දරුවන් පාසල් ගියාද?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මේ වෙනකොට රටේම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කරලා තියෙනවා. සමහර දෙමාපියන් දරුවන් පාසල් යැවුවත් තවත් සමහරක් ඉදිරි දින/සති වල තත්වය අනුව පාසල් යවනවද නැත්ද යන්න තීරණය කිරීමට බාලාපොරොත්තුවෙන් සිටිනවා. පෞද්ගලිකව මමත් තවම දරුවන් පාසල් යැව්වේ නෑ.

    ඔබේ දරුවන් ඔබ පාසල් යැව්වද? නැත්නම් ඉදිරි තත්වය අනුව තීරණය කරනවාද? තව දුරටත් දරුවන් ගෙදර තබා ගැනීම මෝඩ කමක්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    ගෙදර තබාගැනීම මෝඩකමක්. එන්න කිව නම් යවපන්. තවත් ගෙදර ඉඳල පිස්සු හැදෙයි ලමයින්ට.

    මම දැක්ක ට්වීට් එකක් දාල තියෙනව ඩෑල් එකක් ලමයව ඉස්කෝලෙ යැව්වෙ නෑ ලමයව ලැබ් රැට් කෙනෙක් කරන්න ඕන නැති නිසා කියල. හැබැයි ඒ ලමයා නොගියට අනිත් ලමයි ලැබ් රැට් වෙනවනෙ ඒ ට්වීට් එකේ හැටියට. දැන් ගිය ලමයි යහතින් හිටියොත් තමා එයාගෙ ලමයව යවන්නෙ.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1635315548454.png
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඉස්කෝලෙ යන වයසෙ ළමයි ඉන්න උන් විතරක් උත්තර දීපල්ලා.. තාම ළමයි තියා කෙල්ලෙක් වත් නැති උන් බ්‍රහ්ම ටෝක් දෙන්න එපා.. මොකද එහෙම උන් ට ඇත්තටම අම්මෙකුට තාත්තෙකුට තියෙන මානුෂීය ගැටළුව ගැන පුංවි හෝ අදහසක් නැති නිසා..
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    අපි නම් බබාව මොන්ටිසෝරි යවන්න ගත්තා දැන් දවස් 3ක් යැව්වා. ඒ මොන්ටිසෝරියේ ළමයි 10ක් වගේ තමා ඉන්නේ, සෞඛ්‍ය ආරක්ශිත විදියට දැනට නම් කරගෙන යන නිසා යවනවා. කෑම කන්න දෙන්නේ නෑ ගෙදරින් කෑම කන්න දීල යවන්න ඕන. මාස්ක් එක ගලවන එක පුලුවන් තරම් අඩු වෙන්න තමා එයාල වැඩ කරගෙන යන්නේ. සැනිටයිස් කරන ඒවා එහෙම කරනවා. PHI, MOH එකෙන් එහෙම හොයලා බලනවා, ඒත් දැනට කිවෙ නැති උනාට හැම තැනම වගේ ලෙඩේ තියනවා. පුලුවන් තරම් දවසක් යවන්න බලනවා නැත්නම් බබලට සමාජයක් ගැන අදහසක් නැති වෙන නිසා, අපි කොච්චර ඉගැන්නුවත් මිනිස්සු එක්ක ඉදලා මිනිස්සු ගැන ඉගෙන ගන්න විදිය අපිට උගන්නන්න බෑ නේ, අනිත් එක එයාලගේ ළමා කාලේ ගෙවල් වලටම වෙලා ඉදල ගෙවිල යන එක අපරාදයක් කියල හිතෙන නිසා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේකේ කොහෙද ළමයි ඉන්න උන්..ළමයි නැති උන්ගෙන් ඕවා අහල වැඩක් නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    මට පාසල් යන දරුවෝ දෙනෙක් ඉන්නවා
    ඒ දෙන්නවම 2021 ඉවර වෙනකන් පාසල් යවන්නේ නෑ කියල තීරණය කරලා ඉවරයි
    online ටියුෂන් වලින් උගන්නනවා


