කොරෝනා + අරක්කු

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    කොරෝනා + අරක්කු

    කොරෝනා වයිරසය අපේ රටටත් ඒවිය යන බිය නිසා මේ දින වල අපේ ගෙදර එකම මතවාද පිටියක සිරි උසුලයි.. හතර පෝයටම සිල් ගන්නා , එහෙත් බණ මඩුවේ අහුරුකුක්කෙක් සිටියද ඌව තලා මරා දමන අපේ ආච්චි කියන්නේ ගිය ආත්මයේ මව හෝ පියා වී සිට මේ ආත්මයේ සර්පයන් වී සිටීමට හැකියාව ඇති සර්පයන් ආහාරයට ගැනීම නිසා මෙම රෝගය චීනයට හැදී ඇති බවය.. පසු ගිය දිනක ගමේ වතුර බට ලයින් වලලන්නට ආපු චීන කොම්පැණියේ චීනෙක් සමග අපේ නංගී මගුල් නටන බව සැලවීමත් සමග ඌට කනට ගැසු තාත්තා

    " මොකද පර චීනා තෝ රවන්නේ තෝ මට මොනවා කරන්නද තෝ කොරයි මට"

    කියා කීම නිසා කෝප වූ චීනා උගේ රටට ගොස් අපේ තාත්තා ප්රමුක රටටම වැඩේ කොරන්නං කියා කොරෝනා වයිරසය හදා එවා ඇති බව අම්මාගේ මතයයි ...

    තතු එසේ පවතිද්දී ඇල්කොහොල් හෙවත් අරක්කු බීම මගින් කොරෝනා වයිරසයෙන් බේරීමට හැකි බවට ගමේ මතයක් යාම නිසා ගම පුරා අමුතු ප්රබෝධයක් පැතිරී යන්නට විය .. මෙතක් පඳුරු අස්සේ හැංගි හැංගී සිය කසිප්පු ජාවාරම හොර රහසේ ගෙනගිය ගුණපාලයා දැන් ඉන්නේ තමන් ගමේ ජීවිත බේරන දොසතර කෙනෙක් යන හැඟීමෙනි ...

    "අපි මේ කරන සේවය සුලු පටු නෑ මල්ලි "

    කියා නිකන් ගැම්මට එලිපිට කීම දැන් පොරගේ අලුත්ම හැසිරීමය...

    පොඩි උන්ට පාසලේ වැඩට ගන්නට තියෙන රූප කොල වල අපට පිහිට වන්නෝ කියා තියන පින්තූර වල ඉස්සර තිබුනේ දොස්තර ..පොලිස් මාමා .. හෙදිය .. වගේ අය වුවද දැන් අලුතෙන් එන රූප කොල වල කසිප්පු මුදලාලි මාමා.. සුදු ඇඳ රත්තරන් බිරේස්ලට් එකක් දාගෙන සිටින පොටෝ එකක්ද ඇත..

    හන්දියේ බාර් එක නිසා තරුණ ජීවිත විනාස වන බව කියමින් එය වසා දැමීමට පෙස්සන් ගැසූ ගමේ සුදනන් සෙට් එක දැන් බාර් එක ගමේ සම්පතක් බව අගය කරනු නිතර දැකිය හැක.. කොරෝනා වයිරසයෙන් බේරීමට අරක්කු බීම කලයුතු බව සැලවීමත් සමග අප නිවසේ ඇතිවූයේ ආතල්ම තත්වයකි.. අම්මාගෙන් බලු බැනුම් අහගෙන දර මඩුවට රිංගලා හොරෙන් කාලක් ගහපු තාත්තා දැන් ගල් කාල බොන්නේ ඉස්තෝප්පුවේ ඉඳන් ගැම්මටය .. තාත්තාට ගල් කාලක් ගැනීමට සල්ලි නැති වූ විට අම්මා අමතා .

    " මේ අද මම එද්දි චීනෙක් වගේ එකෙක් හන්දියේදී මම ඉස්සරහා කිඹුහුමක් ඇරියා මම මේ බයේ ඉන්නේ අර වයිරසේ මටත් හැදීලද කියලා.. ඇඟත් රිදෙනවා වගේ "

    කීමත් සමග තාත්තා මලොත් එහෙම නිවසේ එකම ආදායම වන තාත්තාගේ පඩිය නැති වේවිය කියන බයට අම්මා ගෙට ගොස් හංගා ඇති සල්ලි වලින් ටිකක් තාත්තාට දී

    " හා එහෙනං ඔය ගණං අඩු ජාතියකින් බාගයක් ගේනවකෝ "

    කියයි..

