නැකැත් රාලේ මම දන්න විදියට බෞද්ධ අයෙක් නම් කල යුත්තේ
ගණපති - සරස්වදී වෙනුවට සැරියුත් හා මුගලන් මහා තෙරවරුන්ගේ රූප සඳහාත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපත් සඳහා පූජා තැබීමයි. ඒත් සරළ පූජා - දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ........ කාමයෙන් හා ආශාවෙන් පිරි දෙව්වරුන්ට වඩා ඔවුන් උතුම් නිසාත් කුඩා කල සිටම අන්ධ ලෙස දේව භක්තියත් ඇති නොකල යුතු නිසාත්....
ඇතැම් ජ්‍යෝතීශ්‍යවේදීන් පවා ඒක අනුමත කරනව......
ඒක ගැනත් උඹේ මතය පොඩ්ඩක් කියපන්![]()
මම දන්න විදිහටනම් බුදු දහම තුල කිසිම තැනක අකුරු කියවීමේ චාරිත්‍රයක් නෑ..
එහෙනම් මොන පූජාවලටද? මම දන්න තරමට රහතන්වහන්සේලා කිසිම පූජාවකට පහදින්නේ නෑ මොකද පහදින්නනම් පූජාව බාරගන්න ඕන නමුත් රහත් වෙලා අපවත් වුනාට පස්සේ දෙවියන් වගේ එතුමන්ලා අප වටා සැරිසරන්නේ නෑ. රහතන් වහන්සේලා ගැන සිහිකර පූජා පැවැත්වීමෙන් වෙන්නේ ශ්‍රද්ධාව වර්ධනය වෙලා කුසලයක් වර්ධනය වීම පමනයි.දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ
සරලවම මෙහෙමයි. මේ සිංහල හෝ වෙනත් චාරිත්‍ර වාරිත්‍ර බුදුදහමට කොහෙත්ම අදාල නෑ. බුදු දහම තුල ඉගැන්වෙන්නේ ලෝකෝත්තර දියුනුව. හැම එකටම බුද්ධාගම කලවම් කරන්න ගියාමයි ගැටලුව. මෙතනදීත් දෙවියන්ට ඉහලින් බුද්ධ රූපය තියලා දෙවියන්ට කලින් බුදුන්ට මල් පහන් පත්තු කිරිම කරන්නේ අපේ ගෞරවයට.. දරුවත් මේක දැක්කම එයාලත් ඒක තේරුම් ගන්නවා බුදුන් දෙවියන්ට වඩා ඉහලයි කියලා.. අනික දෙවියන්ගෙන් පිහිටක් බලපොරොත්තු වීම අන්ධ බක්තිය නෙමෙයි. දෙවියන් විශ්වාස නොකිරීම මිත්‍යාදෘෂ්ඨිය ලෙස බුදු දහමේ පෙන්වනවා. රේරුකානේ චන්දි විමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොත කියන පොත කියවන්න. දෙවියන්ගෙන් පිහිට පැතීම ගැන සාරවත් විස්තරයක් තියනවා.






අන්න කෙල්ල සාරි හොයනවලු එලකිරියෙ අයියාලත් එක්ක බැ කියලා