    මෝඩ තීරණයක් වෙන්න ඇති එත් මගේ ළමයි මියෝ කරනවට කැමති නෑ
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ඉස්කෝලෙ යන වයසෙ ළමයි ඉන්න උන් විතරක් උත්තර දීපල්ලා.. තාම ළමයි තියා කෙල්ලෙක් වත් නැති උන් බ්‍රහ්ම ටෝක් දෙන්න එපා.. මොකද එහෙම උන් ට ඇත්තටම අම්මෙකුට තාත්තෙකුට තියෙන මානුෂීය ගැටළුව ගැන පුංවි හෝ අදහසක් නැති නිසා..
    100% yes.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට ඉස්සෙල්ලා මට ඔය ප්‍රශ්නේ ආවා. ඉස්කෝලේ යැව්වේ නැත්තං එන නීතිමය පැත්තත් අපි බලාගන්න ඕන.
    ප්‍රශ්ණ දාගන්නේ නැතිව ඕන මගුලක් කියල ඒ කාළේ ගිණි ගනං දීලා ෆේස් ශීල්ඩ්, මාස්ක් දාල ළමයි ඉස්කෝලේ යැව්වා,
    ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගද්දිම ඒවා ඔක්කොම ගලවන්න කිව්වා.
    අපිට කතාකරන්න දෙයක් නෑ, ඒ අය කළේ ආන්ඩුවෙන් දෙන නීති ක්‍රියාකරපු එක.

    අදටත් ඉස්කෝලෙන් කොරෝන හැදුන කෙනෙක් හොයාගන්න බැරිවුනා. සැක කරන හෝ හැදුන ළමයෙක් හිටියොත් ගැලපෙන විදියට පොඩි ගෘප් එකේ ඉඳලා පන්ති වෙනකන් හෝම් කොරන්ටීන් කරා.

    විශය නොතේරෙන නිසා මට තාම තේරුන්ගන්න බෑ කොහොමද ඒ වැඩේ සාර්ථක වුනේ කියලා.

    ලැබ් රැට්ස්ල නං අපේ ළමයි උඹළගේ ළමයින්ට කලින් ලැබ් රැට්ස්ලා වෙලා වරයි.

    ඉස්කෝලේ නිවැරදිව ළමයි බලාගන්නවනං බය නැතිව ළමයි ඉස්කෝලෙ යවපල්ල.
     
    • Like
    Reactions: Darkseid and NRTG

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    අපි නම් බබාව මොන්ටිසෝරි යවන්න ගත්තා දැන් දවස් 3ක් යැව්වා. ඒ මොන්ටිසෝරියේ ළමයි 10ක් වගේ තමා ඉන්නේ, සෞඛ්‍ය ආරක්ශිත විදියට දැනට නම් කරගෙන යන නිසා යවනවා. කෑම කන්න දෙන්නේ නෑ ගෙදරින් කෑම කන්න දීල යවන්න ඕන. මාස්ක් එක ගලවන එක පුලුවන් තරම් අඩු වෙන්න තමා එයාල වැඩ කරගෙන යන්නේ. සැනිටයිස් කරන ඒවා එහෙම කරනවා. PHI, MOH එකෙන් එහෙම හොයලා බලනවා, ඒත් දැනට කිවෙ නැති උනාට හැම තැනම වගේ ලෙඩේ තියනවා. පුලුවන් තරම් දවසක් යවන්න බලනවා නැත්නම් බබලට සමාජයක් ගැන අදහසක් නැති වෙන නිසා, අපි කොච්චර ඉගැන්නුවත් මිනිස්සු එක්ක ඉදලා මිනිස්සු ගැන ඉගෙන ගන්න විදිය අපිට උගන්නන්න බෑ නේ, අනිත් එක එයාලගේ ළමා කාලේ ගෙවල් වලටම වෙලා ඉදල ගෙවිල යන එක අපරාදයක් කියල හිතෙන නිසා
    මම පෞද්ගලිකව දන්නවා ඒ වගේ දී ඇති මර්ගෞපදේශ නියම විදියටම ක්‍රියාත්මක කරන මොන්ටිසෝරි. හැබැයි හැම තැනම එහෙම නෑ. ආරම්භ කරපු දවසෙම දරුවන්ගේ masks ගලවලා කරට අත දම්මලා teachers ලත් එක්ක ෆොටෝ ගහලා fb දාපු පෙරපාසලක් තිබුනා. බස්නාහිර පළාතේ මොන්ටිසෝරි වලට උපදෙස් දීලා තියෙන්නේ vaccine කරපු නැති දෙමාපියන්ගේ දරුවන් බාර නොගන්නා ලෙස. Vaccine කරපු නැති කෙනෙක් ඉන්නවනම් අදාළ PHI ගේ නිර්දේශයක් ගන්න කියලා. හැබැයි PHI මහත්තයා දන්නේ නෑ එහෙම දෙයක් ගැන. ආයතන අතර අන්තර් සම්බන්දතාවයක් නෑ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේ වෙනකොට රටේම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කරලා තියෙනවා. සමහර දෙමාපියන් දරුවන් පාසල් යැවුවත් තවත් සමහරක් ඉදිරි දින/සති වල තත්වය අනුව පාසල් යවනවද නැත්ද යන්න තීරණය කිරීමට බාලාපොරොත්තුවෙන් සිටිනවා. පෞද්ගලිකව මමත් තවම දරුවන් පාසල් යැව්වේ නෑ.

