දරුණු_දඩයක්කාරයෙක්!

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    දරුණු_දඩයක්කාරයෙක්!

    ඕකිඩ් මලක් වන අපූරු දඩයක්කරුවා
    eb1c8c774f333b75ad28314600edff0b.jpg


    බැලූ බැල්මට මෙයා අහිංසක උඩවැඩියා මලක් වගෙයි! ඒත් මේ ඉන්නේ සතෙක්! සතෙක් විතරක් නොවෙයි, විලෝපිකයෙක්! ඒ කියන්නේ දරුණු දඩයක්කාරයෙක්!
    මල් පෙති වගේ සිනිඳු අත් පා තියෙනවා. හැඩයයි, පෙනුමයි, පාටයි හරියට ම ඕකිඞ් හෙවත් උඩවැඩියා මලක් වගේමයි! ඌ මේ විදියට ව්‍යාජ වෙස් ගන්නේ ගොදුරු කර ගන්නා සතුන් අල්ලා ගන්නටයි. දැන් මේ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරල තියෙනවා. මේ ගැන විමසුම් කළ ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් කියන විධියට සෑබෑ මලට වඩා මේ වෙස් වළා ගත් සතා කෘමීන්ට වඩාත් ආකර්ෂණීයයි. හරිම අපූරු සතෙක්. මල් පෙති වගේ දෙපා ඇති ඕකිඞ් මලේ හැඩය හා වර්ණය අනුකරණය කරන්න හරිම දක්ෂයි.
    Haeschenimage006149609.jpg



    mantis.jpg


    ”ඔවුන්ගේ දීප්තිමත් පුෂ්ප වර්ණ හා පෙති හැඩැති දෙපා නිසා ඒ වෙතට කෘමීන් තදින් ආකර්ෂණය වෙනවා. ඔවුන් වශීවෙලා වගෙයි ඇදී එන්නෙ.” මහාචාර්ය ජේම්ස් ඕ හැන්ලන් කියනවා. ඔහු ඕස්ට්‍රේලියායාවේ නිව් සවුත් වේල්ස්හී මැකෝරි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ”මේ ඕකිඞ් මැන්ටිස් මල්වල වගේ වෙස් වළා ගන්නවා විතරක් නොවෙයි, මල් පරදවලා කෘමීන් ආකාර්ෂණය කර ගන්න හරිම දස්සයි.” ඕකිඞ් මැන්ටිස් හෙවත් උඩවැඩියා වන්දාගේ වෙස්වළා ගැනීම සෑබෑ මලට වඩා කෘමීන්ට වඩාත් ආකර්ෂණීයයි.
    ඕකිඞ් මැන්ටිස්ගේ සිරුර සුදු පැහැතියි. ලා රතු හෝ රෝස පාට පුල්ලි සහිතයි. උගේ දෙපාවල මල් පෙතිවලට සමාන අපේ කන් පෙත්තක් වගේ කොටසක් තියෙනවා. ඕකිඞ් මැන්ටිස්ට පරිසරයේ තත්වය අනුව, ආර්ද්‍රතාව, ආලෝක ස්වභාවය ආදිය අනුව දින කීපයක් ඇතුළත සිරුරේ පැහැය වෙනස් කර ගත හැකියි. මේ සතා ජීවත්වන්නේ අග්නිදිග ආසියාවේ රටවල වැසි වනාන්තරවලයි. ඉතා දුලබ සතකු නිසා විද්‍යාඥයන් මෙතෙක් මේ සතා දැක මේ හැකියාව දැක තහවුරු කර ගෙන තිබුණේ නැහැ.
    මේ අපූරු සතා විස්මිතයි කියලා අප කියන්නේ ඌ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකුට ම ගහන්න දක්ෂ නිසයි. එක අතකට ඌ තමන්ව දඩයම් කරන්න, ඒ කියන්නේ තමන්ව ගොදුරු කර ගන්න එන, විලෝපිකයන්ගෙන් බේරෙනවා, ඕකිඞ් මලක් වගේ වෙස් වළා ගෙන. අනික් අතට ඕකිඞ් මලක් යැයි කියල රැවටිලා රොන් ගන්න තමන් ළඟට එන කෘමින් දැතින් ම අල්ලා ගෙන කනවා.

    Orchid-Mantis.png


    මේ න්‍යය ඔප්පු කරන්න ඇසින් දුටු සාක්ෂි සොයා ගෙන ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ විශ්ව විද්‍යාවල විද්‍යාඥයන් පිරිසක් මැලේසියාව බලා ගියා. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හී මැකෝරී විශ්ව විද්යායලයේ මහාචාර්ය ඕහැනලින් හා මාරී හර්බස්ටයින් සමග ඕක්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ ග්‍රෙගරි හෝල්වෙල් යන අය තමයි එහි නායකත්වය ගත්තෙ.
    මේ සතාගේ පරිණත ගැහැනු සතකුගේ දිග සෙන්ටිමීටර් 6ක් 7ක් ඇති. ඒත් පිරිමි සතා සෙන්ටිමීටර් දෙකහමාරකට වඩා නැහැ. එහිදි ඔවුන්ට හමුවුණා, මේ විස්මිත සතා, ඕකිඞ් මැන්ටිස් හෙවත් උඩවැඩියා වන්දා. ඔවුන් දැක ගත්තා මේ මලක් වගේ සිරුරක් ඇති මේ සතාත් උගේ සිරුර වෙත ඇදෙන කෘමීන් සතුනුත්. ඒ වගේ ම ඌ මේ විදියට වෙස් වළා ගන්නේ උන්ව ගොදුරු ගන්නට එන සතුන්ගෙන් බේරීමට බව ඔවුන් අවබෝධ කර ගත්තා. අවුරුදු සීයක් තිස්සේ මේ ගැන අසා තිබුණත් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්තල තිබුණෙ නෑ. මේ පළමුවන වතාවටයි විද්‍යාත්මකව මේ කරුණු ගැන වාර්තා කෙරුණේ.
    මේ පර්යේෂකයන් නිරීක්ෂණය කර තියෙනවා, දහදොළොස් වතාවක් විතර, පියාඹන කෘමීන් මේ ඕකිඞ් මැන්ටිස් අසලින් පියාඹා යනවා. ඕකිඞ් මැන්ටිස් හෙවත් උඩවැඩියා වන්දා අත් දිගු කර ඔවුන් අල්ලා ගන්නවා ඔවුන් හොඳින් ම දැක තියෙනවා.m ලෝකයේ විද්‍යාඥයන් දැනට හඳුනා ගෙන ඇති පරිදි ගොදුරු කර ගන්නා සතකු අල්ලා ගන්නට පිපුණු මලක හැඩය හා පාට ගෙන වෙස්වළා ගන්නා එකම සත්වයා මේ ඕකිඞ් මැන්ටිස් තමයි. විද්‍යාඥයන් දැන් බලාපොරොත්තු වන්නේ ඕකිඞ් මැන්ටිස්ව ගොදුරු කර ගන්නා විලෝපිකයන්ට ඔවුන්ව පෙනෙන්නේ කෙසේ ද කියා පර්යේෂණය කර දැන ගන්නයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඕකිඞ් මැන්ටිස් මේ මල්වල හැඩය අනුකරණය කරන්න පටන් ගෙන ඇත්තේ ඉතා ඈත අතීතයේදියි. 1800 සියවසේ දී ස්වභාව විද්‍යාඥ ඇල්ෆරණය ඞ් රසල් වොලස් මේ ගැන සඳහන් කර තියෙනවා.
     
    • Like
    Reactions: jeewantha05