දශක හතරකට පෙර ලිබියාව...

hiruclassic

Active member
  • Dec 25, 2008
    107
    25
    28
    දශක හතරකට පෙර ලිබියාව...

    15665859_10211905561295273_6245099281288930025_n.jpg

    මෙම ලිපිය පළ කිරීමට අවසර ලබා දුන් සේපාල ඒකනායක මහතාට ප්‍රණාමය..
    27 නොවැම් 2011 ඉරිදා ලංකාදීප පුවත්පතෙහි ලිපියකි

    "අපි හරියට ළිං මැඩියො වගෙයි" 8 හෝ 9 වෙනි පන්තිවලදි මගෙ දුව මට එල්ල කල චෝදනවකි ඒ." ළිං මැඩියො වගෙ ඉන්න එක කොච්චර හොදද? බාහිර ප්‍රශ්න කිසිම දෙයක් නෑනෙ" කියල මම කිව්වා. උසස්පෙල කරන විට ඒ චෝදනව වෙනස් කල ඇය, මානව හිමිකම් ගැන කත කරමින් මට චෝදනා එල්ල කරන්න පටන් ගත්ත.

    පන්තියක් පසුපසින් සිටි ඇයගේ සහෝදරයාත් මේ වනවිට අක්කට මුක්කු ගහන තත්ත්වයකට පත්වුනා.ඇයට සහ මල්ලිට ඔවුන් කැමති රූපවාහිනී වැඩසටහන් නැරඹීමට හෝ කැමති ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රවනය කිරීමට අවසර නොතිබුනි. රූපවහිනියක් අපේ නිවසට ගෙනාවේ දෙදෙනාම උසස් පෙල කරන විටදීය. චිත්‍රපටවලටත් නාට්‍යවලටත් වාරණ පනවා තිබුනි. පුවත්පත් සගරා පොත්පත් ආදිය කියවීමට ලබුනේ අනුමත කිරීමෙන් පසුවය.

    යායුතු තැන තීරණය කලේද මා විසිනි. ඇතැම් විට පහරක් කන හරහා වැදුනු විට දුව කීවේ " තාත්තා දන්නවද කෙනෙකුට පහර දීම දඩුවම් ලැබිය හැකි වරදක් බව? පොලීසියට හරි උසාවියට හරි ගියත් තාත්තට දඩුවම් කරාවි. තාත්තා හරියට හිට්ලර් වගේ නේද මල්ලී? " කී ඇය මල්ලීගෙන්ද වචනයක් බලා සිටින්නීය. ටික වෙලාවක් ඔවුන් මගහැර සිටින මා, උශ්ණත්වය අඩු වූ විට නැවතත් සුපුරුදු මිත්‍රකමට පත්වෙනවා. කොහොම වෙතත්වයස අවුරුදු 18ක් පමන වෙනතෙක් අප නිවසේ ප්‍රජාතන්ත්‍රවදයේ මූලික ලක්ශණ බොහොමයක් නොතිබුනි. මානව හිමිකම්ද නොතිබුනි. ඒ හේතුවෙන්ම ඔවුන් දෙදෙනාම මේ වනවිට තම අනාගතය දීප්තිමත් කරගෙන ඇත.

    ටියුනීසියාවේ සිට දකුනු අප්‍රිකාවේ කේප්ටවුන් දක්වා 1974දී මම තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග වාහනයකින් ගොඩබිම හරහා ගියෙමි. මාර්ගය වැටී තිබුනේ ලිබියාව හරහාය. ටියුනීසියාව පසුකර ලිබියාවට ඇතුලු වූ විට දැවැන්ත වෙනසක ආරම්භයක් අපි දුටුවෙමු. පකිස්තාන ඉන්දුනීසියානු බන්ගලාදේශ පිලිපීන සහ කුමන රටකට අයත්දැයි නොදන්නා කලු ජාතිකයින්ද දස දහස් ගණනින් තැනින් තැන කුඩා නගරවල සහ ගම්මනවල දුටුවෙමු. කූඩාරම් අටවාගෙන සිටි ඔවුන් අසල දැවැන්ත ඉදිකිරීම් යන්ත්‍ර විය. නියත වශයෙන්ම ලිබියානු ජනයාට වඩාවැඩි විදේශ ශ්‍රමික ජනගහනයක් එහිඩී අපි දුටුවෙමු.

