගනිමින්, මහත්මයෙක් ලෙස සිය මෛත්‍රී දුරය පාවා නොදී නිර්භයව ජනතාව අතරට ගොස් ජයග්‍රහණය කල දයාසිරි ජයසේකර මැතිදුන්ට මාගේ ප්‍රණාමය!
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේක දයාසිරි UNP එකට උගන්වපු හොද පාඩමක්.