දරුවන් සමග පාසල් යන තරුණ මව්වරුන්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දරුවන් සමග පාසල් යන තරුණ මව්වරුන්

    අලුත් අවූරුද්දේ අලුත් පාසල් වාරයට, අලුතින් පෙර පාසල් හා පාසල් යන දරුවන්ට එය අත්දෑකීමක් සේම මව්වරුන්ටද අලුත් අත්දෑකීමකි. මන්ද ඔවූන්ට තම දිනපතා චර්යාවන් එම හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කිරීමට සිදු වීමයි. මෙය වඩාත්ම බලපාන්නේ විවාහයෙන් පසූව වසර පහක් පමණ නිවසේ සිරගතව සිටි කතුන්ටය.
    දඟකාර, කෙලිලොල් ජීවිත ගෙවූ යූවතියන් බොහොමයක්ම විවාහ වීමත් සමගම සැමියාගේ නෑදෑයන් සමග හෝ හූදකලා නිවසක තනි වේ. එමෙන්ම ඇය මිතුරියන් සමග පාසල් වියේදී මඟ තොට රස්තියාදු සමයද එයින් නිමා වේ.
    එහෙත් දරුවාගේ පෙර පාසල් හෝ පාසල් ගමන් ඇරඹීමත් සමගම ඔහූ වෙනූවෙන් කැපවීමට බිරිඳකට සිදුවන්න් සැමියාගේ කාල වේලාවන් අනූව එය අසීරු වීමෙනි. එහෙයින් ඇයට දරුවා පාසල් රැගෙන යෑම හා ඒම සිදු කිරීමට සිදුවීමෙන් බොහෝ තරුණ මව්වරුන්ට පාසලට දෙවරක් යෑමේ අසීරුතාවෙන් එහි රැඳී සිට දරුවා රැගෙන ඒම සිදු කෙරේ.

    පියාපත් ලැබීමක්ද?

    දරුවන් සමග පාසල් යෑමට ලැබීම වසර පහකට පසූව තරුණ බිරිඳක් සියූම්ව නිදහස් කිරීමකි. සැමියා ඇයට තනිනව ගමන් බිමන් යෑම අනූමත කළද නොකළද ඇගේ නිදහස අනිවාර්යෙන්ම මේ නිසාම හිමි වේ.

    එහෙයින් මෙම සූවිශේෂ නිදහස පිළිබඳව අලුත් පාසල් වාරයේදී දරුවන් සමග පාසල් යන තරුණ මව්වරුන්ගේ අවධානය යොමූ විය යූත්තකි.


    දරුවන් සමග පාසල් යෑම ඇරඹීමත් සමගම ඇය තම හූදකලා දිවියෙන් මිදී සමාජශීලී දිවියකට හූරු වන අතර නිබඳවම එහි යෑමට අලුත් ඇඳුම් පැළඳුම් ආයිත්තම් හා අංග රචනයද අවශ්‍ය වේ. එහෙයින් එය ඇයව ක්ෂණිිකවම චමත්කාර ලොවකට කැඳවා ගෙන යෑමකි. එතෙක් ඇසූරු කළ මිතුරියන්ට හාත්පසින්ම වෙනස් ගතිගුණ හිමි පිරිසකගේ ඇසූරට වැටෙි. එය සිතුම් පැතු්ම්වල වෙනසකටද හේතු වේ.


    විවේකී කාලය
    උදැසන අටට පමණ දරුවා සමග පාසල අද්දරට පැමිණෙන මෙම තරුණ මව්වරුන් අතරට යළිත් දරුවා පැමිණෙන්නේ දවල් දොළහට හෝ එකටය. එහෙයින් පැය 5 ක තරම් කාලයක් බොහෝ නිදහස්ව සිටීමට ලැබෙන්නේ විවාහයෙන් පසූව එතරම් නිදහස් වීමක් නොලැබීමෙනි.

    එහෙයින් මව්වරුන් එකා දෙන්නා එක් වී සාප්පූ යෑම මල් ප්‍රදර්ශන ආදියට යන්නේ කාලය ගෙවීමේ උපක්‍රමයක් ලෙසිනි. එසේ සෑම දිනකම පාහේ කොහේ හෝ යෑමට ඔවූන්ට සිදුවන්නේ කාගේ හෝ අවශ්‍යතාවක් ඉස්මතු වීමෙනි.

    සාප්පූ සවාරිවල නොයෙදෙන විටදී දරුවන් සමග පාසල් අද්දරට පැමිණෙන තරුණ මව්වරුන්ට රැඳී සිටීමට සිදුවන්නේ දරුවන් රැගෙන ආ පාසල් වෑන් රථවලය. එම වාහනකරුවන්ද පාසල් අසලම රැඳී සිටී.

