දවසක් පැල නැති හේනේ ගීතය හැදුන හැටි!

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    දවසක් පැල නැති හේනේ ගීතය හැදුන හැටි!

    දවසක් පැල නැති හේනේ ගීතය හැදුන හැටි!
    මචං රැ නවතින්න බලාගෙන රන්බණ්ඩගෙ කාමරයට වරෙං. සින්දුවකට මෙලඩියක් දාන්න තියෙනව. ඇමතුම ආවේ කපුගේගෙනි. ගීතයකට තනුවක් යෙදීම සුන්දර වැඩකි. මිත්‍රයා තමාගේ මිත්‍ර සමාගමෙහි තරම දන්නා නිසා අවශ්‍ය අඩුම කුඩුම හැකි පමනින් රැගෙන කොටුව තරැණ බෞද්ධ සංගම් ශාලාවෙහි රන්බණ්ඩාගේ කාමරයට කලුවර සමගම ගොඩ වැදුනේය.
    ඒවන විටත් ආනන්ද සහ සිල්වේස්ටර් රන්බණ්ඩා සහ කපුගේ සමග එක්වී සිටියහ. සෑම කෙනෙකුම පාහේ තමන්ට හැකි අයුරින් විවිධ දෑ ගෙනැවිත් තිබුනේ කාගෙ කාගේත් උවමනාවන් දන්නා නිසාය.
    ආනන්ද, කපුගේ සහ රන්බණ්ඩා සර්පිනාවක්ද සමග සුබ කටයුත්ත සඳහා ලක ලෑස්ති වෙති. මිත්‍රයා සහ සිල්වේස්ටර් ගෙනා කෑම බීම සූදානම් කරති. තනුව යොදන පදවැල ගැන දන්නේ රන්බණ්ඩාත් කපුගේත් පමනි.
    සියල්ලෝ රන්බණ්ඩා පදවැල ගැන කෙරැනු හැඳින්වීමට සාවධානව කන්දුන්හ. එය තරමක් දිග ගී පදවැලකි. ගීතයක සීමාවෙන් ඈතට යන වේලාවක් ගතවිය හැකි තරම්ය. මධුවිතෙන් උණුසුම් වෙමින් ඔවුන් ගීතයට අවැසි ලෙස පදවැල කෙටි කර ගත්තේ සැහෙන වෙහෙසක් දරාය. ඒ මධ්‍යම රාත්‍රියත් ගෙවුනු පසුවය. කපුගේත් ආනන්දත් පදවැල දෙස බලමින් සර්පිනවෙන් නික්මෙන ස්වරයනට අනුරෑපවන සේ කඩදාසියක ලියැවී ඇති වචන පෙල ගීතයකට පෙරැලීමේ මහා කර්තව්‍යය නියැලී සිටිති. විවිධ ස්වරයන් විවිධ රාගයන් ඔවුන්ගේ දෙතොල් අතෙරින් ගිලිහෙන්නේ ඉමහත්වූ මිහිරි හඩෙකිනි.
    වෙහෙසත් මධුවිතත් නැගෙන්නාවූ සංගීතයෙහි ලයාන්විත භාවයත් යන සියල්ල එකතුව අපගේ මිත්‍රයා නින්දට ගෙන ගියේය. නින්දේදී පවා සර්පිනාවෙන් ගිලිහෙන්නාවූ ස්වර රටාවන් සමග මුසුවුනු කපුගේ ගේ හඩ මිත්‍රයාට යාන්තමට ඇසුනේ ද ඔහුට කිසිවක් වැටහුනේ නැත. නින්ද විසින් ඔහුව අකර්මන්‍ය කොට තිබුනේය.
    එහෙත් එක නිමේශයක ආනන්ද ඔහුගේ නින්ද බිඳ දමන්නේ ආවේශයකිනි මෙනි. ආනන්දගේ කලබගෑනියෙන් අවදිවන ඔහු දකින්නේ කපුගේ අභිමුව දණගසාගෙන දෑසෙහි කඳුලු පුරවාගෙන සිටින රන්බණ්ඩාය. කපුගේ විලාපයක් සේ "මං එනතුරැ ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ" ගායනා කරමින් ගීතය අවසන් කරද්දී රන්බණ්ඩා කපුගේට වැඳ නමස්කාර කරන්නේ ඔහු බුදුවන බව පවසමිනි.