    ගෙදරට හොරෙන් අතන මෙතන පොඩි අඩියක් ගහන මල්ලිට මෙම අරක්කු අවුෂධ කතාව එලිපිට අරක්කු ටිකක් මාපියන් ඉදිරියේ බීමට දෙවියන් විසින් දුන් වරමක් මෙන් විය.. හෙන අරක්කු පෙරේතයෙක් වන ඌ දැන් ගෙදරට තාත්තා ගේන බාගෙන් එලිපිටම ෂොට් එකක් නවාගෙන බොරු අප්පිරියාවක්ද මවා පාගෙන

    " අම්මෝ කොහොමද අප්පා මේවා බොන්නේ ... බේතක් නෙවේනං ජීවිතේට බොන්නෑ "

    කියා මූනද ඇඹුල් කරයි.. උගේ බොරුවට රැවටෙන අම්මා

    " මොනවා කරන්නද මයෙ පුතේ මේ රෝගෙන් ගැලවෙන්ඩත් එපෑ.. බෑ නොකියා ඕක බීහං අපට ගින්දර නොදී"

    කියයි.. මල්ලී බෑ බෑ කීමත් සමගම

    " හිටපන් එහෙනං ඕක බොන්ඩ ඔම්ලට් එකක් දාන්ඩ කියා අම්මා ඔම්ලට් එකකුත් ඌට සදා දෙයි...

    වෙනදාට කාගෙන් හරි පින් අඩියක් ගහන්නට අහු උනාම නාග සලං වෙන්නට ගහන සීයා දැන්

    " අනේ හතර පෝයට සිල් ගන්න මට මේ මියෑදෙන්ඩ ඔන්න මෙන්න කියලා තියෙද්දී සුරාමේරේ සිල්පදය කඩන්ඩ වෙච්ච එකම මොන තරං අවාසනාවද්ද.. උඹලා මේ බල කරන නිසා මිසක් මට නං මේ සිල් පදේ කඩලා ජීවත් වෙනවට වඩා සැපයි ඔය කෙලෝනා කියන වයරසෙන් මැරෙන එක අම්මපා"

    කියා කටට අරක්කු වක්කර ගනී.. සුරා මේරේ කඩා දමන සීයා ටිකකින් තෙරේ මේරේ සින්දුවක්ද කියාගෙන ආච්චිට ඔච්චම් කරයි..

    රෝගයෙන් බේරීමට අම්මාට සහ ආච්චිටද හවසට ෂොට් දෙකක් බීමට සිදුවී ඇත.. ෂොට් එක දාන ආච්චි තාත්තට කියන්නේ

    "ලමයෝ ඔය අපි බොනවට වඩා ටිකක් ඉහල එකකින් බෝතලයක් ගෙනත් දෙනවකෝ මට ලොකු හාමුදුරුවන්ට පූජ කරන්ඩ.. උන්නාන්සෙට ඔය වයිරසේ හැදිලා මොකක් හරි උනොත් මේ ගමත් විනාස වෙනවනේ.. අනික අවුසද පූජාව කියන්නේ හතර වරිගෙම නිවන් යන පිනක් නොවෑ කියාය..

    අම්මාට පදම වැරදීම නිසා රෑට උයන පරිප්පු මාලුවට දෙවරක් ලුණු දැමීම .. අල පොතු සමග ඉවීම ආදී දෑද නිතර සිදුවේ... දැන් සවසට අවුශධයක් විදිහට අඩියක් ගහන අම්මා සහ තාත්තා ෆුල් රොමෑන්ට්ක්ය.. වෙනදට

    " මේ ඕයි "

    කියා තාත්තා අමතන අම්මා දැන් අරක්කු බී ආනන්දයට පත්වී තාත්තාට

    සුදු බබී.. සංකොටේ .. සුදාත්ති .ආදී නම් වලින් ඇමතීමද .. වෙනදට

    "මේ ගෑණියේ"

    කියා අම්මාට අමතන තාත්තා වෙරිවී අම්මාට දැන්..

    සුදාම්මි...සුදු මැණික.. සංකුලි කැටේ ආදි ලෙසින් ඇමතීමද සවස් කාලයේ අපේ නිවස සුර විමනක් සේ පෙනීමට හේතු වේ..

    ;ආච්චීද දත් සෙට් එක ගලවා බුහුඌඌඌඌහා .. කියමින් පාරේ යන පොඩි උන් බය කර ආතල් ගැනීමද සීයා වෙරිවී පාරේ යන කෙල්ලන්ට

    "ආ නංගිලා"

    කීමට යාම නිසා බැනුම් ඇසීමද මේ දිනවල සුලබ දසුනකි.. මෙබඳු සුලු සුලු ගැටුම් කාරී තත්ව කීපයක් හැරුනකොට සමස්තයක් ලෙස ගත් කල

    "කොරෝනාවට එරෙහිව අරක්කු "

    යන උදාන පාටය ක්රියාත්මක කිරීම නිසා අප නිවස තුල විනෝද තත්වයක් උදා වී ඇති බව අවසාන වශයෙන් කිව හැක..

    ධනුෂ්ක කාංචන ජයවීර
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    tawa tikak diga una nam anura kumarage kathwak kiyala rawatenawa:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    " මොනවා කරන්නද මයෙ පුතේ මේ රෝගෙන් ගැලවෙන්ඩත් එපෑ..
    බෑ නොකියා ඕක බීහං අපට ගින්දර නොදී"