දරුවකු නැතිව ළතවන ඔබට
දරුවකු නැතිව ළතවන ඔබට ඒ සඳහා පිළිතුරු ඇත
මීට පෙර පළමූ ලිපියෙහි දීර්ඝ ලෙස විස්‌තර වුයේ පුරුෂ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය සහ ශුක්‍රාණු සංඛ්‍යාව අඩු වන අවස්‌ථා පිළිබඳවත් ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් වන ෂඹෂ ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධවයි. එම ලිපියේ සඳහන් පරිදි ශුක්‍රාණු සංඛ්‍යාව තවදුරටත් අඩු මට්‌ටමක පවතී නම් වෙනත් විවිධ තාක්‌ෂණ ක්‍රම යොදා ගැනීමෙන් ඩිම්බ සංසේචනය සිදු කළ හැක. ඩිම්බයක් සංසේචනය වීම සඳහා අවශ්‍ය වන්නේ එක් ශුක්‍රාණුවකි. නමුත් මෙම ක්‍රියාවලිය සිදුවීම සඳහා ශුක්‍රාණු ගණනාවක් ඩිම්බය කරා ඇදී ඒම අවශ්‍යයි. නමුත් ඩිම්බයට ඉතා ආසන්නව තැන්පත් කළ යුතු ශුක්‍රාණු ප්‍රමාණය අඩුය. එබැවින් අඩු ශුක්‍රාණු සංඛ්‍යාවක් ඇති පුරුෂයකු සඳහා එවැනි තාක්‌ෂණ ක්‍රමයක් සුදුසු වේ. එනම් ඩිම්බය පිටතට ගෙන එයට ශුක්‍රාණු මිශ්‍ර කිරීමේ තාක්‌ෂණ ක්‍රමයයි. මෙය නළ දරු තාක්‌ෂණය නම් වේ. මෙහිදී සිදු වන්නේ ස්‌ත්‍රී බීජ හෙවත් ඩිම්බ මේරීම සඳහා කාන්තාවට එන්නත් ලබා දීමෙන් අනතුරුව ඒවා මේරීම පරීක්‌ෂා කර පරිණත ඩිම්බ කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඉවතට ගැනීමයි. මෙම ක්‍රියාවලිය යෝනි මාර්ගය හරහා සිදු කෙරෙන ස්‌කෑන් පරීක්‌ෂණයක් මගින් සිදු කෙරෙන අතර බාහිර රෝගී අංශයේ සිදු වන ඉතා සරළ ක්‍රියාවලියකි. මෙම ක්‍රමය මගින් ඩිම්බ එකක් හෝ කීපයක් ලබාගැනීමට සිදු වේ. එම ඩිම්බ රසායනාගාරය තුළදී ශුක්‍රාණු සමග මිශ්‍ර කළ විට ස්‌වභාවික ක්‍රම මගින් ඩිම්බය තුළට ශුක්‍රාණු ඇතුල් වීමේ සංසේචන ක්‍රමය සිදු වේ. මෙලෙස නිපදවෙන කලල රසායනාගාරය තුළ වර්ධනය වීමට ඉඩ හැර ඒවායින් ගුණාත්මක බවින් වැඩි කලල එකක් හෝ දෙකක් කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කෙරේ. වැඩිපුර ඇති නීරෝගී කලල ගබඩා කර ගැනීමේ තාක්‌ෂණ ක්‍රම වර්තමානයේ පවතින බැවින් ඒවා පසු කලකදී ප්‍රයෝජනයට ගැනීමෙන් තවත් ගැබ් ගැනීම් සිදු කළ හැක.