    අසන්නට ලැබූණූ දේ

    පසූගිය කාලයේදී මෙම පාසල් වෑන් රියදුරන් සම්බන්ධයෙන් විවිධ කතා අසන්නට ලැබූණූ අතර ඔවූන් තරුණ මව්වරුන් සමග ඇති කරගත් අනියම් සබඳකම්ද ඒ අතර වෙති. මන්ද මෙම දෙපිරිසම කාලය ගෙවා ගැනීමේ වෑයමක යෙදේ. එහෙයින් කතාබහට පෙළෙඹී පසූව හිතවත් වී එකිනෙකාගේ අදහස් හූවමාරු වී ගමන් බිමන් යෑමෙන් සබඳතා ගොඩ නැගෙන අවස්ථා ඕනෑ තරම් තිබේ.

    දවසේ වැඩි කාලයක් එකට ගෙවන විරුද්ධ ලිංගිකයන් අතර සබඳතා ගොඩ නැගීම ස්වභාවික බව මනෝ විද්‍යාව පවා පිළිගන්නා සත්‍යයකි. එහෙයින් මෙවැනි පසූබිම්ද අනියම් සබඳතා ඇතිවීමට බාධාවක් නොවන අතර දෙපිරිස දෙස බලද්දී ඒ සඳහා යම් යම් හේතු සාධකද තිබේ.


    කාගේ වෑන්ද?

    පාසල් වෑන් රථ බෙහොමයක්ම හිමිව ඇත්තේ යම් මූදල් ප්‍රමාණයක් හිමි වැඩි වෙහෙසෙකින් තොරව ආදායමක් ඉපදීමට ප්‍රිය කරන්නන්ටය. වන්දි ලබා රැකියාවෙන් ඉවත් වූවන් හෝ වසර කිහිපයක් විදේශගතව සිටි පිරිමින් මෙම වෘත්තියෙහි යෙදෙන්නේ අතිරේක මූදලක් ඉපයීමේ අදහසිනි. එහෙයින් මෙම පූද්ගලයෝ තරමක් විනෝදයට බර සැහැල්ලු ජීවිත ගෙවන්නෝ වෙති.
    එමෙන්ම විවාහයෙන් වසර පහ ඉක්මවාසිටියදී මෙම දෙපිරිසමටම තම විවාහය සම්බන්ධයෙන් යම් ඒකාකාරීත්වයක හැඟීම හෝ අනෙකාගේ සමීපබව නොලැබීමේ ගැටළුවලට මැදිව සිටීමට හැකිය. එහෙයින් දරුවන් සමග පාසල අද්දරට පැමිණෙන තරුණ මව්වරුන් හා වෑන් රියදුරන් අතර සිදුවන හිතවත්කම අලුත් අත්දෑකීමක් හෝ සිතට මිහිරක් එක් කරන්නක් වීමට හැකි අතර දෙදෙනා අතර සම්න්ධතාවක් ගොඩ නැගීමට ඉඩ තිබේ.

    තවත් පැත්තකින් බැලුවොත් මෙම දෙපිරිස තම අඹූ සැමියන් සමග ගෙවන කාලයට වැඩි කාලයක් එකිනෙකා සමග ගෙවීමද විශේෂත්වයකි. එහෙයින් සබඳතාවක් ඇතිවීම පහසූ වේ.


    මිතුරියන්ගේ බලපෑම්



    මෙහිදී ඔබට අලුත් මිතුරියන් පිරිසක්ද හමූවන අතර ඔවූන් පෙර ඔබට සිටි මිතුරියන්ට වඩා වෙනස්වීමට හැකිය. ඔවූන්ගේ ස්වභාවය හා හැසිරීම්ද බොහෝ වෙනස් වීමට හැකිය. බොහෝ අවස්ථාවලදී දරුවෙකු සමග පාසල් අද්දර රැඳෙන මවකට වෑන් රියදුරන් සමග හිතවක්කම ගොඩ නගා ගැනීමට සිදුවන්නේ එම මිතුරියන්ගේ මාර්ගයෙනි. මන්ද ඒ අතර සිටින්නියක් පිරිමින් සමග පමණට වඩා කතාබහ කිරීමට යෑමෙන් හා ඔවූන්ගේ වෑන් රථවල කාලය ගෙවීමට පූරුදු වීමෙන් හිතවත්වකම් වර්ධනය වේ. එය බොහෝ අවස්ථාවවලදී එම පිරිමින්ගේ අවධානය ඔබ වෙතට යොමූවීමට හේතුවකි. ඒ සමගම අලුතින් ඔබට හමූවූ මිතුරියන් දිගින් දිගටම එම පිරිමින් සමග සූහද වෙද්දි හා ඔවූන් සමග ගමන් බිමන් යද්දී ඔබට පැත්තකට වී සිටීමටද නොහැකි වේ.


