දරුවන් ගෑන වඩා අවධානයෙන් සිටිය යුතුයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දරුවන් ගෑන වඩා අවධානයෙන් සිටිය යුතුයි



    මහ බැංකු ගොඩනැගිල්ලේ 13වන මහළෙන් පැන සියදිවි හානිකරගත් සිසුවා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු බව වාර්තා වනවා.
    ඔහු බැංකුවේ නීති අංශයේ අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයායි.
    පියාගේ කාර්යාලයේ සිට ඇති ඔහු පියා සාකච්ඡාවක් සඳහා පිටවූ අවස්ථාවේ සියදිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.




    “වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි”- මහ බැංකුවෙන් වැටී දිවි අහිමිවූ පුතුගේ තාත්තා මරණය ගැන කියන කතාව

    මහ බැංකු ගොඩනැගිල්ලෙන් පැන ජීවිතය අහිමි කරගත් මහ බැංකුවේ නීති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සිරිකුමාර කුඩාගමගේ මහතාගේ පුත් නිදුක් සම්බන්ධයෙන් ඔහුගේ පියා අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තම දරුවාට සිය දිවි නසා ගැනීමට ප්‍රශ්නයක් නොතිබූ බවයි.
    ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව හෝ කිසිම ආරංචියක් නොතිබුණු බවත් ඔහු සඳහන් කර තිබුණා.
    තම දරුවා සම්බන්ධයෙන් සහ ඔහුගේ අවසන් මොහොත සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.
    “මගෙ පුතා හරිම සුරතල්. පුංචි කාලේ ඉඳන්ම පුතා නිදාගත්තෙ මගෙ දකුණු උරහිසට ඔළුව තියාගෙන. ඒ දරුවා ඊයේ පෙරේදා වෙනකම්ම නිදා ගත්තෙ මගෙ ළඟයි.
    පුතා ඉපදිලා අවුරුදු හතරකට පස්සෙ තමයි දුව ඉපදුණේ. දෙන්නම මගෙ ළඟ තමයි නිදාගන්නෙ. පුතා පාසල් යන්න ළංවෙන කොට ඒ ළමයව හොඳ පාසලකට යවා ගන්න මට ඕනෑකම තිබ්බා. ඒත් මම කවදාවත් හොර ලියකියවිලි හදන්න කැමැති වුණේ නෑ, ගාල්ල රිච්මන්ඩ් එකට දාන්න විදිහකුත් තිබුණෙ නෑ අපි කොළඹ රස්සා කරපු හින්දා.
    මේ දරුවා හරිම හොඳ කීකරු දරුවෙක්. එයා ඉගෙන ගන්න දක්ෂයි. කරාතේ ක්‍රීඩාව, පිහිනුම් ක්‍රීඩාවට එයා දක්ෂයි. පුතා චෙස් ක්‍රීඩාවටත් දක්ෂයි. එයා එක පාරක් චෙස් තරගාවලියේ ශූරතාව පවා දිනා ගත්තා.
    මේ පුතා මටයි, අම්මටයි, දුවටයි පුදුම ආදරයෙන් හිටියේ. අපි උදේට උයන්න පටන් ගත්තම පුතා ඇවිත් අම්මව බදාගන්න හැටි මට මතක් වෙනවා. මොනතරම් හොඳ දරුවෙක්ද අපිට නැති වුණේ. වෙච්ච දේ හීනයක් වගේ.
    පුතා කිලෝමීටර් අටක් විතර දුවනවා. එයා එයාගෙ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කළා. පිරිසුදුව, පිළිවෙළට ඉන්න දරුවෙක්. කොණ්ඩෙ ලස්සනට තියාගන්න උත්සාහ කළා. මෙයා ගැන මෙයා කරපු කියපු දේවල් මතක් වෙනකොට ඒක දරාගන්න බෑ.
    එදා තාත්තෙ මම ටැක්සියක් අරන් ගෙදර යන්නද? නැත්නම් තාත්තගෙ ඔෆිස් එකට එන්නද? කියලා ඇමතුමක් අරන් මගෙනම් ඇහුවා.
    පුතා ඔයා මගෙ ඔෆිස් එකට ගිහින් වාඩි වෙන්න. මම පොඩි මීටිමක ඉන්නේ කියලා මම කිව්වා.
    පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. පුතා එදා ඉඳන්ම මාත් එක්ක හැමදේම කියනවා. අම්මාත් එක්කත් එහෙමයි. පුතාගෙ පෙම් සබඳතාවක්වත් තිබුණු බවක්වත් අප දන්නෙත් නෑ. අපට කියලත් නෑ. එහෙම තිබ්බ නම් එයා නොකියා ඉන්නෙත් නෑ. අපට සිදු වූ මේ විපත අදටත් හීනයක් වගේ. මොකක්ද මේ වුණේ. මගේ පුතා හොරු අරගෙන ගියා වගේ
    අපේ ගෙදර මොකක් හරි වැඩකට එන අයට අඩුමකුඩුම අඩංගු තෑග්ගක් දෙන්න පුතා පුරුදු වෙලා හිිටියා. කුලී වාහනයකින් ගෙදරට ආව නම් කුලී මුදලට අමතරව කීයක් හරි වැඩිපුර දෙන්න පුරුදු වෙලා හිටිය දරුවෙක්. හරිම හොඳ ගතිගුණ තිබුණු මගේ පුතාට වෙච්ච දෙයක්.
    මම පුතා ඇහැක් වගේ තමයි බලාගත්තෙ. පිය – පුතු සෙනෙහසට එහා ගිය මිත්‍රත්වයක් තිබුණා. අවබෝධයක් තිබුණා. බැඳීමක් තිබුණා. නමුත් එච්චර ළඟ හිටපු මටත් මේ දරුවව ආරක්ෂා කරගන්න බැරි වුණා. ලබන අවුරුද්දේ පුතා වෛද්‍ය උපාධිය හදාරන්න ඕස්ට්‍රේලියාවට යන්න ඇඟිලි ගැන ගැන හිටියේ. සියලු දේ අපට නැතිවුණා.
    අපි වැඩිහිටියො හැටියට දරුවන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතන්නේ දරුවන්ගෙ ළමා ලෝකෙ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා මට දැන් හිතෙනවා. වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි කියලා. ඒ අයගෙ සිතුම් පැතුම්වලට ගෞරව කළ යුතුයි. රත්තරන් පුතාට වෙච්ච දේ නම් මට හීනයක් වගෙයි.”
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලංකාවෙ ලොකු අවුලක් තමා ලමයින්ව ගනන් ගන්නැති එක...සමහර දෙමව්පියො තමන්ගෙ ලමයි හරිදෙයක් කිව්වත් ඒක පිලිගන්න අකමැති නිසා බැනල නිකං ඉන්නවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Sri Lanka Suicide Hotlines