    සියල්ල සිදුවන්නේ උදෑසන හතරට පහට පමනය. කපුගේ සියලු දෙනා වෙනුවෙන් නැවතත් ගීතය ගායනා කලේය. එය අවසන්වත්ම රන්බණ්ඩා සමග අනෙක් සියල්ලොම ද ඇස්වල කඳුලු පුරවා ගත්හ. කපූගේත් ඇස් කඳුලින් පුරවා ගෙනය. දවසක් පැල නැති හේනේ ගීතය තරැණ බෞද්ධ සංගම් ශාලාවෙහි කාමරය තුලදී ඇසු පලමු රසිකයන් එදා හෙලුවේ සතුටු කඳුලුද නොඑසේනම් කපුගේ ගේ ගායනයෙහි වූ අති සංවේදී භාවය නිසා නැගුනු කඳුලුද එසේ නැතිනම් රන්බණ්ඩා සෙනවිරත්නයන්ගේ පදවැලෙහි වූ සංවේදීභාවය නිසා නැගුනු කඳුලුද එසේත් නැත්නම් මේ සියල්ලගේ එකතුවක්ද යන්න කවුරැන් හෝ දන්නේ නැත.
    දවසක් පැල නැති හේනේ ගීතය හැදුනේ එසේය. ඒ පිටකොටුවේ තරැණ බෞද්ධ සංගම් ශාලාවෙහි කාමරයෙකය. එදා රන්බණ්ඩා සෙනවිරත්නයන් සහ ගුණදාස කපුගේ මානවවාදියා සමග ඒසතුට බෙදා ගත්තේ ආනන්ද පෙරේරා සංගීතවේදියා සහ සිල්වේස්ටර් නම් මිතුරෙකු සමග මේ කතාව කියු මිත්‍රයා වන අද සිවිල් සේවයෙන් විශ්‍රාම ගෙන සිටින අසෝක පීරිස් මහතාය.
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    7160033_orig.gif
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය සින්දුවේ පට්ට තේරුමක් තියෙනවා
    රන්බණ්ඩා සෙනවිරත්න මහත්මයාගේ ජීවිත කතාව කියල කියන්නේ
    මම ආසම "නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා.... බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ...." කියන කොටසට
    එතන හරි ලස්සනට කියල තියෙනවා බිරිඳ ඔහුව දාල ගියා කියන එක, යෝධ ඇලේ නැම්ම තියෙන්නේ සැතපුමට අඟලයිලු මට මතක හැටියට. ඒ කියන්නේ වතුර ගලාගෙන යනවා දැනෙන්නේ නැති තරම්. සින්දුවේ කියන්නේ බිරිඳගේ සෙනෙහෙත් නොදැනීම ගහගෙන ගිහින් කියල.
     
    • Like
    Reactions: HSW

    :yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය සින්දුවේ පට්ට තේරුමක් තියෙනවා
    රන්බණ්ඩා සෙනවිරත්න මහත්මයාගේ ජීවිත කතාව කියල කියන්නේ
    මම ආසම "නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා.... බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ...." කියන කොටසට
    එතන හරි ලස්සනට කියල තියෙනවා බිරිඳ ඔහුව දාල ගියා කියන එක, යෝධ ඇලේ නැම්ම තියෙන්නේ සැතපුමට අඟලයිලු මට මතක හැටියට. ඒ කියන්නේ වතුර ගලාගෙන යනවා දැනෙන්නේ නැති තරම්. සින්දුවේ කියන්නේ බිරිඳගේ සෙනෙහෙත් නොදැනීම ගහගෙන ගිහින් කියල.

    :shocked::shocked: