huththe ascharya![]()
ඇය් එහෙම කියන්නේ කොච්චාර දියුණුවක් ලාබයක් හම්බවෙනවද කියල බලපන්
මෙම නව පර්යන්තයේ ලංකාවේ අයිතිය සියයට 15 ක් පමණි. ඉතිරි සියයට 85 ම අයත් වන්නේ චීන්නුන්ට ය. දියකඩනය නම් ලංකාවට අයිතිය. නමුත් ආදායම් ලැඛෙන්නේ දියකඩනයෙන් නොවේ. වරායේ බඩු ගොඩ බෑම පැටවීමෙනි. ඒ කොටස අයිති චීනාට ය. කොළඹ වරායට හිමි පර්යන්ත වැඩි දියුණු නොකර චීන පර්යන්තය ගොඩ නැගීමෙන් ලංකාවේ වරාය තව තවත් වළ පල්ලට යෑම වැළැක්විය නොහැක. මෙම කලාපයේ වැඩිම නාවුක ගමනාගමනයේ යෙදෙන්නේ චීන නැව් සමාගම් ය. එම චීන නැව් සමාගම් වඩා දියුණු චීන පර්යන්තයට එනවා විනා කොළඹ පැරණි පර්යන්ත වෙත නොඑනු ඇත.
කොළඹ වරායේ ගැන්ටි්‍රයකින් පැයකට ගොඩ බෑ හැක්කේ කන්ටේනර් 15-20 ක් පමණ වන නමුත් නව චීන පර්යන්තයේ ගැන්ටි්‍රයකින් පැයකට කන්ටේනර් 40 ක් ගොඩ බෑ හැකිය. එක වර නැව් දෙකක් ඇතුල් කළ හැකිය. ඒ අනුව තියෙන බිස්නස් එකෙන් විශාල කොටසක් චීන පර්යන්තය අයත් චීන්නුන් වෙත ඇදී යෑම වැළැක්විය නොහැක. ඉන් ලංකාවට ලැඛෙන්නේ සියයට 15 ක් පමණ වන සොච්චමකි.
නව චීන පර්යන්තය විවෘත කිරීමෙන් ඍජු සහ වක්‍ර රැකියා 25000 ක් පමණ උත්පාදනය වන බව කීවද එය විශ්වාස කළ නොහැක්කේ දැනටමත් එහි සේවය සඳහා විශාල චීන්නුන් පිරිසක් ගෙන්වා ඇති බැවිනි. ලංකාවේ අය රැකියා කරන්නේ 50 ක තරම් ඉතා සුළු පිරිසකි.
දැනටමත් වරාය සතුව ඇති විජයකුමරු පාලම, බණ්ඩාරනායක පාලම, නියමු පාලම ආදියේ වැඩ කෙරෙන්නේ නැත. ඒවාට නැව් ගෙන්වා ගැනීමේ සැලැස්මක් ද නැත. වාහන ගෙන්වූ නැව් ටිකද හම්බන්තොට වරායට යොමු කර තිබේ. මේ නිසා කොළඹ වරායේ ආදායම වැටී ඇත.
මිලියන 750 ක් වියදම් කර ලබා ගත් මෙහෙයුම් පරිඝනක පද්ධතිය අඩාල වී ඇති අතර දැන් වැඩ කරන්නේ යළි මැනුවල් ක්‍රමයට ය. උපකරණ නඩත්තුවක් නැත. නැව් වරාය වෙත ඇදගෙන එන ඓරාවන නම් ටග් බෝට්ටුව වසර 4 කින් අලූත්වැඩියාවක් කර නැති අතර එය අබලන් වීම නිසා ඉන්දියාවෙන් ටග් බෝට්ටු 2 ක් දිනකට ඩොලර් 5000 ගානේ කුලියට ලබා ගත්තේය. මේවා කරන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට නොවේ. හිතූ හිතූ ගණන් කොමිස් ගසා කෑමට පමණි.