    කෙනෙකුට සිතා ගැනීමටත් අපහසු දැවැන්ත සOවර්දන ක්‍රියාවලියක් ඉදිරියට යන බව අපට අවබෝද විය. අප පසු කල ටියුනීසියාවේ නගර සහ ගම්මාන හා සැසදීමේදී මෙය විශාල වෙනසකි. ලිබියානු දේශසීමාවට ආසන්නව තිබූ ටියුනීසියානු නගර සහ ගම්මනවල තැනින් තැන අවුරුදු 30ක පමණ තරුණයෙකුගේ ඡායාරූපයක් අප නෙත ගැටුණි. ලිබියවේ සෑම තැනකමත් තිබුනේ ඒ ඡායාරූපයමයි. ඒ කර්නල් ගඩාෆිගේ ය.

    බෙන්ගාසි ට්‍රිපොලි වැනි නගර තරමක් දුරට සOවර්දනය කර තිබූ අතර ඉදිකිරීම් නොකඩවා දැඩි වේගයකින් කරගෙන යන අයුරු අපි දුටුවෙමු. අනෙකුත් බොහොමයක් තැන්වල අප දුටුවේ විදුලි බලය, ජල පහසුකම්, දුරකතන හෝ මාර්ග පහසුකම් නොමැති නගර හෝ ගම්මනයන්ය. මැටියෙන් තනා තිබුනු කුඩා නිවෙසක උස අඩි 8ක් පමන විය. පාසල්, රෝහල්, රජයේ කර්යාල හෝ තිබුනේනම් ඒ ගම්මාන කිහිපයකට එක බැගිනි. පොලීසිය වැනි ආයතන තිබුනේ ප්‍රාථමික මට්ටමේය. ඔවුනටම ආවේණික බ්ලැන්කට් එකක් වැනි දෙයකින් ඇග වසාගෙන පිරිමි අය සිටි අතර කිසිම තැනකදී කෙල්ලෙක් හෝ ගැහැනුන් නොදුටුවෙමු.

    මා දුටු ආකරය නිවැරදිනම්, භූමියෙන් 90%ක් පමණ වැසී පවතින්නේ කර්කශ දේශගුණය සහිත කාන්තාරවලිනි. මධ්‍යධරණී මුහුදු තීරයට ආසන්නව තිබූ තැන්තලා තීරුව තරමක් සුවදායක ප්‍රදේශයකි. ගස්කොලන් සහ වගාද දුටුවෙමු. ඒ වනවිට දකුණු අප්‍රිකා, කෙන්යා සහ රොඩේෂියාව ලිබියාවට වඩා දියුණු තත්ත්වයක තිබිණි. ඒත් කෙටි කලකින්ම ඒ රටවල් අභිබවා ලිබියාවට අංක එකට පැමිණීමට හැකි විය.

    බටහිර මාධ්‍ය විසින් බෞතීස්ම කළ "ලිබියන් විප්ලවය" රූපවාහිනියෙන් දුටු විට සටන් බිමේ පෙනෙන්නට සිටියේ අවුරුදු 30ට අඩු තරුණයන්ය. මීට අවුරුදු 40කට පෙර ලිබියාව කෙබඳු රටක් වශයෙන් තිබුණේද කියා මේ තරුණයින් තමන්ගේ පියාගෙන් හෝ සීයාගෙන් විමසුවානම් ඔවුන් ඔවුන්ටම දඬුවම් කරගන්නවා ඇති. මොකක් හෝ හේතුවක් නිසා එය එසේ සිදුවී නැත

