දරුවාගෙ මොළයට පහර දෙන පළිබෝධනාශක

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    දරුවාගෙ මොළයට පහර දෙන පළිබෝධනාශක

    ඇතැම් පළිබෝධනාශක වර්ගවල අඩංගු ක්‍රියාකාරි සංඝටක සහ ඒවායේ අඩංගු ඇතැම් ආකලන ද්‍රව්‍යවල (Pesticide additive - උදාහරණ, පිපරොනිල් බියුටොක්‌සයිඩ් piperonyl butoxide) ඉතා සුලු මාත්‍රාවකට (ක්‌ෂණිකව විෂ ලක්‌ෂණ පෙන්නුම් නොකළද) දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිරාවරණය වීමෙන් යළි පුනරුත්ථාපනය කළ නොහැකි තරමේ හානියක්‌ මොළයට සිදුවන බව පැවසේ. විශේෂයෙන් ඕර්ගනෝපොස්‌පේට්‌ (Organophosphates) කාණ්‌ඩයේ (මේවා 'ස්‌නායුක විෂ' ගණයට අයත් වෙයි.) පළිබෝධනාශක වලින් වැඩි බලපෑමක්‌ සිදු කෙරෙන අතර, අපේ රටේ ද සුලභව භාවිත කෙරෙන පළිබෝධනාශක රසායනිකයක්‌ වන 'ක්‌ලෝපයිරිෆෝස්‌' (Chlorpyrifos) ප්‍රබල මොළ ඝාතකයෙකු ලෙස හඳුනා ගෙන ඇති බැවින්, යුරෝපා සංගමයේ රටවල් වල මෙම රසායනිකය ගෘහාශ්‍රිත කෘමිනාශක නිෂ්පාදන වල අඩංගු කිරීමද තහනම් කර ඇත.

    ' රිසර්ච් ගේට්‌' වෙබ් අඩවියේ පළකර තිබෙන ඡේ. පී. මාරසිංහ සහ සී. මාගමගේ ඇතුළු පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කර ඇති පර්යේෂණයකට අනුව පිළිවෙලින් මෙරට සහල්, මුකුණුවැන්න, ගෝවා, බෝංචි ඇතුළු ආහාර බෝග සාම්පල වල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජාත්‍යන්තර කෝඩෙක්‌ස්‌ ප්‍රමිතීන් (Codex Alimentarius Committee) පවා අභිබවන මට්‌ටමකින් ක්‌ලෝපයිරිෆෝස්‌ රසායනිකයේ ශේෂයන් අන්තර්ගත වෙන බව හෙළි වී තිබේ. අනෙක්‌ අතට පළිබෝධනාශක යහමින් යොදනු ලබන වගා බිම් ආසන්නයේ ජීවත් වන විශේෂයෙන් ගර්භනී මව්වරු සහ කුඩා දරුවන් ගේ මොළයට බරපතල හානියක්‌ කරන්නට ද මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය වලට පිළිවන් වන බවත් අනාවරණය වේ.

    ගත්තෙ මේ සයිට් එකෙන් එලකිරියෙ අයට වැදගත් වෙයි කියල හිතුන:yes:
    www.nalunilenews.com

     
    Last edited:
    • Like
    Reactions: Helo1

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    ඒ කියන්නේ මැල්ලුම් කන්න හොද නෑ කියලද? බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් මැල්ලුම් කොල කැද වගේ දේවල් බොන්නම ඕනනේ.. එහෙම උනොත් ඒකට පිලියමක්??
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඒ කියන්නේ මැල්ලුම් කන්න හොද නෑ කියලද? බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් මැල්ලුම් කොල කැද වගේ දේවල් බොන්නම ඕනනේ.. එහෙම උනොත් ඒකට පිලියමක්??

    මචන් දැන් chloropyrifos use කරන්නේ නෑ
    pipronyl නම් use වෙනවා
    හොදම දේ තමා ගෙදර පොඩියට වවන එක