    ඔබේ දරුවන් ඔබ පාසල් යැව්වද? නැත්නම් ඉදිරි තත්වය අනුව තීරණය කරනවාද? තව දුරටත් දරුවන් ගෙදර තබා ගැනීම මෝඩ කමක්ද?
    දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටිලා තියෙන්නේ
    කොවිඩ් ප්‍රශ්නේ නිසා වසර 2ක් විතර දැනුම බාල වෙලා
    අනික් අතට ගුරු විරෝදය නිසා ගොඩක් ආණ්ඩුවේ ඉස්කෝල ළමයින්ට මුකුත් ලැබුනේ නැහැ
    දරුවන්ගේ මනස වියාකුල වෙලා තියෙන්නේ

    පුළුවන්තරම් ඉක්මනින් පාසල් ඇරලා ළමයි හරි පාරට ආයෙත් දැම්මේ නැත්නම් වසර 2ක පසුබෑමක් ළමයින්ගේ අධ්‍යාපනයට ඇතිවෙනවා.
    මේක ගොඩක් ඉදිරි දේවල් වලට බලපානවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මමත් යවනවා බන්. බයයි තමයි ඒත් ගෙදර තියාගත්තොත් ඊටවඩා පිස්සෝ වෙනවා. හොඳ ශෝශල් විදිහට හිටපු ළමයි ගෙදර ඉඳළම කුලෑටි වෙලා. දැන් හැසිරීම ටිකක් වෙනස්. පොඩ්ඩක් ඉස්සරහට යන්නෙ නැති ගතියක් ඇවිල්ලා.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඉස්කෝලෙ යවන එක වෙන්න ඕනි පියවරෙන් පියවර. මගේ ළමය 5 වසරෙ, ඉස්කෝලෙ සතියක් ඇර සතියක් කණ්ඩායම් දෙකකට කඩල ගෙන්න ගන්නෙ, 25 ඉදල පටන් ගත්තෙ. පන්ති සුද්ද කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ මේ රජයෙ හරක් ඉස්කෝලෙ පටන් ගන්නව කියල කියපු හැටියෙන් .
    ඈත් කරල වාඩි කරවනවලු. හැබැයි පිට්ටනියට බැස්සම ඔය මොකවත් කරන්න අමාරුයි ගුරුවරුන්ට උනත්, විශේෂයෙන්ම ඉස්කෝලෙ ඇරුනම. 12ට ඉස්කෝලෙ ඇරුන ළමයි 1.30 වෙනකන් සෙල්ලම් කර කර ඉන්න්ව, මොකද වෑන් යන්නෙ 1.30ට. හරියට මාස්ක් එකවත් දාගෙන තියාගන්නෙ නෑ 1, 2 වසරෙ ළමයි. මේ විදියට වැඩි කාලයක් කරන්න හම්බෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: CodeMan

