දරුවාට ඉන්හේලර් දෙන්න බය වෙන්න එපා

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    දරුවාට ඉන්හේලර් දෙන්න බය වෙන්න එපා

    දරුවාට ඉන්හේලර් දෙන්න බය වෙන්න එපා

    අතුරු ආබාධ නෑ: සාර්ථකම ප*්*රතිකාරය එයයි

    කොළඹ වෛද්*ය පීඨයේ ජ්*යෙෂ්ඨ කථිකාචාර්ය සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්*ය පූජිත වික*්*රමසිංහ



    කුඩා දරුවන්ට සෙම ඇතිවීමට රෝග ගණනාවක්ම හේතුවේ. විෂබීජ ආසාදන නිසා ඇතිවන රෝග මෙන්ම අසාත්මිකතාව නිසා හට ගන්නා රෝගද ඒ අතර වේ.

    සෙම ලෙස අප හඳුන්වන්නේ අධික ලෙස ශ*්*රාවයන් පිටවීමය. එය මූලික වශයෙන් ශ්වසන පද්ධතිය ආශ*්*රය කොටගෙන සිදුවේ.

    අසාත්මිකතාව නිසා ඇතිවන ඇදුම සහ පීනසට මවුපියන්ගෙන් උරුමවන ජානමය බලපෑමද හේතු වේ. ආසාදන මඟින් ඇතිවන රෝගවල තීව*්*රතාව රඳ්*ර පවතින්නේ ආසාදනයේ ප*්*රබලතාව සහ ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මතය.

    බොහෝවිට දීර්ඝ කාලීනව සෙම් රෝග ඇතැයි මවුපියන් ප*්*රකාශ කරන අවස්ථාවන්හි එවැනි දරුවන් තුළ වැඩි වශයෙන් දක්නට ඇත්තේ ඇදුම හෝ පීනසය. පරිසරයේ පවතින විවිධ සාධක නිසා මේ රෝග දෙක වරින්වර මතුවේ.

    මේ රෝග දෙකම ඖෂධ මඟින් සාර්ථකව පාලනය කළ හැකි නමුත් නිට්ටාවට සුව කළ නොහැකිය. දරුවා වයසින් වැඩෙත්ම මේ රෝග බොහෝවිට ක*්*රමයෙන් පහව යනු ඇත.

    අසාත්මිකතාව ඇතිකරන පරිසර සාධක ලෙස ප*්*රධාන වශයෙන් හැඳින්විය හැක්කේ විවිධ රසායන ද්*රව්*ය, (වාහනවලින් පිටවන දුම්, තීන්ත වර්ග) සීතල වාතය, සුරතල් සතුන් ගේ ලෝම - කෙළ මල් පරාග නිවසේ දූවිලි, ඇතැම් ආහාර පාන, ඇතැම් දරුවන් තුළ අසාත්මිකතා ඇති කළ හැකිය.


    පීනස

    පීනස යනු නාසයේ අසාත්මිකතාවක් නිසා ඇතිවන රෝගයයි. එහි ප*්*රධාන රෝග ලක්ෂණ වන්නේ කිවිසීම, නාසය හිරවීම හා ඇස් කැසීම, නාසයෙන් දිගින් දිගටම ශ*්*රාවයන් ගැලීමය. මෙම රෝග ලක්ෂණ බොහෝවිට උදේ වරුවේ පවතින අතර ක*්*රමයෙන් දවස ගෙවී යත්ම එම රෝග ලක්ෂණ පහවී යයි. නැවතත් ක*්*රමයෙන් රාතී*්*ර කාලයේදී රෝග ලක්ෂණ පහළ වේ. මෙය සතියක් දෙකක් වැනි කාලයක් වුවද එකදිගට පැවැතිය හැකිය. එසේ දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පැවතීමත්, දවසේ විවිධ කාලවලදී රෝග ලක්ෂණවල තීව*්*රතාව වෙනස් වීමත් පීනස් රෝගය සෙම්ප*්*රතිශ්*යාවෙන් වෙන්කර හඳුනාගැනීමට උපකාරී වේ. පීනස නිට්ටාවට සුව කළ හැකි නොවුණත්, වයසින් වැඩෙත්ම, රෝග ලක්ෂණ ක*්*රමයෙන් අඩුවී යනු ඇත. එහෙත් ඖෂධ මාර්ගයෙන් රෝග ලක්ෂණ සාර්ථක ලෙස පාලනය කළ හැකිය. ඉතා අලුයම අවදිවන පාසල් දරුවන් අතර මෙම රෝගය වැඩිවශයෙන් දැකිය හැකිය. වඩා වැදගත් වන්නේ පීනස පාලනය කිරීම සඳහා වෛද්*යවරයකුගේ උපදෙස් මත ඖෂධ ලබාදීමය.


