දරකපන්නා, පොරව සහ බිරිඳ

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දරකපන්නා, පොරව සහ බිරිඳ

    අර දර කපන්න කැලේට ගිහින් දර කපද්දි පොරව ගගට වැ‍ටුන සිද්දිය මම හිතන්නෙ හැමොම වගේ අහල තියනව. දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

    මේ දර කපන්නගෙ කතාවෙ දෙවෙනි කොටස...

    ඉතින් අන්තිමට දර කපන්නට පොරෝ තුනක් ම හම්බ උනානෙ. ඒ කියන්නෙ මිනිහගෙ අවංක කම ගැන පැහැදිලා දෙයියො දුන්නනෙ. ඉතින් මිනිහත් අවංක, අහිංසක, නිහතමානී මනුස්සය නිසා වැඩිය උඩ පනින්ඩ දගලන්ඩ ගියේ නෑ. පාඩුවෙ පරන රස්සාවම කරගෙන ඉන්නව. හැබැයි ඉතින් රත්තරන්, රිදී පොරෝ දේක විකුනල ගත්ත සල්ලිවලින් හොද ලස්සන පොඩි ගේකුයි (මිනිහ මොල කාරය, දන්නව ලොකු ගෙවල් හදන්ඩ ගියොත් ඇනෙනව කියල) දර අදින්ඩ කරත්තෙකුයි එහෙම අරගෙන ටිකක් පිලිවෙලකට ඉන්නව. හැබැයි කරන්නෙ පරන රස්සවමයි.

    ඉතින් ඔහොම ඉන්නකොට දැන් ගෙදරට අඩු "වලළු දාපු අතක්" තමයි. කෙල්ලො නම් වැහි වැහැල ලු මිනිහ බදින්ඩ. (ඇයි සල්ලි කාරයනෙ) ඒ උනාට මිනිහ පුලුවන් තරම් හොයල බලල හොද දෑවැද්දකුත් ඒක්ක පට්ට කෑල්ලක් බැන්දලු. දැන් සෙරම හරි කියල තමයි මිනිහ හිතාගෙන ඉදල තියෙන්නෙ.

    ඉති ඔහොම ටික කාලයක් යද්දි (වැඩි කල් නෑ හය මාසයයි....??????? නෑ..නෑ...බබෙක් නෙවෙයි) හැමෝටම වෙනව වගෙ මෑන්ටත් හිතුනලු මේක කරගත්ත මෝඩකම කියල.

    වෙන මොකුත් හින්ද නෙමෙයි, කොයි වෙලාවෙත්:

    "කොහෙද යන්නෙ?"
    "ඇයි යන්නෙ?"
    "කාත් එක්කද යන්නෙ?"
    "ඇයි තනියෙන් යන්නෙ?",
    "කීයටද එන්නෙ?"
    "බ්ලා....බ්ලා....බ්ලා..."

    ගොඩයි ලු.

    අපිට වගේ නෙවෙයිනෙ, මිනිහට මේක පුරුදු නැති නිසා මල වදයක් වෙලා.

    ඔහොම ටික දවසක් යනකොට යනකොට අනවශ්්‍ය දේවලුත් අහන්ඩ පටන් ගත්ත ලු.

    "මේ.... මම මේ අහන්ඩමයි හිටියෙ... ඔයා දර කපන එක විතරනෙ රස්සාවකට කරන්නෙ. ඉතින් කොහොමද මෙච්චර සල්ලි හබ්බ කරේ...?"

    ඉතින් මිනිහත් ඕකට උත්තර දෙන්නෙ නැතිව හැමදාම මග අරිනව ලු. අන්තිමට දවසක් උත්තර නොදී මගාරින්ඩ බැරිම උනා ලු. අනේ අර අහින්සකය සේරම විස්තරේ කියලා වයිෆ් එක්ක.

    ඉවරයි! දැන් දන්නවනෙ කට්ටිය මොකද වෙන්නෙ කියල?

    දැන් "අනේ මට එතන බලන්ඩ යන්ඩ ඕනෑ!" කියල මල වදයක් දෙනවලු වයිෆ්.

    අන්තිමට බේරගන්ඩම බැරි තැන "හරි යමු පෙන්නන්ඩ " කිවුව විතරලු මෙන්න විනාඩි පහෙන් ඇදගෙනත් ඉවරයිලු.

    කොහොම කොහොම හරි තැන හොයාගෙන ගිහිල්ල. දැන් වයිෆ්ට මාර ආතල් ලු. දැන් ඉතින් අයෙ ප්‍රශ්න වැලයිලු.

    "ආනේ, මෙතනද?"
    "ඔයට ෂුවර් ද?"
    "කොතන ගහ ද?"
    "දෙයිය ආවෙ කොහෙන්ද?"
    "කොයි පැත්තෙන්ද?"

    අන්තිම ප්‍රශ්ණය: "පොරව වැ‍ටුනෙ කොතනින්ද...?" කියල අහපුවම දර කපන්න කිව්වලු "මෙන්න මෙතනින්" කියල.

