දරු කලලය පිළිබද කුරානය දක්වන අදහසට අනුව දරුවෙකු ඇතිවීම පිණිස අවශ්‍ය වන්නේ පිරිමි පාර්ශවයේ ජන්මාණු පමණි. ස්ත්‍රී පාර්ශවයේ ජන්මාණු වල කාර්යය පිළිබද කුරානය සදහන් නොකරයි.
දැන් අප සිරාජ් විසින් ඉදිරිපත් කර ඇති කුරාන වැකි වෙත යොමුවෙමු. සිරාජ් විසින් කුරානයේ 76-2 වැකිය මෙලෙස ගෙනහැර පායි.
"ඇත්තෙන්ම අප මිනිස් කළලය බීජ මිශ්‍රණයකින් නිර්මාණය කළෙමු" (76-2)
මෙහි "බීජ මිශ්‍රණයකින් " යන වචනය සිරාජ් විසින් අවධාරණය කර ඇත. මෙහි මුල් අරාබි වදන වනුයේ 'nutfatun amshaajin' වේ. බොහෝ ඉස්ලාමීන් විසින් මෙම වචනය තමන්ට වාසි වන විදියට අර්ථකථනය කරයි. ඔවුන් කෆීර් වරුන්ගේ අරාබි භාෂා දැනුම අඩුකම සිය ප්‍රයෝජනයට ගනී. මෙහිදී සිරාජ් විසින් ද කර ඇත්තේ එවැනි දෙයකි. ඔහු විසින් nutfatun amshaajin යන වචනය ""බීජ මිශ්‍රණයක්" ලෙස අර්ථකථනය කර ඇත. ඇතැම් මුස්ලිම් වරුන් මෙයට "ශුක්‍රාණුවක්" යන අර්ථකථනය ද ලබා දේ.
නමුත් මේ සියලු අර්ථකථනයන් හුදු අනුමාන කිරීම් මත පමණක් පදනම් වූ ඒවාය. එහි කිසිදු ඉතිහාසාත්මක සත්‍යතාවයක් ගැබ් ව නැත. සැබවින්ම මෙහි ඇත්තේ wishful thinking නමින් හදුන්වන logical fallacy එකක්ය.
මෙහිදී කුරානය විසින් ප්‍රජනන ක්‍රියාවලියේදී ඩිම්බකෝෂයේ ඇති භූමිකාව ගැන දක්වන නොසැලකිල්ල මනාව පිළිඹිබු වන තවත් වැකියක් ඇත. එනම් සුරා 2 හි 223 වන වැකියයි.
Pickthall 2:223: Your women are a tilth for you (to cultivate) go to your tilth as ye will, and send (good deeds) before you for your souls, and fear Allah, and know that ye will (one day) meet Him. Give glad tidings to believers, (O Muhammad).
එම ශුද්ධ වූ කුරාන වැකියට අනුව ප්‍රජනන ක්‍රියාවලියේ දී කාන්තාවගේ භූමිකාව වනාහි හුදෙක් tilth එකක් (එනම් භූමියක්) වීම පමණි. එනම් කුරානයට අනුව දරුවෙකු ලැබීම සදහා අවශ්‍ය සියලු ජන්මාණු පිටවන්නේ පුරුෂයා හරහා ය. කාන්තාව කරනුයේ ශාක බීජයන් දරා සිටින පොළොව මෙන් දරුවා දරා සිටීම පමණි.
ඒ අනුව බලන කල ඉහත සිරාජ් විසින් ගෙනහැර දක්වන ලද 76-2 වැකියේ nutfatun amshaajin වචනය "බීජ මිශ්‍රණයක්" ලෙස අර්ථකථනය කිරීම වැරදිය. මන්ද, එය එසේ අර්ථකථනය කළහොත් වන්නේ එය කුරානයේ 2-223 වැකිය හා පරස්පර වීමය.
සැබවින්ම කුරානයේ 76-2 වැකියේ සදහන් වන "මිශ්‍රණය" පිළිබද අදහස ඉස්ලාමයේ සොයාගැනීමක් නොවේ. එය ඉස්ලාමයට පෙර ඇරිස්ටෝටල් සමයේ සිට පැවත එන අදහසකි. ඇරිස්ටෝටල් අනුව කාන්තාවකගේ රුධිරය හා පුරුෂයාගේ ශුක්‍රාණු මිශ්‍රණයෙන් කලලයක් හටගනී. කුරානය 76-2 වැකියේ "බීජ මිශ්‍රණය", "මිශ්‍රණය" ආදි අයුරින් හුවා දක්වන්නේ මෙම අදහසයි.