අරමුණු විවිධයි කියලා තමයි මම කිව්වෙ. කැමති අයට කැමති විදිහට කරන්න පුලුවන්. නිවන් යන එක තමා බෞද්ධයෙකුගෙ අරමුණ විය යුත්තෙ. නමුත් හැමවිටම තියෙන්නෙ ඒ අරමුණද අපේ?
උදෙන්ම නැගිටලා වැඩට යන්නෙ නිවන් යන අරමුණෙන් ද ? දවල්ට කන්නෙ නිවන් යන අරමුණෙන් ද ? ගෙවල් හදන්නෙ නිවන් යන අරමුණෙන් ද? දානයක් දෙන්නෙ "මේ දානය නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට හේතු වේවා" කියලද, "මේ දානය මට මේ ජීවිතේදිම ලැබේවා හෝ කාම සුගති වලට හේතුවේවා" කියලද ? කොටින්ම කිව්වොත් ග්‍රීන්තන්ඩර් වෙච්ච මම සෑම සිතුවිල්ලකම සෑම ක්‍රියාවකම බුදුහාමුදුරුවො කියන එක අහනවද ? ඔලුව ගිනිගත්ත කෙනෙක් ඒක නිමන්න හදනවා වගේ නිර්වාණාවබෝධයට මාර්ගය වඩනවද ?
නැහැ. මගෙ සිත තුල බුදුහාමුදුරුවො ගැන අචල ශ්‍රද්ධාවක් නැහැ. බුදුන් කියූ සමහර දේවල් ගැන සැකය මන් තුලත් සමහරවිට උපදිනවා. සමහර දේවල් මම සැහැල්ලුවට ගන්නවා. සමහර ඒවා කල්දානවා. මම ගෙයක් හැදුවම, වාහනයක් ගත්තම ඒ තුල නිවනට එල්ල වෙච්ච අරමුණුම නෙමෙයි තියෙන්නෙ. මම එලිකිරි එන්නෙ නිවන් දකින්නද? මම දැනුවත්ව සහ නොදැනුවත්ව කෙලෙස් වලට හසුවෙන්න අවස්ථා බොහොම වැඩියි.
එහෙත් භික්ශුවකගෙ ශීලය සැමවිටම සකස් කරලා තියෙන්නෙ නිවනට එල්ලකරලාමයි. උදෙන්ම නැගිටින්නෙ සිහියෙන්, කාමරය අතුපතු ගාලා මිදුල අමදින්නෙ ඉරියාපත පබ්බයෙන්, ආහාර ගන්නෙ ප්‍රත්‍යවේක්ශාවෙන්/සිහියෙන්, ආරාමය සකස් කරගන්නෙ නිවන් දකින තෙක් කය රැකගන්න කියන උවමනාවෙන්. නිවන් අවබෝධයට අවශ්‍ය කරන "සිහිය" (සම්මා සතිය) තුලමයි භික්ෂු චර්යාව ගොඩනැගෙන්නෙ. සීලය රකින්නා වූ භික්ෂුව දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙළෙස් වලට හසුවෙන්න අවස්ථා අඩුයි.
මම ඉහත කී දේවල් කිරීම තුල මගේ සාංසාරික පුරුද්ද, වෙනස්වන උනන්දුව සහ ක්‍රියාත්මක වීම මත මගේ ගමන නිවනටත් අපායටත් කියන දෙටම යොමුවීමට සම්භාවිතාවය තියනවා. නමුත් භික්ෂු විනය තුල හැසිරෙනවානම් අපායගාමී වීම ඇත්තේම නැහැ, දිව්‍ය, බ්‍රහ්ම හෝ නිවන තමා උරුමය.
ඒ නිසා "ලමයි" හදන අපි ඉන්නෙ ඉතාමත්ම අනතුරුදායක තැනක. අපිට සාපේක්ෂව භික්ෂුව ඉන්නෙ ඉතාමත් ආරාක්ෂාකාරී තැනක.