    ඇදුම

    ඇදුම, විවිධ ආසාත්මික ද්*රව්*යයන්ට ශ්වසන මාර්ගය දක්වන ප*්*රතිචාර හේතු කොට ගෙන ඇතිවන රෝගයකි. එහිදී සිදුවන්නේ තාවකාලිකව ශ්වසන නාළ හැකිළී අවහිරවීමය. ඒ හේතුවෙන් ආශ්වාස, ප*්*රශ්වාස කිරීම අපහසු වේ. ප*්*රධාන රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ කැස්ස ඇතිවීමත්, ආශ්වාස, ප*්*රශ්වාස කිරීමේදී පපුවෙන් ශබ්දයක් නික්මීමත්, ආශ්වාස ප*්*රශ්වාස කිරීමේදී තදබල අපහසුතාවක් පෙන්වීමත්ය. ඒ අවස්ථාවලදී දරුවා වාඩි වී සිටීමට උත්සාහ දරයි.

    ඇදුම ආරම්භ වීමේ මූලික ලක්ෂණයක් ලෙස දැක්විය හැක්කේ අලුයම් කාලයේදී වියළි කැස්සක් ඇතිවීමයි. පීනස මෙන්ම ඇදුමද සාර්ථකව පාලනය කළ හැකි රෝගයක් මිස නිට්ටාවට හොඳ කළ හැකි රෝගයක් නොවේ. ඇදුම ආරම්භක අවස්ථාවේදී මුඛය මඟින් ඖෂධ ලබාදී පාලනය කළ හැකි අතර පසුව ඉන්හේලර් භාවිතයෙන් ශ්වසන මාර්ගයට සෘජුවම ඖෂධ ලබාදීමෙන් රෝගය පාලනය කළ හැකිය.

    නියමිත වෛද්*ය උපදෙස් පරිදි ඉන්හේලර් ලබාදීමෙන් ඉතා අවම මාත*්*රයක් මඟින් රෝග ලක්ෂණ පාලනය කළ හැකිය. එහෙත් අවාසනාවට මෙන් බොහෝ මවුපියෝ එම ඖෂධ හානිකර යැයි සිතා, එය ලබාදීම නිසි ආකාරයෙන් සිදු නොකර කඩින් කඩ ලබාදෙති. මේ හේතුවෙන් සිදුවන අයහපත් තත්ත්වය වන්නේ දරුවකුට වැඩි වාර ගණනක් ඇදුම රෝගී ලක්ෂණ ඇතිවීමත්, ඒ හේතුවෙන් වැඩි ඖෂධ ප*්*රමාණයක් සිරුරට ලබාදීමට සිදුවීමත් ය. එම නිසා අවසානයේදී ඉතා අඩු ප*්*රමාණයකින් දිගු කලක් ඖෂධ ලබා දෙනවාට වඩා වැඩි ඖෂධ ප*්*රමාණයක් අනවශ්*ය ලෙස ශරීරයට ලබාදීමට සිදුවේ. මේ හේතුවෙන් වඩා වැඩියෙන් අතුරු ආබාධවලට ලක්වීමට දරුවන්ට සිදුවේ.

    ඉන්හේලර් මඟින් ලබා දෙන ඖෂධ අවම වශයෙන් මාස හයක කාලයක් වත් ලබාදිය යුතුය. ඇතැම්විට අවුරුදු දෙකක් වැනි කලක් වුවද ලබාදීමට සිදුවේ. එහෙත් මෙසේ දිගුකාලීනව ලබාදීමට සිදුවුවත් එයින් අහිතකර බලපෑමක් නැත. නමුත් රෝගය නිසි ආකාරයෙන් පාලනය නොවුණොත් ඉන් ඇතිවන බලපෑම මහත්ය. ඇතැම්විට ජීවිත හානි පවා සිදුවිය හැකිය. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ එම ඖෂධ ලබා දී ඇති උපදෙස් අනුවම ලබාදීමයි. මවුපියන් සිදු කරන තවත් වරදක් වන්නේ ඉන්හේලර් දිගටම භාවිතා නොකර රෝගය උත්සන්න වූ විට නියමිත මාත*්*රාවට වැඩියෙන් දරුවනට ඖෂධ ලබාදීමය. කිසිම ඖෂධයක් නිර්දේශිත මාත*්*රාවට වඩා වැඩිපුර ලබාදීමෙන් රෝග සුව නොවන බව මතක තබා ගත යුතුය. ඉන් ශරීරයට හානි සිදුවීම පමණක් සිදු වේ.
    [/SIZE][/SIZE]