    The National Council of Sri Lanka Sumithrayo
    Colombo 07
    Website: srilankasumithrayo.org

    Sri Lanka Sumithrayo - Bandarawela
    YWCA Nursery School Building
    Senanayake Mawatha
    BANDARAWELA
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Hotline: 011 057 2222662
    Website: srilankasumithrayo.org
    Hours:
    Mon, Tues, Wed, Thurs, Sat, Sun: 09:00 - 13:00

    Sri Lanka Sumithrayo - Colombo
    60/B Horton Place
    COLOMBO 7
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif
    - E-mail:
    check-mark.gif

    Hotline: 011 2692 909
    Hotline: 011 2 683 555
    Website: srilankasumithrayo.org
    E-mail Helpline: [email protected]
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat, Sun: 00:00 - 23:00

    Sri Lanka Sumithrayo - Panduwasnuwara
    Kurunegala Road
    HETTIPOLA
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Hotline: 037 2291718
    Website: srilankasumithrayo.org
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat, Sun: 14:00 - 17:00

    Sri Lanka Sumithrayo - Kandy
    693/4 Peradeniya Road
    Mulgampola
    KANDY
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Hotline: (081) 2234 806
    Website: srilankasumithrayo.org
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat, Sun: 09:00 - 17:00

    Sri Lanka Sumithrayo - Katunayaka
    c/o Bodhirathanarama Temple
    Airport Road
    KATUNAYAKE
    Contact by: Face to Face
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Website: srilankasumithrayo.org
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat, Sun: 09:00 - 13:00

    Sri Lanka Sumithrayo - Kurunegala
    c/o Bodhirathanarama Temple
    KURUNEGALA
    Contact by: Face to Face
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Website: srilankasumithrayo.org

    Sri Lanka Sumithrayo - Matale
    3 Kings Street
    MATALE
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Hotline: 066 2223521
    Website: srilankasumithrayo.org
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat, Sun: 09:00 - 13:00

    Sri Lanka Sumithrayo - Mawanella
    Gamage Hospital
    121 Palaygoda Road
    Medirigama
    MAWANELLA
    Contact by: Face to Face
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Website: srilankasumithrayo.org
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat, Sun: 09:00 - 14:00

    Sri Lanka Sumithrayo - Panadura
    578/3 Galle Road
    Uyankelle
    PANADURA
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Hotline: (038) 2235291
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat, Sun: 09:00 - 14:00

    Sri Lanka Sumithrayo - Colombo South
    28/3 A 4th Lane
    Epitamulla Road
    PITA KOTTE
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif

    Hotline: 011 401 094
    Hotline: 011 4 404 536
    Website: srilankasumithrayo.org
    Hours:
    Mon, Tues, Wed, Thurs, Fri, Sat: 10:00 - 17:00
    Sun: 10:00 - 14:00

    Sri Lanka Sumithrayo 'Mel Medura'
    60 Horton Place
    COLOMBO 07
    Contact by: Face to Face
    check-mark.gif
    - Phone
    check-mark.gif
    - Letter:
    check-mark.gif
    - E-mail:
    check-mark.gif

    Hotline: 011 2694665
    Website: srilankasumithrayo.org
    E-mail Helpline: [email protected]