දරණාගම කුසලධම්ම හිමි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දරණාගම කුසලධම්ම හිමි

    දරණාගම කුසලධම්ම හිමි

    daranagama-kusaladamma-himi.jpg

    සුවහසක් ලෝවැසි බොදුණුවන්ගේ දම් පිපාසය නිවාලන්නට දහම් වේදිකාවක් තනමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට මහඟු මෙහෙවරක් ඉටු කළ කොළඹ 7 සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරේදා (3) අපවත් වී වදාළහ.
    අපවත් වන විට පනස් හතර වැනි වියෙහි පසු වූ උන්වහන්සේ මාස කිහිපයක් තිස්සේ රෝගාතුරුව වැඩ සිටියහ. බියගම දරණාගම ග්‍රාමයේ විසූ ගුණසේන කුමාර පේළි හා කරලැයින් නෝනා බාලසූරිය දෙමවුපියන්ගේ දියණියන් දෙදෙනකුගේ සහ පුතුන් දෙදෙනකුගේ පවු‍ලේ වැඩිමහල් පුතණුවන්ව 1963 ජූලි 30 වැනි දින මුන්වහන්සේ සියඹලාපේ දරණාගම විද්‍යාලයෙන් කොළඹ රාජකීය විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය ලැබිය. උපතින්ම දහමට ලැදි තැන්පත් ගති ලක්ෂණවලින් හෙබිව හංවැල්ල ජල්තර ධම්මික යෝගාශ්‍රමාධිපතිව වැඩවිසූ කොරතොට විමලධම්ම නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නනයක් ලෙස දරණාගම කුසලධම්ම නමින් උතුම් ප්‍රවුජ්‍යා භූමියට පත්වූහ.
    කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් කුසලධම්ම හිමියෝ බම්බලපිටිය වජිරාරාමයට වැඩම කොට වජිරාරාමාධිකාරී පියදස්සි නාහිමියන්ගේ සෙවනෙහි වැඩ සිටි අතර විහාරස්ථ දහම් පාස‍ලේ විදුහල්පති ධුරයට පත් වූහ. පානදුරේ අරියධම්ම හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව පියදස්සී නාහිමියන් සමග කොළඹ 7 සම්බෝධි විහාරයට වැඩම කළ කුසලධම්ම හිමියෝ පියදස්සී නාහිමියන්ගේ නායකත්වයෙන් මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල ආරම්භ කළහ.
    පියදස්සී නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව 1998 අගෝස්තු 18 දින සම්බෝධි විහාරයේ භාරකරත්වයට පත් කුසලධම්ම හිමියෝ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායකව වැඩ සිටි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස 2005 වර්ෂයේදී නැවතත් පැවිදි උපසම්පදාව ලදහ.
    උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමි සමාජ සංවර්ධන පදනම ආරම්භ කළ උන්වහන්සේ 2007 ජුනි 27 වැනි දින සැම හිත සුව පිණිස යන තේමාව මුල්කොට ගනිමින් බෞද්ධයා රූපවාහිනි නාලිකාවත්, 2011 මැයි 15 දින බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවත් ශ්‍රී සම්බෝධි දහම් සඟරාවත් ආරම්භ කළහ.
    නාරංවල දෙල්ගොඩ ගුණරත්න ශ්‍රී සම්බෝධි සඳහම් සෙවණ හා එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝච්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළ උන්වහන්සේ සිංහල ජාතිය හා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස, දරු දිරි සහන අරමුදල, ගැමි පුනරුත්ථාපන වැඩසටහන, ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා වැඩසටහන වැනි වටිනා වැඩසටහන්වල නිර්මාතෘවරයාණන් වහන්සේද වූහ.
    මීට මාස කිහිපයකට ඉහතදී හදිසියේ ගිලන් වූ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන්හි එම්.ඩී. ඇන්ඩර්සන් රෝහ‍ලේ හා දිවයිනේ පෞද්ගලික රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ පෙරේදා (3) අලුයම විහාරස්ථානයේදී අපවත් වී වදාළහ.


    උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය (8) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

    Yellow_flag_waving.svg

    යොමුව
     
    • Like
    Reactions: Sara531

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දායකයෝ දේපල බෙදාගන්න බැරුව මරාගන්නවා. ආණ්ඩුවෙන් අවසන් කටයුතු ෆ්‍රී කරනවා. මේවා මහා උකන රටවල්. උකන ආණ්ඩු..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මේ මස 08 වැනිදා (බ්‍රහස්‌පතින්දා) පස්‌වරුවේ කොළඹ නිදහස්‌ චතුරස්‍ර පරිශ්‍රය අසල ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.

    නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය රැගත් අවමංගල්‍යය රිය පෙරහර 08 වැනිදා පස්‌වරු 1.30 ට ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටත්වී නිදහස්‌ චතුරස්‍ර පරිශ්‍රය අසල ක්‍රීඩාංගණයට පැමිණීමෙන් අනතුරුව පස්‌වරු 2.30 ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දායකයෝ දේපල බෙදාගන්න බැරුව මරාගන්නවා. ආණ්ඩුවෙන් අවසන් කටයුතු ෆ්‍රී කරනවා. මේවා මහා උකන රටවල්. උකන ආණ්ඩු..

    මොකද්ද මචං ඒ සීන් එක...?