    එතකොටම "හානේ, මෙතනින්ද?" කියල ගඟට නැමුන ලු. කකුල ලිස්සුව ලු.

    "ජබොක්....!!!"

    වයිෆ් ගඟේ ලු. මලා! (නෑ තම මලේ නෑ).

    මොනව කිවුවත් කලත් වයිෆ් නෙ. දුකට, සැපට, මොකට උනත් අසනීපයක් උනත් ආදරෙන් බලගන්නෙ වයිෆ් නේද?
    කියල මිනිහට එකපාරටම මතක්වෙලා. (අපි වගේමයි පොරත්) ඔලුවෙ අත් දෙක ගගහ අඩනව ලු.

    "අනේ, මොකක්ද මේ උනේ?"

    "මගෙ රත්තරං වස්තූව, මගෙ මැණික, පැටියෝ..." කිය කිය දැන් මර ල‍තෝනි දෙනව ලු.

    ඔන්න මිනිහගෙ වෙලාව හොදකම කියන්නෙ, දෙයියා අදත් ඉන්නව ලු වෙලවට ලඟ පාතම. මොකද සීන් එක කියල බලනව ලු දෙයියො දැන්.

    "ආ! මෙ අර මනුස්සයනෙ. හරි අවංක මනුස්සය. මොකද දන්නෙ නෑ, මේ පාර වෙලා තියෙන්නෙ" කියල ආවලු ලඟට.

    දෙයියො දැක්ක ගමන් මිනිහට දෙයියෙක් දැක්ක වගේ හැපී ලු (ඈ, දෙයියෙක් නේන්නං ආවෙ).

    ඉතින් දෙයිය අහනව ලු - "ඒ පාර මොකද දරුවා?"

    "අනේ දෙයියනේ විස්තරේ පස්සෙ කියන්නම්. වයිෆ් ගගට වැ‍ටුනා. ඉක්මනට ගොඩට ගත්තෙ නැත්තම් මැරෙයි!"

    ඉතින් දෙයිය ඇහැව්වෙ නෑ ලු මොකද පැනල බේරගන්නෙ නැත්තෙ කියල. මොකද එය දන්නවනෙ මෙයාට පීනන්ඩ බෑ කියල.

    හැබැයි දෙයියන්ට හිතුන ලු මිනිහා තාම අවංකද කියල බලන්ඩ ඕන කියල. ජබොක් කියල ගගට පැන්නලු. පැනල ටික වෙලාවකින් ගොඩට අරගෙන එනවලු ගෑනු කෙනෙක්ව.

    හැබැයි වයිෆ් නෙවෙයි ලු. ඒත් "ජැකොලින් ෆර්ඩිනැන්ඩස්" වගේ ලස්සනයි ලු. දෙවියො හිතුවලු මිනිහ අවංක නිසා මෙ ගෑනුකෙනා නෙවේයි මගෙ වයිෆ් කියයි කියල.

    හැබැයි වෙල තියෙන්නෙ වෙන දෙයක්!

    "මෙයාද වයිෆ්?" කියල ඇහැව්වලු. මිනිහ පැනපු ගමන් බදාගත්තලු අර ගෑනිව.

    "අනේ බොහෝම පිං දෙවියනේ! මේ තමයි මගෙ වයිෆ්".

    දෙයියන්ට ෆුල් අප්සට් ලු.

    "ඕක තමයි මිනිස්සුන්ගෙ තියන කැත ගතිය. සල්ලි භාගෙ හම්බ උනාම අවංක කම වගේ හොද හතිගුන උන්ට අමතක වෙනව නේද? මටනම් හරිම කනගා‍ටුයි උඔ ගැන. උඔ දුප්පත්කමට ඉන්න කාලෙ උඔ කොච්චර හොඳද? සල්ලි ලැබුන ගමන්ම උඔ වෙනස්වුනා නේද? ඉස්සර වගේ දැං උඹ අවංක නෑ. ලස්සන ගෑනියෙක් පෙන්නපු ගමන්ම උඹ පැනල ඒක බදාගත්ත නේද?" කියල ඇහුවලු.

    එතකොට දර කපන්නා කියනවලු:

    "අනේ නෑ දෙයියනේ, ඔබ වහන්සේට මම කිව්වනම් මේ මගේ ගෑනි නෙවේයි කියල ඔබ වහන්සේ තව ගෑනියක් ගෙනත් පෙන්නයි. මම ඒ ගෑනිත් නෙවෙයි කිව්වනම් ඔබ වහන්සේ මගෙ ඈත්ත ගෑනිව ගෙනත් පෙන්නයි. මට මේ එක ගෑනියෙක් එක්කම ඉන්ඩ අමරුයි.මම කොහොමද දේයියනේ ගෑනු තුන්දෙනෙක් එක්ක ඉන්නෙ. ඒකයි මම දුන්න මුල ගෑනිවම බර ගත්තේ"

    එතකොටලු දෙයියන්ට තේරුනේ සීන් එක.

    :lol:
    rep+


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    t147766404_89051_3.gif