    ප්‍රජාතනිත්‍රවාදය ඉල්ලා සටන් මේ තරුණයින්ගේ එක් චෝදනාවක් නම් ගඩාෆි සහ ඔහුගේ පවුල හොර දෙටුවන් බවය.දැන් ඒ පවුල ලිබියාවේ නොමැත.තව ටික දිනකින් අංග සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇමරිකාව ඇතුලු බටහිර රටවලින් ඔවුනට ලැබෙනු ඇත. දේශපාලන නිදහස, දේශපාලන පක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයෙක්, ජනබලය, පාර්ලිමේන්තුවක් ආදී නොයෙකුත් දේවලින් ඔවුන් සන්නද්ධ වේවි. ඊට පසු හොර තක්කඩි ගඩාෆි පවුල වෙනුවට ඒ වගේ හෝ ඊටත් වඩා දුෂ්ඨ පවුල් සිය දහස් ගණනක්ද ලැබෙනු ඇත. මෙතෙක් කල් නොමිලේ ලැබුන අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිය, ගෑස්, වතුර, නිවාස සහ පොලී රහිත ණය ආදිය ප්‍රජාතන්ත්‍රවාදය විසින් ටිකෙන් ටික ගිලගනු ඇත.

    දුටුගැමුණු, පරාක්‍රමබාහු, කීර්ති විජේබාහු වැනි පාලකයින් බලය ලබාගත්තේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට නොවේ. මේ අය අතිනුත් මිනිසුන් දහස් ගණනින් මැරුම් කෑ බව ඉතිහාසයේ පේලි අතර ලියැවී තිබෙනවා. ඒත් මේ රටේ ඇති වැව් අමුණු, වෙහෙර විහාර, කලා ශිල්ප දකින විට එදා ඔවුන් මේ රටට කර ඇති සේවය කොපමණදැයි කියා අපට හිතා ගැනීමට පුලුවන්. ඒ රජවරුන් ද්‍රෝහීන් හැටියට එදා සිටි සමහරු දකින්නත් ඇති. නමුත් අද අප ඔවුනට ගරු කරන්නේ ජාතියේ පිනට පහළ වූ පාලකයන් වශයෙනි.

    අද ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් තිබෙන රටවලින් සුලු ප්‍රමාණයක් හැර බහුතරයක් රටවල මිනිසුන් දහස් ගණනින් මරණයට පත් වේ. නමුත් එය ඒ තරම් ප්‍රශ්නයක් නොවන්නේ ඒ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නිසයි. ප්‍රශ්නය වන්නේ ගඩාෆි වැනි ආඥාදායකයකු අතින් මිනිසුන් මරණයට පත්වූවොත් පමණි. ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව ගඩාෆි හැදූ ලිබියාවත්, ප්‍රජාතන්ත්‍රවාදී අප රටත් සංසන්දනය කළ විට දෙකේ වෙනස අපට තේරුම් කරගන්න පුලුවනි. කිසියම් දවසක තෙල් අවසන් වුනත් ලිබියවේ මිනිසුන්ට ජිවත් වීමේ මාර්ග ගඩාෆි නිර්මාණය කර ඇත. අස්වාභාවික ගඟක් ඔහු නිර්මාණය කලේ ඒ අදහසිනි. මේ මහා ජලකඳ නිසා ගොවිතැනට පමනක් නොව එදිනෙදා පරිභෝජනයට පවා ජලය ලැබෙන්නේ නොමිලේය

    ජාතික කොඩිය ඉණ වටා ඔතාගෙන නාන කාමරයට ගොස් නැවත සිල් රෙද්දක් ඇදගෙන එලියට පැමිණ කැමරාව ඉදිරිපිට හෝ ජනතාව ඉදිරිපිට පෙනී සිටි කෙනෙක් නෙමේ ගඩාෆි. සිනහවක් නොමැතිව, ආඩම්බරකාර මුහුණක් ඇතිව ජනතාව අතරට ගිය කෙනෙකි ඔහු. කිසිඳු රටකට, බැංකුවකට, ජාත්‍යන්තර ආයතනයකට හෝ සතයක්වත් ණය නැති ජාතියක් සිටින රටක් බවට ඔහු ලිබියාව පත් කළ නිසා ඒ ගැන ආඩම්බරයක් ඔහුගේ සිරුරේ නහර පුරා දුවන්න ඇති.