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කොරෝන නැති කාලෙක උනත් ලමයෙක් ඉස්කෝලෙ යවන එකේ risk එකක් තියෙනව. අතරමගදි රිය අනතුරු වෙන්න පුලුවන්. ඉස්කෝලෙදි අනතුරු වෙන්න පුලුවන්. වෙනත් බෝවෙන රෝග හැදෙන්න පුලුවන්. ඩෙංගු හැදෙන්න පුලුවන්. ඒකට විසඳුම ලමයි එක්ටැම් ගෙවල් වල හිර කරන එක නෙවෙයි නේද? ජීවිතේ කියන්නෙ risk එකක් තමයි. රිස්ක් එකෙන් තොර පැවැත්මක් නෑ. අපි ලමයින්ව calculated risk ගන්න හුරු කරන්න ඕනෙ. කොරෝන කියන්නෙ අනිත් ලෙඩ වලට වඩා භයානක බව මම දන්නව. ඒත් එහෙමයි කියල ලමයි පාසැල් නොයැව්වොත් වෙන්නෙ ඊටත් වඩා හානියක්. සමාජ ආශ්‍රය, ක්‍රීඩා, ව්‍යායාම නොලැබීමෙන් ලමයි කායික සහ මානසික රෝග වලට ගොදුරු වෙන්න පුලුවන්. මම අහපු true story එකක් කියන්නම්. එක දරුවෙක් හිටියලු ඇස් දෙක වගේ පරිස්සම් කරපු. කොහේවත් තනියම නොයවපු. ඒ දරුව අවු 18ක් වෙනකම් තනියම පාරකවත් ගිහින් නෑලු. පස්සෙ අවු 18දි පලවෙනි වතාවට තනියම පාරක් පනින්න ගිහින් වාහනේක වැදිල නැති උනාලු.

    මම නම් කියන්නෙ දරුවව පාසල් යවන්න. කොරෝන නැත්තටම නැති වෙනව නම් අපි කැමතියි. එහෙම වෙනකම් ඉඳල දරුවව පාසැල් යවන්න තියෙනව නම් හොඳයි. ඒත් අපි ජීවත් වෙන්නෙ perfect ලෝකෙක නෙවෙයි. සමාජ යතාර්ථයට අපි මුහුණ දෙන්න ඕනෙ.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    රිස්ක් එකෙන් තොර පැවැත්මක් නෑ.
    ඒක හරි. හැබැයි මීට වඩා සූදානම් වෙලා කරන්න තිබ්බ වැඩක්. සිකුරාද හවස Breaking News එකක් විදියට ඊලග සදුද ඉදල ප්‍රථමික අංශයට ඉස්කෝලෙ පටන් ගන්න්ව කිව්වම අපි රටක් විදියට ළමයින්ගෙ ආරක්ෂාව ගැන හිතනවද කියල පේනවනෙ.

    බෙහෙත් විදපු ලොකු ලමයින්ගෙන් පටන් අරන් මාස 3ක් වගේ ඇතුළත පියවරෙන් පියවර අනිත් අයව ගෙන්නුවනම් හොදයි. සමහර ඉස්කෝලවල දවසක් ඇර දවසක් ළමයි ගෙන්නනව, සමහර ඉස්කෝලවල සතියක් ඇර සතියක්. එක විදියක් නෑ. සමහර ගුරුවරු හිතන්නෙ නෑ ළමයින්ගෙ අම්මල තාත්තල රස්සාවල් කරනව කියල. (මෙතනදි ගුරුවරුන්ගෙ වැරැද්දක් කියන්නත් බෑ.) ළමයින්ව වෑන් වල යවන්නෙ නැතුව අම්ම හරි තාත්ත හරි ඇවිල්ල වෙලාවට එක්කන් යන්නලු, සෙල්ලම් කර කර ඉන්න නොදී.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපි රටක් විදියට ළමයින්ගෙ ආරක්ෂාව ගැන හිතනවද කියල පේනවනෙ.
    අපි දෙන්න කතා කරන්නෙ කාරණා 2ක් ගැන.
    1. ඔයා කතා කරන්නෙ, දේශපාලනික හා අධ්‍යාපනික බලධාරීන් විසින් පරිසරය සකසා දියයුතු ආකාරය.
    2. මම කතා කරන්නෙ, ඔවුන් විසින් සකසා දී ඇති පරිසරයට අනුවර්ථනය විය යුතු ආකාරය.

    ඔයා කියන කතාව ඇත්ත. මේ රටේ අධ්‍යාපනය විතරක් නෙවෙයි සෑම ක්ෂේත්‍රයකම අඩුපාඩු බොහෝයි. වෙනස් විය යුතු තැන් අප්‍රමාණයි. තුවාලය ඇති බව දැන සිටීම වැදගත්. ඒත් එය පාරමින් සිටියාට වැඩක් නෑ. තාවකාලිකව හෝ පැලැස්තරයක් අලවා ගෙන වේදනාව සමනය කර ගනිමු.
     

    Similar threads