දවසේ ලොකුම විහිලුව !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දවසේ ලොකුම විහිලුව !!!

    30.jpg

    ලංකාවේ ඇමතිවරුන් විසින් දිගින් දිගටම ගොන් කතා කියාගෙන කියාගෙන යන ආකාරය පසුගිය කාලය පුරාම අප දුටිමු. බන්දුල ඇමතිවරයා හරියට මහදැන මුත්තා වගේය. අලුතින්ම විහලු කරන්නට පටන් ගෙන ඇත්තේ මහබැංකු අධිපතිතුමායි.

    "ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 දක්වා වැඩි කරනවා" :rofl::rofl:

    පසුගිය වසරේ ආර්ථික කරුණු ඇතුළත් මහ බැංකු වාර්ෂික නිල වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (09) පස්වරුවේ ඉදිරිපත් කර තිබේ. එය ශ‍්‍රි ලංකාවේ 62 වන වාර්ෂික මහ බැංකු වාර්තාවයි.

    මාස හතරක කාලයක් ඇතුළත පසුගිය වසරේ වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායට අනුව සිදු කෙරේ. වාර්තාව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපතිතුමා වෙත භාර කර ඇති අතර ආර්ථික වර්ධනය මහ බැංකුව ක‍්‍රියාත්මක කළ කටයුතු සහ නව ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ සවිස්තර තොරතුරු එහි ඇතුළත්ව තිබේ.

    ඒකපුද්ගල ආදායම ඇමරිකා ඩොලර් 4000 ඉක්මවීම ශ‍්‍රී ලංකාවේ අරමුණයි. ඒ වෙනුවෙන් රජයට පැහැදිළි ඉලක්කයක් ඇතැයි මහ බැංකු අධිපතිවරයා කියා සිටී. වර්ෂ 2015 වන විට ඇමරිකා ඩොලර් හාරදහසේ ඒකපුද්ගල ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකිවන බවද භෙතෙම සඳහන් කරයි.


    Source: 3Mana
     

    Similar threads