දවල් හීන

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ඉස්සර ලංකාවෙ මිනිස්සු අදවාගෙ දියුනු නෑ . ඒ වාගෙම මිනිසුන් අතේ මුදල් බොහොම අඩුවෙනුයි තිබුනේ .

    . අදවගෙ ග්‍රෑම් ලීටර් මීටර් වෙනුවට තිබුනේ බ්‍රිතාන්‍ය ඒකක .

    අවුන්ස රාත්තල් කාර්තු හොන්ඩර ටොන්වලින් බරමැන්න .අවුන්ස බෝතල හෝ පයින්ට් ක්වාට්ස් වලින් ද්‍රව මැන්න .අඟල් අඩි යාර බඹ දම්වැල් පර්ලොම් සැතපුම්වලින් දිග මැන්න.

    .ඒත් මේව වැඩිවුනේ අදවාගෙ දහයෙන් නොවේ .වෙනස් සංක්යාවලිං . මේව පාඩම්කරල ගණං හදන්න බොහොම අමාරු වුනා .

    මුල්කාලෙ මුදල් ඒකකත් පවුම් සිලින් පැන්ස වලින් තිබුන හින්ද ඒකත් ලේසිවුනේ නෑ .

    බොහෝ අයට මේ නිසා ගණං තිත්ත වුනා .

    සීනි රාත්තල් කාලක් ඒකියන්නෙ අවුන්ස හතරක් හා තේකොල අවුන්ස බාගයක් කරෝල අරික්කාලක් ඒ කියන්නේ කාලෙන් බාගයක් හෙවත් රාත්තලෙන් අටෙන් එකක් කියන්නේ අවුන්ස දෙකක් . පරිප්පු අරික්කාලක් උම්බලකඩ අවුන්ස බාගයක් සල්ලයිට් කාලක් හෝ ලයිබ්බෝයි කාලක් තමා බොහෝ අය කඩෙන් ගත්තේ .

    ලයිෆ්බෝයි හෙවත් ලයිබ්බෝයි කැටේ සල්ලයිට් කැටේ වාගෙමයි තිබුනේ .හැබැයි මේවා අද සන්ලයිට් කැටේට වඩා බරයි .කඩේ කණුවක කම්බි රවුමක් දාල තිබුනා

    ඒකෙ ඇතුලට සබන් කෑල්ල දාල දෙකට හෝ හතරට කපන්නෙ සබං කෑල්ල ඇදලයි .හරියට හයිය බටර් කෑල්ලක් කපනව වගේමයි

    ඉතීං හවසට ගෙදර යන ගමං කොටු හෝ ඉරි සරම වලාපොට හෙවත් කැහැපොට ගහගෙන නිල්පාට අමුඩ ලේංසුව කරේ දාගෙන උඩුකය නිරුවත්ව හෝ කලාතුරකින් අත්දිග මේස් බැනියමක් ඇඳගෙන කලුපාට ලොකු පටිය බැඳගෙන ඒකෙම තියෙන පොකැට්ටුවෙන් සතපනහකට හෝ හැත්තෑපහකට වැඩිම වුන්නොත් රැපියලකට මේ බඩුත් සිමෙන්තිකොල වලින් හදපු කවරෙක දාගෙන ගෙදර යන මිනිස්සු අදත් මැවිල පේනවා .

    කඩේ ඉස්සරහ තිබුන බංකුවේ ඉඳගෙන එක්කෙනෙක් හයියෙන් පත්තරේ කියෝනව අනික් අයටත් ඇහෙන්න . ඒකෙ පිටුවක් පුරාම ලොකු හොරකමක හෝ නඩුවක සාක්කි විමසූ ආකාරය සවිස්තරව ප්‍රශ්නොත්තර ක්‍රමයට තියෙනවා .මිනිස්සු කඩේට ආපු ගමං කම්මුලට අත තියාගෙන ඒව අහල විස්සෝප වෙනව. අකම්පාල වෙනව .

    .බට්ටො බිස්කට් ලොකු අහුරක් හෝ නාරම්බික් හරි රටඉඳි හරි සත තුනක හෝ පහක ගන්නේ පොඩි එවුන්ට දෙන්නයි .

    ඒ යනගමං ඉස්සරහ තේ කඩේට ගොඩවෙලා සත්තුනේ හෝ පසුව සතපහේ ප්ලේන්ටියක් ගහන්න ඉස්සරවෙලා ගල් බනිසක් ඥානකතාවක් හෝ පනාවක් කිඹුලෙක් ගහල අරින හෝ කොලේක ඔතාගෙන ගෙදර ගෙනියන අයත් ඉන්නවා .

    ඒ පනාව හතරට කඩලා දරුවො හතරදෙනා එක්ක කනවා .. මේ පනාව හඳපලුව හැඩේ තියෙන වටේ රැලි දාරයක් ඇති විසාල කුකී වර්ගයේ බිස්කෙට්ටුවක් ලොකු සෙරෙප්පුවක් තරං විතර .

    පිංතූරු අන්තර්ජාලයෙන් ..
    1000008747.jpg