    කෙනෙකුට හිතාගන්නවත් බැරි අනේකවිධ දුක් කම්කටොලු මැද අපේ රටේ බහුතරයක් සතුටෙන් ඉන්නේ අවුරුදු 60කටත් වඩා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ නිසයි. රස්සාවක් නොමැතිව හෝ තිබෙන රැකියාවට සරිලන පඩියක් හෝ නොලැබෙන මේ රටේ මිනිසුන් සතුටින් සිටින්නෙත් අන්න ඒ නිසයි. මේ රටේ සෑම පුරවැසියෙකුම රුපියල් ලක්ෂ 3කට වඩා ණයගැතියි. නිවසක පස්දෙනෙක් සිටිනවානම් ලක්ෂ 15කට වඩා ණයගැතියි. ඒ තමන්ගේ නිවස හදන්න හෝ වෙනත් පෞද්ගලික කාරණාවකට ගත් ණයක් නොවෙයි. මේ ණය අපි රජයට බදු වශයෙන් ගෙවිය යුතුයි. රජය විදේශවලට ඒ ණය ගෙවනවා.මේ රටේ රජය විසින් ගත් ණයයි අපි මේ ගෙවන්නේ. ඒත් ඒ ගැන අපට දුකක් නැත්තේ අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසයි. දරුවන්ට පාසල් නොමැත. උසස් පෙළ සමත් අයට විශ්ව විද්‍යාල නොමැත. විශ්ව විද්‍යාල වලින් පිට වූ අයට රැකියාවක් නොමැත. ඒත් ඒ ගැන අපට දුකක් නැත්තේ අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ නිසයි.

    ජීවත්වන්නට සුදුසු නිවසක් නැත. ඒ නිවසට යන්න මාර්ගයක්ද නැත. විදුලිය හෝ ජල පහසුකම්ද මේ නිවසට නැත. අඩු තරමින් වැසිකිලියක්ද නොමැත. ලෙඩට බෙහෙත් ගන්න සල්ලිත් නැත. රෝහල් ගොඩනැගිල්ලද දිරාපත් වෙමින් පවතිනවා. එහි දොස්තර කෙනෙක්ද නැත. ඒත් ඒවා අපට පෙනෙන්නේ නැත. අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකයි.

    ගැහැණු ලමයෙකුට තියා වයසක ගැහැණියකටවත් තනියෙම පාරේ බැහැල යන්න හෝ දොර වසාගෙන හෝ සිටින්නට මේ රටේ වාතාවරණයක් නැත.ඒත් ඒවා අප ඒතරම් ප්‍රශ්නයක් කර නොගන්නේ අප ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදින නිසයි. වෙනසකට ඇත්තේ ආඥාදායක ගඩාෆිගේ පාලනය යටතේ පැවති රටේ ඉහත කී දේවල් සිදු නොවීමයි. ඒත් ගඩාෆි හොඳ නැත. හේතුව ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවන නිසයි.

    ගඩාෆිගේ පවුල රටින් පිටවන විට ගෙන ගිය රත්‍රන් වල බර ටොන් 60කි. සී.එන්.එන් සහ බී.බී.සී. වාර්තාකරුවන් ලොවට ඒ බව පැවසුවේ ඇතැම් විට රත්‍රන් තොගය කිරන විට තරාදිය අසල ඔවුන් සිටි නිසා වෙන්න ඇති. අඩි 20ක් දිග කන්ටේනර් පෙට්ටියක පැටවිය හැකි උපරිම බර ටොන් 20කි. ඒ අනුව අඩි 20ක් දිග කන්ටේනර් පෙට්ටි 3ක මෙම රත්‍රන් තොගය ගබඩා කර තබන්න ඇති. ටොන් 60ක් නොවෙයි, ගඩාෆි ලිබියාවට කළ සේවය වෙනුවෙන් ටොන් ලක්ෂයක් දුන්නත් මදි.

    මෑත කාලීන ඉතිහාසය ගැන පොතක් ලියන අවංක මිනිහෙක් හේතු කිහිපයක් නිසා ගඩාෆි ගැන කිසිවක් සඳහන් නොකර පිටුවක් පොත් මැද හිස්ව තබාවි. ඇමරිකාව ඇතුලු බලවත් රටවල් දිනෙක දුර්වල තත්ත්වයකට වැටුනු විට, කිසියම් පුද්ගලයෙක් ඒ හිස් පිටුවේ ගඩාෆිට හිමිතැන ලියා තබාවි

    Sepala Ekanayaka
     
    • Like
    Reactions: Vandetta

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලිබියාව නැති උනත් මොකද ගඩාෆි ගෙදර යැව්වනෙ. ...... මීට ලිබියාවේ වැසියෙක්.