කලල ගබඩා කිරීමේ තාක්‌ෂණ ක්‍රමය මගින් එක්‌වරකට නිපද වූ කලල පසු කලකදී කීප වතාවත්ම භාවිත කිරීමේ අවස්‌ථාව ලැබේ. මෙහිදී කලල අධිශීත කළ තත්ත්වයක් යටතේ ගබඩා කර තැබීම සිදු කෙරේ. තවද එම අධිශීත තත්ත්වයේ කලල ගබඩා කර ඇති කාල සීමාව තුළදී වර්ධනය වීමක් සිදු වන්නේ නැත. මෙම ක්‍රමයෙන් කලල බොහෝ කාලයක් තබා ගැනීමට හැකිය. අධිශීත තත්ත්වයෙන් ගෙන නැවත භාවිත කිරීමේදී එම කලල යළි යථා තත්ත්වයට විත් වර්ධනය වීම ආරම්භ වේ. මේ ආකාරයෙන් වර්ධනය වන කලල ගර්භාෂය තුළ නිසි අයුරින් තැන්පත් කිරීම සගින් ගැබ් ගැනීම සිදු වේ. මෙම තාක්‌ෂණ ක්‍රමයන් දියුණු රටවල කලක පටන් සිදු කෙරෙන බැවින් එමගින් බිහි වූ දරුවන් ද බහුලව සිටී. ලංකාවේද මෙම තාක්‌ෂණ ක්‍රම භාවිතයෙන් දරු පිළිසිඳ ගැනීම් වර්තමානයේ සිදු වේ. මේවා නිසි අධීක්‌ෂණයක් යටතේ සිදු විය යුතු වැදගත් ප්‍රතිකාර ක්‍රමයන් ය. එමගින් එම සේවාවන්ගේ ගුණාත්මක භාවය සහ විශ්වාසවන්ත භාවය තහවුරු වේ. මෙලෙස ගබඩා කළ කලල තවදුරටත් එම යුවල සඳහා භාවිතා කිරීම අවශ්‍ය නොවේ නම් එනම් ඔවුන් තම පවුල සම්පූර්ණ කිරීමෙන් පසු එම කලල වෙනත් යුවලක් වෙත ප්‍රධානය කිරීමද සිදුකළ හැක. මෙලෙස කලල ප්‍රධානය කිරීමේ වැඩසටහන් මගින් කලල ලබා ගැනීමේදී එම කලල අදාළ භාර්යාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් ගැබ් ගැනීම සිදු වේ. නමුත් මෙම කලල ජානමය වශයෙන් එම යුවලට සම්බන්ධ කමක් නැත. නමුත් කලලය වර්ධනය වීම සිදු වන්නේ එම කාන්තාවගේ ගර්භාෂය තුළ බැවින් මව සහ ළදරුවා අතර බැඳීම ඇති වේ. මෙම ක්‍රමය එක්‌තරා අන්දමකට දරුවකු අන් කෙනෙකුගෙන් ගෙන හදා ගැනීමක් හා සමානය.
ශුක්‍රාණු සංඛ්‍යාව තවදුරටත් ඉතාම අඩු තත්ත්වයක පවතී නම් මෙම ක්‍රමයෙන්ද සංසේචනය සිදු කළ නොහැකි තත්ත්වයක් ඇති වේ. එනම් ඩිම්බයක් තුළට ශුක්‍රාණුවක් ඇතුල් වීම සඳහා අවශ්‍ය අවම ශුක්‍රාණු ප්‍රමාණයවත් නොමැති අවස්‌ථා වලදී මීටත් වඩා සංකීර්ණ තාක්‌ෂණ ක්‍රම ප්‍රයෝජනයට ගැනේ. මෙහිදී තෝරා ගන්නා ලද එක් නිරෝගි ශුක්‍රාණුවක් සියුම් කටුවක ආධාරයෙන් ඩිම්බය තුළට ඇතුල් කිරීම සිදු කෙරේ. මෙලෙස ඇතුල් වන ශුක්‍රාණුවේ න්‍යෂ්ඨිය ඩිම්බයේ න්‍යෂ්ඨිය සමග සම්බන්ධ වීමෙන් සංසේචනය සිදු වේ. මෙම තාක්‌ෂණය අවශ්‍ය වන්නේ ශුක්‍රාණු ඉතාම අඩු සංඛ්‍යාවක් ඇති පුරුෂයින් සඳහාය. වෘෂණ තුළ නිපදවෙන ශුක්‍රාණු ශුක්‍ර තරලය සමග පිටතට නොපැමිණෙන අවස්‌ථා වලදී ඒවා සුළු ශල්‍යකර්මයක් භාවිතයෙන් පිටතට ගෙන ඉහත ක්‍රමයෙන් ඩිම්බ තුලට ඇතුල් කිරීමේ තාක්‌ෂණ ක්‍රමයක් ද ඇත. ඉහත ක්‍රම මගින් සංසේචිත කලල ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් ගැබ් ගැනීම සිදු කළ හැක. මේවා බොහෝ දුරට ස්‌වාභාවික තත්ත්වයන්ට සමාන වූ ආකාරයෙන් සිදු කෙරේ. මේ සියල්ලටම අමතරව දායක ශුක්‍රාණු උපයෝගී කරගෙන ගැබ් ගැනීම සිදු කිරීමේ පහසුකම්ද ඇත. මෙම ප්‍රතිකාර ලබා ගැනීමට පෙර උපදේශන සේවාවන් මගින් දීර්ඝ ලෙස මෙම ප්‍රතිකාර ක්‍රම සහ ඒවායේ සුදුසු නුසුදුසු කම් ගැන වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීම ඉතාම වැදගත්ය.
වෛද්‍ය චම්පා නෙල්සන්