    තවත් පැත්තක්

    යූවතියක ලෙසින් සිට විවාහ දිවියට ඇතුළත් වසර පහක තරම් කාලයක් නිවසෙහිම රැඳී සිටි තරුණ බිරිඳක දරුවාගේ පාසල් ගමනත් සමග වැඩිපූර මඟ තොට රැඳීම අලුත් අත්දෑකීමකි. එමෙන්ම සමාජය පිළිබඳව ඔවූන්ට ඇත්තේද අඩූ දෑනූමකි. එහෙත් ඇය නිබඳවම මඟ තොට ගැවසෙනූ දෑකීම නගරයේ සිටින පිරිමින්ට ද අමූත්තකි. දරුවා සමගින් යන එන අන්දම දකිද්දී ඒබව ඉලක්ක කර පැමිණීමට හා ඔබ සමග කතාබහ කිරීමට හැකිය. එසේ තරුණ මව්වරුන්ගේ අඩූ අත්දෑකීම් හේතුවෙන් තමාට සමීප විමට උත්සාහ කරන පිරිමින්ට හසූවන අවස්ථා එමටය.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා..
    ඕකත් සමාජේ එක පැතිකඩක්..
    හැමදේටම කියනවා වගේ හොඳ එකාට කොහෙත් ඉන්න පුළුවන්
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මේක ගොඩක් හොද පෝස්ට් එකක්. මමත් මේ ගැන විවිධ කතා අහල තියනව. මෙතන නොකියවුණ දෙයකුත් මං අහල තියනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒ නිසා මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කොමෙන්ට් කොරන්න.

    ඔය ළමයි එක්කං එන සමහර අම්මල (ගෑණු) Professional prostitution (ගණිකා වෘතිය) කරනව කියල මං අහල තියනව. උදේට පොඩි එකා පෙර පාසැලට හෝ පාසැලට ඇරලවල කලින් බුක් කරගත්තු හරි නැත්නම් ඒ වෙලාවෙ සෙට් වුණ Customer කෙනෙක් (තවත් ළමයෙක් එක්ක ආව තාත්ත කෙනෙක් වෙන්නත් පුළුවං) එක්ක පැය කීපයක් හෝටල් කාමරේක ගත කරල අතට හොද ගාණක් හොයාගනන අයත් ඉන්නව.

    දන්න කෙනෙක් ඉන්නවනං ලියන්න මේකට.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක ගොඩක් හොද පෝස්ට් එකක්. මමත් මේ ගැන විවිධ කතා අහල තියනව. මෙතන නොකියවුණ දෙයකුත් මං අහල තියනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒ නිසා මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කොමෙන්ට් කොරන්න.

    ඔය ළමයි එක්කං එන සමහර අම්මල (ගෑණු) Professional prostitution (ගණිකා වෘතිය) කරනව කියල මං අහල තියනව. උදේට පොඩි එකා පෙර පාසැලට හෝ පාසැලට ඇරලවල කලින් බුක් කරගත්තු හරි නැත්නම් ඒ වෙලාවෙ සෙට් වුණ Customer කෙනෙක් (තවත් ළමයෙක් එක්ක ආව තාත්ත කෙනෙක් වෙන්නත් පුළුවං) එක්ක පැය කීපයක් හෝටල් කාමරේක ගත කරල අතට හොද ගාණක් හොයාගනන අයත් ඉන්නව.

    දන්න කෙනෙක් ඉන්නවනං ලියන්න මේකට.
    :yes::yes::yes::yes::yes:

    eka aththa machan
    godaaak ehema seen tiyanawa
    man dakala tiyanawa paththara walath ehema dala tiyanawa
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේක ගොඩක් හොද පෝස්ට් එකක්. මමත් මේ ගැන විවිධ කතා අහල තියනව. මෙතන නොකියවුණ දෙයකුත් මං අහල තියනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒ නිසා මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කොමෙන්ට් කොරන්න.

    ඔය ළමයි එක්කං එන සමහර අම්මල (ගෑණු) Professional prostitution (ගණිකා වෘතිය) කරනව කියල මං අහල තියනව. උදේට පොඩි එකා පෙර පාසැලට හෝ පාසැලට ඇරලවල කලින් බුක් කරගත්තු හරි නැත්නම් ඒ වෙලාවෙ සෙට් වුණ Customer කෙනෙක් (තවත් ළමයෙක් එක්ක ආව තාත්ත කෙනෙක් වෙන්නත් පුළුවං) එක්ක පැය කීපයක් හෝටල් කාමරේක ගත කරල අතට හොද ගාණක් හොයාගනන අයත් ඉන්නව.

    දන්න කෙනෙක් ඉන්නවනං ලියන්න මේකට.
    :(:(
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    ගොඩාක් වැදගත් ලිපි‍යක් මචං. මේ වගේ කතා අනන්ත අහලා ති‍යෙනවා. අපේ ගෑනු මොළේ කල්පනා කරලා වැඩ කරන්නේ නැති එකේ වාසි‍ය ‍යන්නේ කොහෙවත් ‍යන තක්කඩි‍යන්ට.:sorry::sorry:
    කලින් මේකෙම ගි‍ය කතාවක්
    http://yapawijeratne.blogspot.com/2011/12/blog-post.html :no::no::no::no: