දරුවන් බේරාගනිමු!

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    දරුවන්ට හානිකර රසකාරක අඩංගු මාජරින් හා
    බිස්‌කට්‌ වෙළෙඳපොළේ


    ඒමන්ති මාරඹේ

    ළදරුවන්ට හා ළමයින්ට හානිකර ඊ 319 නමැති රසකාරකය අඩංගු මාජරින් වර්ග දෙකක්‌ හා බිස්‌කට්‌ වර්ග කීපයක්‌ දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එල්. පී. රෝහණ මහතා "දිවයින" ට පැවසීය.

    අදාළ රස කාරකය ළදරුවන්ට හා ළමුන්ට ස්‌නායු ආබාධ හා පිත්තාශය ආශ්‍රිත රෝග ඇතිවීමට හේතු වන බැවින් එම රසකාරකය ඔවුනට හානිකර බවට සඳහන් ලේබලයක්‌ එම ආහාර වර්ගවල සඳහන් කළ යුතු බව නියම කර තිබේ. නමුත් එම නියමය උල්ලංඝනය කරමින් ඉහත කී මාජරින් වර්ග එවැනි ලේබලයක්‌ රහිතව වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි රෝහණ මහතා සඳහන් කළේය.

    දැනටමත් කහටගස්‌දිගිලිය මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක්‌ මත දේශීය වශයෙන් නිපදවන එවැනි ලේබලයක්‌ රහිත මාජරින් වර්ගයක්‌ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් දිවයින පුරා පිහිටි වෙළෙඳසල්වල පරීක්‍ෂාවට ලක්‌කරන බව ද හෙතෙම කීය. 2009 සැප්තැම්බර් 15 වැනිදා නිකුත් කරන ලද 1617 අංක 16 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනය යටතේ මෙම ඊ 319 රස කාරකය ඇතුළු රසකාරක වර්ග 4 ක්‌ ළදරුවන්ට හා ළමුන්ට හානිකර බව දක්‌වා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    උපුටා ගැනීම "දිවයින"

    මෙම ඊ 319 රසායනය අපි කවුරුත් දන්නා "A***a" මාජරින් වල අඩංගුයි!:no::no::no:
    ප්‍රවේසමෙන්...අපේ ආදරණීය දරුවන් බේරා ගනිමු!!

    Thanks for the info...................
     

    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    Flora වලත් තියෙනවා...... Flora container එකේ ගහලා තියෙනවා E319 ingredients කියලා...........!!!!!!!!!!!!!!
    Doctors ලා Highland හරි anchor හරි butter කන්න කියන්නේ ඒක තමයි......
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇස්ට්‍රා මාජරින් වලත් තියනවද?
    අපොයි මම එවා කනවනේ :baffled::baffled:
    ලදරුවන්ටයි ලමයින්ටයි අහිතරක වෙන්නෙ. නාකි ආච්චිලාට නෙමෙයි. :P