දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය👀🤧🙆‍♂️🤒❄️

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,345
    2,543
    113
    1736143878496.png
    අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

    හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කර ඇත.

    මේ අතර පවතින ශීතාධික කාලගුණ තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ රැසකටම බලපෑම් එල්ල වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 11ක පමණ අගයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ කිහිපයක මෙහෙයුම් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

    මේ හේතුවෙන් මැන්චෙස්ටර්, බර්මින්හැම් ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයකම ධාවන පථ තාවකාලිකව වසා දැමීමට ද සිදුව ඇති බව සඳහන්ය.

    උතුරු දිග එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර 25ක පමණ හිමපතනයක් සිදුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මේ අතර ජර්මනියේ ද පවතින අධික හිම සහිත තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

    Source : https://sinhala.adaderana.lk/news/205069
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,345
    2,543
    113
    ලෝකේ පැවැත්ම දැන් ඔක්කොම කණපිට ගහගෙන එන්නේ
    අබුද්දස්ස කාලෙ වෙන්න ඇති 😞

    Iye kemrima hima wessak set une
    Angal ganak usata layer ekak hedila ge issaraha
    Canada ? USA ?
    ------ Post added on Jan 7, 2025 at 10:47 AM

    දෑන් මෙහේ පාරවල් වල එහෙම හිම නෑහෑ කෑරි හිම ටික ඈමරිකාව පෑත්තට ගිහින් අනේ හොදයි🤣🤣🤣
    Europe ?
    ------ Post added on Jan 7, 2025 at 10:48 AM
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,345
    2,543
    113
    lankaweth giya aurudu wala me kale patta rasnei, eth dan udeta mata seethalaine bn
    ඔව් උදේට විතරක් නෙමෙයි සමහර දවස් වලට 6න් පස්සෙ වගේ ටික ටික රෑ වෙන්න එලියෙ සීතලක් තියෙනව.

    මෙහෙත් හෙනට හිම බං.... 😱





    කියලා හිතං ඉන්නවා
    වත්තෙ පුලුන් ගහක් ඇති එහෙනං :P
    ------ Post added on Jan 7, 2025 at 11:34 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,831
    6,606
    113
    අබුද්දස්ස කාලෙ වෙන්න ඇති 😞


    Canada ? USA ?
    ------ Post added on Jan 7, 2025 at 10:47 AM


    Europe ?
    ------ Post added on Jan 7, 2025 at 10:48 AM
    යුරෝප් බන්
    නෝඩික්

    හිම කැරකෙනවා බන්
    පේස් මාස්ක් එකක් නැතිව ගියේ්‍
    හම්මට මූණට කටු අනිනවා වගේ බන්
    ඒ මදිවට හුලඟ
    මේ රටවල් අනික් හැමදේකින්ම සුපිරි
    මේ උකන කාලගුණේ නම් මට තිත්තයි මේ ටික කාලෙට
    ඉර එලිය විතරයි
    අව්වක් ඇගට රස්සනයි කියලා ආසාවකට දැනිලා නෑ දැන් මාස 3කින් විතර
    ලබන අවුරුද්ද දිහාට විටමින් d ගහන්න වෙයි වගේ
     
    • Sad
    Reactions: Irugal_Bandara