දයා ගියා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    දයා ගියා






    inShare​


    DAYA-ALVIS.jpg


    මීට වසර 30 කට පෙර
    මං ගොඩාක් ගැටවර කාළේ
    නුඹේ කවට කියුම් අසා
    බඩ අල්ලං හිනා උනා



    මං විතරක් නෙමෙයි අපි ඔක්කොම
    හම්බ වුණොත් මහ මඟකදී
    ‘බොන්න වරෙන් හවසක ගෙදර’
    කියයි දයා අයියා
    කහටක් නැති හිතින්



    යන්නෙ නැති එක මළ ගෙවල් වල
    කැත ගතියක් වෙන්නැති මගෙ
    එ්් නිසා නෑ එන්නේ
    උඹ බලන්න



    ආවොත් යන්නම වෙනවාමයි
    ඉතිං උඹ පලයං තනිවම
    යනකං උඹ පස් යටටම
    බොනවා මං එක දිගටම



    හැම එකාටම බෑ - රසවතෙක් වෙන්න
    හැම එකාටම බෑ - හිනා ගස්සවන්න
    හැම එකාටම බෑ - යාලූවෙක් වෙන්න
    හැම එකාටම බෑ -
    ඔය ගමන නොගිහින් ඉන්න



    ඉතිං අපිත් එනවා ලඟදිම
    ඉඳින් එ් වෙනකං භාගයක් තියාගෙන



    ගිය එකෙක් වෙනුවෙන් කවි කෑල්ලක්
    ලියැවුණේ නැහැ කල්පෙකින්
    අද උඹ ඇවිස්සවා
    මගේ දුක් සිත



    ඉතින් පලයං තනියම
    සත්තයි එනවා ලඟදිම
    දැනුත් යමින් ඉන්නෙ අපි
    එක පෙළට



    සිරිමල් විජේසිංහ